Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

3/5

Banda's Biriyani

290/1/1, High Level Rd, Nugegoda


A place for Sri Lankan-style biriyani.



එහෙ බලල මෙහෙ බලද්දි පෝක් ඉවරයි කියන්නෙ?

අනේ මන්දා, එක්කො එයාලා හදන්නෙ පොඩ්ඩයි. නැත්නම් මිනිස්සු නොසෑහෙන්න පෝක් කනව...!

කොහොමහරි ඔන්න යාළු අපේ ඔෆිස් එක ළඟම තියෙන අලුත්ම බිරියානි ප්ලේස් එකක් ගැන ආරංචියක් ආවා අපේ යාළුවෙක්ගෙන් ම . ආවෙ ගිය බදාදා මගෙ මතකෙ හැටියට. කොහොම හරී.... අපේ විශ්විට ඉතින් බිරියානි කිව්වාම...?

එක දවසට වැඩේ ඇරේන්ජ් කළා කියන්නකො. කරල සිකුරාදා එක්කගෙන ගියා කට්ටිය ම බණ්ඩාගෙ බිරියානි රස බලන්න.

ඒ ගිහිල්ල ඉතින් කඩේ තියෙන උඩ තට්ටුවට ගොඩවෙලා කරල, හරිබරිගැහිල වාඩිවෙලා... මේසෙ ළඟට ආපු සේවක මිත්‍රයට ඕඩරේ දාන්න හැදුව විතරයි...

“අපිට පෝක් බිරි...”

“අනේ පෝක් බිරියානි නම් ඉවරයිනෙ අද. චිකන් තියෙනව, මට්න් තියෙනව, බිත්තර තියෙනව”

කාලා වරෙන්කො දැන්. මදෑ පෝක් කන්න ආවා. ඒකත් හිතා ගන්න බැරි කඩේ අරින්නෙ 11.30ට. අපි යනකොට 12.30යි. ඒත් බඩු ඉවරයි...

“දැං මොකෝ බං කරන්නෙ?”

“කරන්න දෙයක් නෑ ඉතින්.

ගේන්න මල්ලි චිකන් බිරියානි එකයි (රු. 600), මට්න් බිරියානි එකයි (රුු. 800)” විශ්වි දැම්ම ඕඩරේ.

දාලා කරලත් අපි කල්පනා කළේ ඇත්තටම කොහොමද එහෙම වුණේ කියල. පස්සෙ ඉතින් විනාඩි 10ට වගේ... බිරියානි ටික උණු උණුවට, මැටි ඇතිලිවල මේසෙට කිට්ටු කරපු නිසා කල්පනා කරන එක අත ඇරල දාලා බැස්ස වැඩේට.

බිරියානි බතයි, ක්‍රිස්පි චිකන් පළුවයි, වෙනමම මට්න් පෝෂන් එකයි, චිකන් කරි පෝෂන් එකයි, චට්නියයි, ලූණු සම්බෝලයයි...

බැලූ බැල්මට නම් ඒ හැටි ගතියක් තිබ්බෙ නෑ. ඒත් රස බලද්දිනෙ... ෂැහ්!

ඒත් ඒ හැටි ගතියක් නෑ යාළු. හැබැයි වගකීමෙන් කියන්න ඕන බත නම් පංකාදුයි. නියම ශ්‍රී ලංකන් බිරියානි බතක්. හොඳහැටි බිරියානි මික්ස්, තුනපහ අඩුමකුඩුම ටික දාලා ගාණට හදල තියෙනව. අර අවුල තිබ්බෙ ක්‍රිස්පි චිකන් එකේ තමයි. ඒක... ඇත්තටම නිකම්ම චිකන් පළුවක්, දවටල බැදල. බර්ගර් එකකට වගේ නම් පොඩ්ඩක් හරි සෙට් වෙන්න තිබ්බ. ඒත් බිරියානියට නම්...

ම්...හ!

අන්න ඒකට මිරිස්, තුනපහ වගේම ලුණු ඇඹුල් අඩුම කුඩුම ටිකත් නූලට තියෙන්න ගළපපු මට්න් කරිය. කියල වැඩක් නෑ පෝරණු පාන්ගෙඩියක් වගේ තිබ්බ නම්... තනියම කන්නෙ තනියම. ඒත් වැඩේ කියන්නෙ බත් ඇතිලියෙ හැටියට ඒ මට්න් ටිකත් නිකම් හුන්ඩුවක් වගේනෙ. එක්කෙනෙක්ට ඇති ඕන නම්. ඒකත් හැබැයි මස් කෑලි 3-4යි. අනික් ඔක්කොම පාර්ට්ස්.

ම්... චිකන් කරියට නම් හොඳ මස් ම කෑල්ලක් දාලා තිබ්බ. ඒත් ඒකෙ රස මදි. කොටින්ම කියතොත් තනිකර මිරිස් තුනපහ ටිකකුයි, වතුරයි විතරයි. ඒකත් අවුලක් නෑ පොඩ්ඩක් හින්දල ගත්ත නම්. එහෙමත් නෑනෙ.

අනේ මන්දා ඉතින්. කොහොමහරි අන්තිමට වටලප්පමක් කෑවා.

ඒකත් ‘හොඳයි’,

හ්ම්...!

Address

290/1/1, High Level Rd, Nugegoda

Contacts

Facebook Instagram

Report Inaccuracy

Closed right now

Cuisine

Sri Lankan

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Kottu Biriyani Fried Rice

Ratings Breakdown

Overall Rating
3
Service Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment