Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

3/5

Barista Lavazza (Laksala Thummulla)

No. 07, Reid Mawatha, Colombo 07

  • Call 0112 553 187
  • Open 7AM - 12 Midnight (Friday and Saturday) 7AM - 11PM (Sunday to Thursday)


Having been around since 2002, Barista is one of the first coffee shops to have popped up in Colombo.



“පායන්න ගත්ත ම ඇඟේ දිය පට්ටා එන සයිස් එකට පායනවා, වහින්න ගත්ත ම ආසාවකට ගෙදරින් එළියකට බහින්න නැහැ. කෙළවරක් නැතුව වැස්ස! වැස්ස!! වැස්ස!!!”

මේ දවස්වල ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඔය. අර තිබුණු තද පෑවිල්ලේ හැටියට වැස්සක් වහින එක හොඳයි තමයි. ඒ වුණාට කොච්චරවත් චුරුචුරු ගගා වහිද්දී එපා වෙනවා. ඒ අස්සේ එන හීතලයි, කම්මැලිකමයි නිසා කිසි වැඩක් කරන්න හිතෙන්නෙත් නැහැ.

කොහොමද ඔය වෙලාවට හොඳ උණුවට හදපු, චොකලට් රස උතුරන හොට් චොකලට් එකක් තිබුණොත්?  අද මේ කියන්නෙත් ඒවා ගන්න පුළුවන් තැනක් ගැන. මේකේ නම  බැරිස්ටා.

තැන

කොළඹ හරියේ බැරිස්ටා කඩ හයක් වගේ තියෙනවා. අපි මේ කියන බැරිස්ටා ශාඛාව තියෙන්නේ තුම්මුල්ල හන්දියේ ලක්සලේ කොටසක් විදියට. ඇතුළේ ලොකුවට ඉඩකඩක් නම් නැහැ. හැබැයි හත් අටදෙනෙක්ට අවුලක් නැතුව ඉන්න පුළුවන්. අනික එළියෙත් පුටු මේස දාලා තියෙනවනේ. සද්දෙට 138,120 දුවන බස් පාරේ අයිනේ තිබුණත්, ඒ සද්ද බද්ද මේකේ ඇතුළට දැනෙන්නෙවත් නැහැ. ඇත්තට ම හරි ම නිස්කලංක ගතියක් මෙතැන දැකගන්න ලැබෙනවා.

කෑම බීම

අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මෙයාලා ළඟ තියෙන්නේ සැන්විච්, පනීනි, කෝපි, අයිස්ඩ් ටී වගේ ජාති. ඒ හැරුණා ම කේක් වර්ග කීපයකුත් තියෙනවා. ඒ අතරින් අපි ඕඩර් කළේ “කැෆේ අමෙරිකානෝ" (ලාජ් එකක් රු.460) එකකුයි, “ස්විස් හොට් චොකලට්” (රු.550) එකකුයි. කෑම මෙනුවෙන් “හැම් ඇන්ඩ් චීස් සැන්විච් විත් මස්ටර්ඩ් සෝස්” (රු.260) එකකුයි, “සොසේජ් ඇන්ඩ් එග් පනීනි” (රු.480) එකකුයි ගත්තා.

වැඩිම වුණොත් විනාඩි දහයක් යන්න ඇති. මෙන්න කෑම බීම සේරම ටික එක සැරේ ම අපේ මේසේ උඩ!

කෝපිවල තිත්ත රස ඒ හැටි ගාණක් නොවෙන අයට නම් මේ කැෆේ අමෙරිකානෝ එක අවුලක් නැතිවෙයි. හැබැයි මට එච්චර ඇල්ලුවේ නැහැ. මොකද සීනි තේ හැඳි හතරක් දාලත් මේකේ තිත්ත රස අඩු වුණේ යන්තමින්. සාමාන්‍යයෙන් කැෆේ අමෙරිකානෝ කියන්නේ කෝපි රසට වඩා වතුර රසට තියෙන එකක්නේ. ඒත් මේක ගොඩක් දුරට එස්ප්‍රෙසෝ එකක් වගේ.  

මෙහෙ ස්විස් හොට් චොකලට් එක නම් පට්ට. නියමෙට චොකලට් රස තිබුණා. හොඳ උකුයි. සීනි පදමත් ගානට. මේක හේසල්නට්, චොකලට්, කැරමල් වගේ රස ජාති කීපයකින් ගන්න පුළුවන් නිසා තවත් හොඳයි. අපි තෝරගත්තේ හේසල්නට් එක. ඉතින් හේසල්නට් රසත් එකතුවෙලා එද්දී තවත් හොඳයි. උණුවෙන් ම මේසෙට ආව නිසා ඇඟේ පතේ තිබුණු හීතල ගතිය කොහෙන් ගියාද නැතිවුණා.

සොසේජ් ඇන්ඩ් එග් පනීනි එක අපි කෑවේ තරගෙට වගේ. ඒ තරම් රසයි. මේක ලාවට ටෝස්ට් වෙච්ච බනිස් දෙකක් මැද්දට පුරවපු යස ඔම්ලට් එකකුයි, සොසේජස් තොගෙකුයි තියෙන පනීනි එකක්. ඒ විතරක් නෙවෙයි, චීස් පෙත්තකුත් දාලා. කන්න බැරියැ ගමකට. හොඳට බඩ පිරෙනවත් එක්කනේ.

අපි ගත්ත හැම් ඇන්ඩ් චීස් සැන්විච් විත් මස්ටර්ඩ් සෝස් එක ඇත්තට ම රුපියල් 260කට සෑහෙන්න ලාබයි. උඩින් ම තියෙන්නේ ටෝස්ට් වෙච්ච පාන් පෙත්තක්. ඊටපස්සේ මස්ටර්ඩ් සෝස් තට්ටුවක්. ඊළඟට චීස් පෙත්තක්. ඒකට යටින් හැම් පෙත්තක්. මෙන්න ඊළඟට ආයෙත් මස්ටර්ඩ් සෝස් තවරපු චීස් පෙත්තක්! ඔය සේරම ටික එකතුවෙලා එද්දී එන්නේ පුදුම රසක්. මස්ටර්ඩ් සෝස් එකෙන් ළාවට එන විනාකිරි රසත් මරු.

සර්විස් එක

ෂහ්! සර්විස් එක සුපිරි. කෑම බීම ටික වරද්දන්නෙ නැතුව මේසෙට ගේන එක විතරක් නෙවෙයි, කෑම බීම තෝරගනිද්දීත් හොඳ සහයක් ලැබුණා. හොඳට හිනාවෙලා කතා කරන සුහදශීලී සේවක මිත්‍රයෝ සෙට් එකක් මේ බැරිස්ටා එකේ ඉන්නවා.

අවසාන වශයෙන්

රස හොට් චොකලට් එකක් විතරක් තිබිලා මදි, මේ වැඩේ සම්පූර්ණ වෙන්න හොඳ කතා පොතකුත් තිබුණානම් තමයි මරු. ඒකටත් මෙතැන නියමයි. මොකද හරි ම නිස්කලංක වටපිටාවක්නේ තියෙන්නේ. මං කියනවට හවස් වරුවක වැඩ ඇරිලා යන ගමන් පොඩ්ඩක් ඔළුව දාලා යන්නකෝ. කතාව ඇත්ත වග තේරේවි.


TIP

Stick with their food or espressos

Address

No. 07, Reid Mawatha, Colombo 07

Directions

It's right opposite the UN at the Thummulla Junction, sharing the same land as Laksala.

Contacts

Report Inaccuracy

Open 7AM - 12 Midnight (Friday and Saturday) 7AM - 11PM (Sunday to Thursday)

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Bready Chocolate

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
2
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment