Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2
Artwork for NYE 2020 at the Paradise Beach Mount - sidebar Artwork for Coffee post sidebar 1

4/5

Banana Leaf

39, Saint Anthony's Mawatha, Kollupitiya


Superb place to have a delicious Jaffna, Sri Lankan style rices.



මේක ඇවිල්ල ඔරිජිනල් එක ඈ..

ඇත්තම කියනව නම් මෙච්චර කල් ‘බනානා ලීෆ්’ කියල හිතාගෙන ඉඳල තියෙන්නෙ වෙන එකක් කියන්නකො. ඒක ‘නිව් බනානා ලීෆ්’. බම්බ, මහරගම එහෙම තියෙන්නෙ.

ඒකත් සිද්ධ වුණේ නම් ෂොපින් සිද්ධියක් හින්ද ම තමයි. අර... ටී ඇවිනියු සිද්ධියෙ අනිත් එක. ඒ කිව්වෙ ඊට කලින් දවස.

පැය ගාණක් රස්තියාදු වෙලා රස්තියාදු වෙලා ඔන්න ‘ජීඑෆ් ලොක්’ එකෙන් යාන්තම් එළියට බැහැගත්ත. ඒ පාර අම්බානක බඩගිනියි!

‘මොකද කරන්නේ..’ කියල මම ගත්ත ෆෝන් එක අතට. අරගෙන බැලුව කිට්ටුව පාත තියෙන කෑම කඩ ටික.

‘ෂැහ්! බනානා ලීෆ් එකක් තියෙනවනෙ හැරෙන තැන ම. එහෙම වෙන්න බෑනෙ. ම්... ගිහින් ම බලන්න ඕන’

“මෙහ්, බත් කඩයක් තියෙනා් ළඟ. බනානා ලීෆ් එකක්. දැන් මදා ඔය ගත්ත එක අතගගා හිටිය. යංද කන්න”

“හානේ.. බනානා ලීෆ් එකක්! යං යං අනේ.. ෂෝක්”

ඕං ඒක කිව්වාම තමයි කෙල්ලට පියවි සිහිය ආවෙ. නැත්නම් ඉතින් ඇඳුමම අතගගා... අනේ මන්දා, කෙල්ලොනේ...!

කොහොම හරි හැරෙන තැපෑලෙන් අපි ‘ජීඑෆ් ෆ්ලොක්’ එක පහුකරල බම්බ පැත්තට තියෙන පළවෙනි වංගුවෙන් හැරෙව්ව. හැරිලා එක අඩි 100ක් යන්න හම්බවුණේ නෑ මෙන්න...

අඩෙහ්, ‘බනානා ලීෆ්’ කිව්වට මේකේ බෝඩ් එක වෙනස්නෙ. හැබැයි ඇතුළ බැලුවාම නම් එක වගේ. ඔන්න ඔහෙ ගොඩවෙලා බලනව. දෙන්න අඩියට දෙකට කඩේ ඇතුළෙ.

“ගුඩ් ඊව්නින් සර්. එන්න, වාඩිවෙන්න.” සුහද පිළිගැනීමක්. ඒ විතරක් නෙවෙයි වාඩිවුණ සනික මෙනු දෙකකුත් දෙන්නගෙ අතට.

“මේ... මේක මොන බනානා ලීෆ්ද. අර බම්බලපිටියෙ තියෙන එකේ එකක් මද?” මම නිකමට සේවක මිත්‍රයගෙන් ඇහුව.

“ආ... ඇත්තටම සර් මේක තමයි ඔරිජිනල් එක. එයාලා අපෙන් කැඩිල ගිය සෙට් එකක්.”

“හෑ... එහෙමද? හා හා.

කමක් නෑ. අපිට ගන්න පුළුවන්ද චිකන් බිරියානි (රු. 600) එකකුයි ක්‍රැබ් රයිස් ඇන්ඩ් කරි (රු. 500) එකකුයි. බොන්න... අඹ ජූස් (රු. 200) එකකුයි”

“පුලුවන් සර්. ඉක්මනටම ගේන්නම්” වචනෙ දීලා හැරුණ සේවකයා ගිය පයින් ම ආපහු ආවෙ ලොකු කෙහෙල් කොළ දෙකකුත් අරගෙන. ඇවිල්ල මේසෙට එලල, වතුර වීදුරු දෙකකුත් තිබ්බ. තියල අනික් පැත්තට ගෙනාවෙ රයිස් ඇන්ඩ් කරි එක. තඩි බත් දීසියකුයි, ක්‍රැබ් දීසියකුයි, පරිප්පු, මුරුංගා, වම්බටු, කජු මාලු එක්ක කොළ මැල්ලුම්. ඊට විනාඩි පහකට විතර පස්සෙ තමයි බිරියානි එක ගෙනාවෙ. තන්දුරි චිකන් තඩි පලුවයි, බිත්තරයයි දාපු බිරියානි බත් දීසියට උම්බලකඩ සම්බෝලයි, සලාද පොඩ්ඩකුයිත් මේසට.

ආයෙ ඉතින් ඊට පස්සෙ, දෙන්න බෙදාගත්ත බෙදාගැනිල්ලක්... එහා පැත්තෙ කකා ඉඳපු කට්ටිය හොල්මන්. ඇයි ඉතින් උදේ ඉඳන් බඩගින්නෙනෙ යාළු.

ඇරපු අතක් නෑ, එකම කෑම එක හොඳේ. කොටින්ම කියතොත් බත් එකේ රසේ ඉඳන්ම. උණු උණු සුදු බතට මිරිස් කකුළු හොදි වැටුණාම... පංකාදු පහයි ආයෙ. ඊටත් ඒකෙ සැර! මොකද ජැෆ්නා ක්‍රැබ්නෙ. හැබැයි අර කකුළුව පොඩ්ඩක් ලොකු වුණා නම් තමයි වටින්නෙ. කොහොම වුණත් කකුළු කරියට නම් දාලා තිබ්බ මිරිස් තුනපහේ ඉඳන් මසාලා රසකාරක, ඉඟුරු, සුදුලූනු, ගම්මිරිස් එක්ක ලුණු ඇඹුලුත් පදමට ම. ඇත්තටම ඒකට ගැළපෙන්නෙ මයිසූර් පරිප්පුවක්; ඒත් ඇවිල්ල තිබ්බෙ කඩල පරිප්පුවක්. හොඳ පදමට කිරි එහෙම දාලා ළාවට හින්දල, නරකමත් නෑ ඉතින්. හැබැයි පරිප්පුවට වඩා කකුළුවත් එක්ක නැගල ගියා කොළ මැල්ලුම. කලවම් මැල්ලුමක්ද කොහෙද. හොඳ හැටියට පොල්, ලුණු ඇඹුල්, ලූනු එහෙම ඒකටත් දාලා. ඔක්කොමත් හරි වම්බටු තෙල් දැමුම. ෂැහ්! නියම කටගැස්ම හොඳේ. මිරිස්, තෙල් රසත් එක්ක ළා බැදුණු ගතිය...  ඇත්තටම මිරිස් පපඩම් නැත් බත් එකේ පාළුව මැකුව කිව්වොත් හරි.

කජු, කැරට්, ග්‍රීන්පීස් මාළුව නම්...  එක චුට්ටයිනෙ රස බලන්න ලැබුණෙ. මොකද ඒක අපේ එක්කෙනාගෙ ප්‍රියතමනෙ. කිරට හදල හින්දපු නිසා ඇත්තටම හත්මාළුවෙ වගේ රස.

මන්දා බිරියානි එකට සෙට් වෙනවද කියලවත්. කොහොම හරි ඒක, එහෙ බලල මෙහෙ බලද්දි ඉවරයි. ඒ අතරට කජු, ග්‍රීන් පීස්, ලූණු, රම්පෙ කරපිංච අඩු නැතිව දාලා හදපු බිරියානි බත් එකෙනුත් ටික ටික අඩු වෙනව. බැලින්නම්...  චිකන් කෑල්ලෙ රසටනෙ. තලුමැරෙන තන්දුරි චිකන් එක යාළු. දාලා තියෙනව ආයෙ නියම පදමට තන්දුරියි, මිරිසුයි, මසාලා අඩුමකුඩුමයි එක්ක සුපිරි ඉන්දියන් රසකට පදම් වෙලා චිකන් කෑල්ල බැදිලම රසවෙන්න. ඇත්තටම ඒක නම්.. තරු පහයි හොඳේ.

ම්ම්... ඔය අතරට කියන්න ඕන මෙයාලගෙ අඹ ජූස් එකත් ෆුල් ෆ්‍රෙෂ්. හොඳ හැටියට ඉදුණු කර්තකොලොම්බන් අඹ, ගෙඩියක් ම දාලා බ්ලෙන්ඩර් කරල තමයි අයිස් කැටත් එක්ක වීදුරුවට දාලා තියෙන්නෙ. මගෙ හිතේ සීනි එහෙමත් දාල ම නැද්ද කොහෙද. මොකද ෆුල් ෆ්‍රෙෂ් අඹ රසක්නෙ ආවෙ.

ඒත් ඉතින් මට නම් ඒකෙන් උගුරයි ලැබුණෙ. කොහෙද අපේවුන්ට කෑම බීම ලැබුණාම! හැබැයි ඉතින් ආයෙත් දවසක අනිවා යනව, බඩපැලෙන්න කාලා එන්න... ඕං තනියම ඈ, තනියම...


TIP

Try Mutton Biriyani

Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment