Artwork for Brew-at-Hatch-Top Banner 2 A
Artwork for The Garden top banner 2 -20 April 2021
Artwork for PMF Ifatr Sidebar banner 1

3/5

Balaji Dosa (Kirulapone)

77, Taxila place, Colombo 6


The Colombo branch of the popular local dosa chain.



විශ්විගෙ ආරාධනාවෙන්, අපේ කැමැත්තෙන්..

ඔන්න සතියක්ම පස්සට ගිහිල්ලා හරි අපි වැඩේට සෙට්වුනා!

ම්.. කෙලින්ම ගෙදරි සිට පික්මියෙන්, කිරුලපන බෝගහට නුදුරෙන්..

“ඒ.. අපි ඇවිල්ලා ඉන්නෙ බං. මේ.. පරණ සුපර් මාර්කට් එක ඉස්සරහ”

“ආ.. හරි හරි එතන තමයි. පාරෙ අනික් පැත්ත බලාංකො. ‘බලාජි’ කියලා ගහලා තියෙනවා”

‘කිරි අප්පට හැබෑ නේන්නං. මේ තියෙන්නෙ..’

“ඉඳාං ඉඳාං. ප්ලේස් එක දැක්කා. පාර පැනලා එන්නං”

කියල හිටං ඔන්න ඊට පොඩ්ඩක් ඉස්සරහට වෙන්න තිබ්බ කහ ඉරෙන් පාරත් පැනලා.. පඩිය දෙකත් නැගලා කඩේට ගොඩවුනා.

ගොඩවෙලා ඉතින් දන්නැද්ද.. මීටරේ පරතරය තියෙන්න ඔ්න නිසා තව මේසයකුත් ලං කරගෙන, පුටු ඈතින් තියාගෙනයි වැඩේට බැස්සෙ. කොහොමහරි සෙනඟක් හිටියෙ නැති නිසා අපිට පුලුවන් වුනා සනික ඔ්ඩරේ දාන්න..

මෙනුව බලල කරලා එහෙම, අපි ඉතින් දන්නැද්ද.. 

හරි හරියට, එතනට ආපු සේවක මල්ලිට කිව්වා. චීස් මසාලා තෝසෙ එකයි (රු. 550), ගී මසාලා තෝසෙ එකයි (රු. 300), පූරි සෙට් එකයි (රු. 150), කාරා තෝසෙ එකයි (රු. 300). ඒ අතරට බීමට ස්වීට් ලැසි එකයි (රු. 120), මසාලා චායි එකයි (රු. 100).

ආහ්, නිකම්.. තෝසෙ කෑව ගතිය එන්නෙ නැති නිසා සයිඩ් එකෙන් උලුඳු වඩයකුත් (රු. 70) ගෙන්න කිව්වා.

කියලා ඔන්න විනාඩි 5කට විතර පස්සෙ, මෙන්න බොලේ තව සේවිකාවකුත් ඇවිල්ලා ආයෙත් ඔ්ඩරේ අහනවා. මම ෆුල් අන්දුන් කුන්දුන්. කොහොමහරි පටලව ගන්නෙ නැතුව ඔ්ඩරේ කිව්වා. බැලින්නම් වෙලා තියෙන්නෙ අර සේවක මල්ලිට සිංහල බැරි සිද්ධියක්.

ඒ කොහොම වුනත් හැබැයි..

කෑමටික මේසෙට එන්න නම් ඒ හැටි වෙලාවක් ගියේ නෑ. පළවෙනි තෝසය.. ගී මසාලා,

විනාඩි 5ට මේසෙට. ඒ විතරක් නෙවෙයි, ඒ පටන් ගත්ත පටන් ගැනිල්ල කියන්නකියන්නෙ හරි හරියට සියල්ලම විනාඩි 10ට 12ට මේසෙට.

ඉතින්.. කඩේ අය එච්චර ස්පීඩ් එද්දි අපිට ස්ලෝ කරන්න බෑනෙ. අපිත් ඇද්දා මරේ කියලා..

ගත්ත පළවෙනි කට. ගී මසාලා එකෙන්..

“හෑ.. කෝ යකෝ මේකෙ ගී රස?

ඇත්තෙම නැති ගාණයි ආ.. හැබැයි මැද්දෙ පිරවුම නම් පංකාදුයි. අල, ලූණු, ලීක්ස් තව තව එළවළු අඩුම කුඩුම ටිකක් එක්ක ගම්මිරිස්, මිරිස් එහෙමත් පදමටම දාලා.. ආයෙ සාම්බාරුවයි, සම්බල් එකයි එක්ක ගලප ගත්තාම ටොපේ ටොප්.

අන්න ඒකට චීස් මසාලා එක!

මල් හතයි ඈ.. සුලැඟිල්ලක් විතර සයිස් එකට ලියපු චීස් දාලා තියෙනවා.. ඇති හැටියට. හැරත් ඒවා ලාවට මෙලෙක් වෙලා.. අර පිරවුමත් එක්කම ගැලපිලා නිසා..

සත්තයි, ඒක නම් තරු පන්තියෙන්මයි..

ම්.. පූරි එකත් හොඳයි. හැබැයි ඒක කන්න තව මොනවහරි රස කරියක් තිබ්බ නම් මරු. මොකද ටිකක් සැරට හදලා තිබ්බ කඩල එක හැරුනාම, අම්බානක පරිප්පු දාපු සාම්බාර් එකයි, සම්බලුයි පමණයිනෙ. ඉතින් ඒක මදි වගේ පූරි වලට. ඊටත් පූරියෙ තල් බේරෙන්න ඈ..

කොහොම වුනත් කට සැරට, අපේ රහට නැගල ගියේ කාරා තෝසෙ එක තමයි. ඒකෙ මොකක්දෝ මිරිසට තෙල් දාපු පේස්ට් එකක් ගාලා, ඊට උඩින් ලූණු, මිරිස්, ගම්මිරිස් දාලා තව, මසාලා රසටත් මොනවදෝ එකතු කරලා හදපු මිශ්‍රණයක් මැදි කරලා.. වැඩිය ඔ්න නෑ, වැඩි පරිප්පු සාම්බාර් එක එක්ක වුනත් ලෙසටම යනවා.

අනේ.. උලුඳු වඩේ එකේ නම් ඔක්කොම හොඳයි. අර උඳු ඇත්තෙම නැති තරම් වගේ නිසා රස මදි ගතියයි.

හැබැයි ස්වීට් ලැසි එක නම් තනි ජරාවක් ඈ.. මීකිරි සහ ජලය පමණයි. ඒකත් තනි දියාරුවට. මං හිතන්නෙ බාගෙට බාගයක් වතුර.

මසාලා චායි එකෙත් කියලා ලොකු ගැම්මක් නෑ. කහටත් අඩුවෙන්. මසාලා එකට එන කුරුඳු, එනසාල්, කරාබු මදි පාඩුත් දාලා තිබ්බට කිසි පදමක් නෑ. හ්ම්…

ඔන්න ඔ්කයි තත්වෙ. 


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment