Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

Bakes By Bella

26, Col. T G Jayawardena Mawatha, Colombo 03

Bakes by Bella has come a long way, from starting off as a little home baker to now having a full-blown delicatessen in Colpetty.

එදා ඉරිදා දවසක්. ඒ සතිය පුරාවටම තිබුණු ඉවරයක් නැති විභාග, පැවරුම් අනං මනං නිසා අපි කට්ටියම හොඳටම හෙම්බත් වෙලයි හිටියේ. ගෙදර යන්න කලින් මොනවහරි පැණි රස දෙයක් කන්න ඕනෙකම අපි හැමෝටම තිබුණා. ඒ ළඟ පාත තිබුණු Bakes by Bella එක පැත්තට අපි ඇදුණේ ඒකයි.

වාතාවරණය

Bakes by Bella පිහිටලා තියෙන්නේ ලිබර්ටි ආකේඩ් එකේ දෙවැනි මහලේ  දකුණු පැත්තේ කෙලවරේ. කේක් වර්ගවලින් හැඩ වැඩ දාන මේක බොහොම පුංචි කඩයක්. වැඩි ඉඩකඩක් එහෙම නැහැ. බිත්තියටම අල්ලපු මේස දෙකකුත්, පුටු කිහිපයකුත් තියලා තියෙන නිසා, හය හත් දෙනෙක්ට එක සැරේට වාඩිවෙලා මේකේ තියෙන කෑම වර්ග රස විඳින්න පුළුවන්.

පොඩි ඉඩක් තියෙන තැනක් වුණත්, මෙතැනට ගියාම අපට දැනුණේ හරිම සැහැල්ලු ගතියක්. පුංචි එවුන්ට වගේ පාට කරන්න පුළුවන් විදියේ පින්තූර පොතකුත් මෙතැන තිබුණා. ඉතින් අපේ ඕඩරේ  දීල ඉන්න ගමන් අපි කළේ මේවා පාට කරන එක තමයි.

කෑම බීම

Bakes by Bella එකේ මෙනු එක ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකයි. ඒ කේක් ෂේක් (Cake Shakes) සහ ක්ලැසික් ජාර්ස් (Classic Jars). මේ හැරුණාම, චොකලට් බ්‍රව්නී වගේ දේවලුත්, තව බීම වර්ග කිහිපයකුත් මෙතැනින් ගන්න පුළුවන්.

ක්ලැසික් ජාර්ස් වර්ග අතරින් අපි තෝරාගත්තේ Oreo and Cream (රු.450) එකකුයි, S'mores (රු.500) එකකුයි. මාත් එක්ක මේ ගමන ගිය යාළුවට ඔරියෝ බිස්කට් ගැන තියෙන්නේ පුදුම කෑදරකමක්. ඉතින් ඒ නිසා එයා බොන්න ගත්තෙත් ඔරියෝ කේක් ෂේක් (රු.750) එකක්. මම කට්ටකමටම Peanut Butter and Jelly (රු.700) කේක් ෂේක් එකක් ඕඩර් කළේ ඔන්න ඔය හේතුව නිසාමයි. මොකද නිකමට හරි ඔරියෝ බිස්කට් ගෑවිලා තියෙන දෙයක් මමත් ගත්තා නම් මේ උන්දැගෙන් ඒක බේරගන්නවා බොරු.

ඔරියෝ බිස්කට් නම් ඕනේ දේකට හා කියන ජාතියේ යාළුවෙක් ඔයාලට ඉන්නවනම්, එයාට කියාපු අතුරුපසක් තමයි මේ Oreo and Cream ජාර් එක. මොකද මේක සම්පූර්ණයෙන්ම පුරවලා තිබුණේ ඔරියෝ කේක්, බිස්කට් සහ නටෙලාවලින්. ඔරියෝ විතරක් නෙවෙයි ඉතින්, නටෙලා කිව්වොත් ගෑවුණු තැන කන්න ලෑස්ති අයටත් මේක නියමයි.

S'mores ජාර් එකේ උඩින්ම තිබුණේ ලාවට කර කරපු මාශ්මෙලෝ ටිකක්. ඊළඟට තිබුණේ චොකලට් පුඩින් පුරවපු තට්ටුවක්. යටින්ම තියෙන බිස්කට් කුඩු ටිකත් එක්ක මේ සේරම අනලා ගත්තම එන්නේ පට්ට රසක්. ඕනෙවට වඩා වැඩි සීනි රසක් මේකේ නොතිබුණු නිසා චොකලට්වල රස හොඳින්ම දැනුණා අපට මේකෙන්. ඔයත් චොකලට් පුඩින්වලට කැමති නම්, මේ S'mores ජාර් එකේ රසට කැමති වෙන වග නම් කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන්.

තද පීනට් බටර් රසක් තිබුණු Peanut Butter and Jelly කේක් ෂේක් එකේ තියෙන රෝස පාට අරගෙන තිබුණේ, ඒකට දාලා තියෙන ජෙලි එකෙන්. ජෙලි රසක් විශේෂයෙන් කියලා නොදැනුණත්, මේකෙත් රස හොඳයි.

ඔරියෝ කේක් ෂේක් එක නම් කතා දෙකක් නැහැ පංකාදුයි. ඔරියෝ බිස්කට්වලින් හදපු මේ කේක් ෂේක් එක මතුපිටින් තවත් කෑලි කඩපු ඔරියෝ බිස්කට් ටිකකුත් දාලා තිබුණා. උගුර කූල් වෙන ගානට සීතල කරපු මේ බීම එක බඩට යද්දී, අතරින් පතර ලාවට කරස් සද්දෙන් හැපෙන බිස්කට්වලින් එන්නේ නියම රසක්.

පීනට් බටර් කේක් ෂේක් එක ඕඩර් නොකර, මාත් මෙයින් එකක්ම ගත්තා නම් කියලා හිතුණු වෙලාවල් අනන්තයි, අප්‍රමාණයි. ඒත් ඉතින් මොනවා කරන්නද? ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දගන්න බැහැයි කියලා හිතලා මම හිත හදාගත්තා.

සර්විස් එක

කවුන්ටරේ පිටිපස්සේ උන්නු පොඩි කොල්ලෝ දෙන්නා නම් මරු. හරිම සුහදශීලියි. මෙනු එකේ තියෙන දේවල් ගැනත් හොඳ අවබෝධයක් තියෙනවා. බොහොම පිළිවෙලට අපේ ඕඩරේත් ලෑස්ති කරලා දුන්නා.

අවසාන වශයෙන්

අවසාන වශයෙන් අපට කියන්න පුළුවන් මෙන්න මේ වගේ දෙයක්. කේක් ෂේක්වල රස හොඳ බව ඇත්ත. නමුත් හම්බෙන ප්‍රමාණයත් එක්ක සළකලා බැලුවම නම් පොඩ්ඩක් විතර ගාණ වැඩියි. ඒත් ක්ලැසික් ජාර්වලින් නම් ගෙවන ගාණට උපරිම සාධාරණයක් ලැබෙනවා. නිවිහැනහිල්ලේ ඉන්න වෙලාවක, කේක්වලින් වැඩ දාපු අතුරුපසක රස බලන්න යන්න හොඳම තැනක් විදියට Bakes by Bella හඳුන්වන්න පුළුවන්. හැබැයි ඉතින් ඩෙසට් එක ඩයට් එක කරගන්න ගිහින් සීනි අමාරුව හදාගන්න එහෙම එපා ඕං.

TIP

Try their cake shakes, you're in for a (very filling) treat.

Address

26, Col. T G Jayawardena Mawatha, Colombo 03

Directions

It's a bit of a maze, but head on into Alfred House Avenue and they're on the left side of the main lane.

Contacts

Instagram

Report Inaccuracy

Similar Places

User Reviews
J
1

1/5

0

Jayfern

I had a strange experience . I walked into BBB and ordered a coffee . When i sat down and was waiting for my coffee. I overheard a lady half whispering to my server behind the counter , "don't give your name " . I looked up and saw the lady glancing at me . Just wondering if that was directed at me and why? Really rude and unnecessary. The coffee was good but this experience left me feeling awkward and uncomfortable.

Avatar for Binu
1

3/5

0

Binu

BBB is a pretty nice place to hangout however in my opinion is a bit overrated.
Yesterday I went there with 3 of my friends and we were pretty lucky cuz the couch in the corner was free. I just love it there. You could hangout at BBB for hours and not get bored cuz of the book rack in the corner. A smart move considering that the customers wouldn't get that pissed when their orders arrive late cuz there's plenty of stuff to distract yourselves with.
We ordered just three cakeshakes (Nutella, Fudge Brownie, Red Velvet) and a Banana Smoothie but they took over half an hour to serve the order. The Red Velvet arrived even later and I actually thought for a moment they forgot all about us. Considering that it wasn't even a rush hour, I would give 1/5 for service.
Banana Smoothie was pretty basic and I wouldn't recommend it to any one.
Fudge brownie and the Nutella aren't great either but you could try them just for the experience. You don't find cakeshakes everywhere ;)
The taste of the Red Velvet #myfav though never disappoints me. This, I highly recommend.
All in all BBB is a chill spot to hangout. Definitely go there if you haven't been but mind you just don't go in with the highest of expectations. It IS kinda overrated.

M
2

3/5

0

Maheshika

The first time I went to Bakes by Bella, me and my boyfriend was surprisingly satisfied with the decor, atmosphere and the food and coffee. We shared a cappuccino and a apple based cake/bruder like cake with two scoops of vanilla ice cream that was displayed on the counter. We both loved it! The second time we went, it was crowded with the weekend folks and we ordered a "cinnammonbon" along with a cappuccino. They forgot to serve the cinnammonbon until I spoke to one of the staff. When it was served, the bun was overheated, burnt my tongue and became stiff and dry!
I understand that when you get busy, mishaps can happen but if you want to maintain the quality and wonderful buzz that's there, then this sort of thing cannot happen.

H
1

5/5

0

hannah1998

what time do they open?? cuz i honestly cant remember

M
1

5/5

0

MDeen

Bakes by Bella - The Best in Town

I
4

2/5

0

imajeed

Foodwise, the "Chicken of the Sea" (Rs 750) that was described as smoked salmon, rocket leaves and cream cheese, also featured onions, tomatoes and cucumber. The unnecessary ingredients took away from the smoked salmon, despite the generous amount. I pulled them out and ate it, so. Shape.

Ambience unwise, the inspiration quote tiles were a bit noisy in all their peppy positivity, and the music was dece but totally out of place. I somehow imagined this would be the type of place that would play Ed Sheeran.

Service wise they seemed alright. The waiter asked how the food was after, I just wished he had mentioned the onions when I placed the order.

V
1

2/5

0

vikiD

not sure if it was just for us, but the waffles had no taste

See 16 Comments