Bar Collective

1st Floor, 282 Liberty Arcade, R.A de Mel Mawatha, Colombo 03


A cozy bar with a cool vibe. Food is good.



බාර් කලෙක්ටිව් කියන්නෙ ඉස්සර ලිබර්ටි ආකේඩ් එකේ විච් වේ වෙස්ට් එක තිබුණු තැන අලුතින් දාල තියෙන බාර් එක. පොඩි අවුලකට තියෙන්නෙ බාර් එකක් කීවට,  පොඩි ලයිසන් ප්‍රශ්නයක් නිසා තාම මෙතන ලිකර් විකුණන්නෙ නෑ. ඉතිං ඒක විසඳෙනකල් දැනට එළියෙන් බෝතලයක් අරන් ගිහින් තමයි බොන්න වෙන්නෙ. බෝතලේකට කෝකේජ් එක රුපියල් 1000යි.

කෑම

සැන්විච්, රයිස්, පාස්තා වගේ සාමාන්‍යයෙන් කොළඹ ගොඩක් පබ්වල තියෙන කෑම ජාති ටික තමයි මේකෙත් තියෙන්නෙ. අපි කන්න ගත්තෙ ජැවනීස් චිකන් රයිස් (රු. 590) එකකුයි, කලුපොල් පෝක් විත් හනි සැන්විච් (රු. 590) එකකුයි, ස්පයිසි බීෆ් පෙනි පාස්තා (රු. 790) එකකුයි. ආ, තව හැමතැන ම නැති දේකුත් තිබුණා: ස්විට් පොටෙටෝ ෆ්‍රයිස්! (රු. 390) අපි ඒකෙනුත් එකක් ගත්තා.

ඉස්සෝ එකේ තරම් ක්‍රිස්පි නැති වුණත් මේ ස්වීට් පොටෙටෝ ෆ්‍රයිස් එක ඒ තරමට ම රසයි. ලුණු, මිරිස් ඔක්කොම ගානට.

වැඩි වැඩ නැති වුණාට ජැවනීස් රයිස් එකත් රසට තිබුණා. බත් එක වැඩි තෙල් ගතියක් නෑ; රසයි. පොඩියට කපපු චිකන් කෑලිත් සෑහෙන ප්‍රමාණයක් තිබුණා. එක්කෙනෙකුට කන්න තමයි මේ පෝෂන් එක හදල තියෙන්නෙ; හැබැයි ඉතිං බඩ පැලෙන්න කන්න නෙවෙයි නම් දෙන්නෙකුට වුණත් ඇති.

ස්පයිසි බීෆ් පෙන්නේ පස්තා කීවම අපි හිතුවේ ටොමැටෝ සෝස් එකක් එක්ක එන එකක් කියලා; හැබැයි මේක එන්නෙ ක්‍රීම් සෝස් එකක. ස්පයිසි ගතිය අරන් තියෙන්නෙ ගම්මිරිස්වලින්. මින්ස්ඩ් බීෆුත් එකතුවුණාම මරු.

කලුපොල් පෝර්ක් සැන්විච් විත් හනි බේකන් එක හදල තියෙන්නෙ සාමාන්‍ය කඩේ පාන්වලින්. මේකත් මරු. හැබැයි හනි බේකන් එකේ පැණිරස නිසා  කලුපොල් පෝර්ක් එකේ රස එච්චර දැනෙන්නෙ නෑ. මේකට තව ටිකක් වැඩිපුර කලුපොල් පෝර්ක් වැටුණනනම් හොඳයි කියලයි අපට හිතෙන්නෙ.

තැන

ලිබර්ටි ආකේඩ් එක කියන්නෙ ඉතිං එච්චර මිනිස්සු ගැවසෙන තැනක් නෙවෙයිනෙ. හැබැයි පාළුවට ගිය කොරිඩෝ පහුකරගෙන ඇතුලට ආවම නම් ඒ මුස්පෙන්තු ගත‍ිය කොහෙන් ගියාද නෑ. වැඩි වැඩ නැතුව, පොඩි සෙන් ගතියක් එන විදියට තමයි මේකේ ඇතුල හදල තියෙන්නෙ. අපි යද්දි එක මේසෙක විතරයි කට්ටිය හිටියේ. මුළු කඩේට ම වැඩකරන්න හිටියේ එක්කෙනයි; හැබැයි එයාගෙ සර්විස් එක සෑහෙන්න හොඳයි. තැන අලුත් නිසා ද කොහෙද කෑම ගැන අපේ අදහස් මොනවද කියල අහගන්නත් සෑහෙන්න  උනන්දුයි.

අවසාන වශයෙන්

නිස්කාංසුවේ ඉඳගෙන චැට් එකක් දාන ගමන් බෝතලයක් හිස්කරන්න නම් මෙතන මරු. ඩේට් නයිට් එකකට වුණත් මෙතන නරක නෑ. කෑමත් රසයිනෙ. ගාණත් නරක නෑ.

 


TIP

You can take your own spirit or wine for a corkage fee of Rs. 1000 per bottle.

Artwork for Frimi Shoutout banner 2- non merchants only

Address

1st Floor, 282 Liberty Arcade, R.A de Mel Mawatha, Colombo 03

Directions

This is on the first floor of Liberty Arcade which is just next to the Liberty Plaza along the Duplication Road.

Contacts

Facebook

Report Inaccuracy

This place has closed down

Cuisine

Pub Food

Price Range

More than Rs.1500

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment