Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

3/5

Bars Cafe

24, Deal Place, Colombo 3


Bars Cafe has gotten a facelift, along with a revamped menu. They've definitely got room for improvement, but we were happy to see that they had addressed some of their old issues.



බාර්ස් (Bars) යනු ඩුප්ලිකේෂන් පාරේ පිහිටි කැෆේ අවන්හලකි. පෙරේරා සහ පුත්‍රයින්ගේ හෙවත් Perera & Sonsගේ කැලරි පිරි පේස්ට්‍රි හඳුන්වාදුන් අයම මේ ව්‍යවසාය පිටුපසත් ඉන්නවා. එහි 'බාර්' වර්ග රැසක ආහාර පිරිනමනවා. ඒ රයිස් බාර්, පීසා බාර්, සලාද බාර් ආදී වශයෙන්. මේ අවන්හල නව විලාසිතාවේ එකක්. උස්බිමේ පිහිටි ඇතුළතක් හා එළිමහන් මේසත් එහි තිබෙනවා. සැරසිලිත් නවීනයි. එහි රූපවාහිනී යන්ත්‍රය හැමවිටම චාරිකා චැනලයකට විවෘත වෙලා. කෙසේ වෙතත්, මෙය පිහිටා තිබෙන්නේ අධික කාර්යබහුල ඩුප්ලිකේෂන් පාරේ වීම නිසා එතැන අසහනකාරීබවකින් යුක්තයි. විශේෂයෙන්ම එහි පුළුල් බැල්කනියේ හිඳ දිවා ආහාර ගැනීම ප්‍රියජනක අත්දැකීමක් නොවෙයි.  වාහන නලා හඬ හා වෙනත් අධික ශබ්ද හොඳ පසුබිම් සංගීතයක් නොවෙයි. බැල්කනිය දෙපැත්තේ ඇති වායුසමනය කරන ලද කුටි දෙකෙන් එකක අසුනක් අත්පත් කරගන්න ඔබ වාසනාවන්ත වුණොත් හොඳයි. හැබැයි මේ එක් කුටියක් නොදන්නා අමුතු හේතුවක් මත ප.ව. 2.30ට වහනවා.

කෑම පැත්තෙන් ගත්තාම බාස්හි පුළුල් විවිධත්වයක් තිබෙනවා. නාසිගුරාං, සැන්විච්, බර්ගර්, පැස්ටා, පීසා, ග්‍රිල් වර්ග, පයි ආදී ජාති රැසක් අතරින් තෝරාගන්න පුළුවන්. ඒත්, ඒ එකක්වත් විශේෂයෙන් මිළ අඩු නැහැ. බත් හා එළවළුත්, පුංචි මස් කෑලි හා මුහුදු ආහාරත් අඩංගු නාසිගුරාං එකක් රු. 600ක් වෙනවා. මොංගෝලියන් බාබකියු රු. 600ක්. එය හොඳයි. එහි හොඳ මිරිස් සැරකුත්, ගානට සියුම් පැණි රසත්, බත් තුළ ගානට මුසු කරන ලද එළවළු හා මස් කැබලිත් තිබෙනවා. රසවුණත්, එය පවා රු. 600ක් වටින්නේ නැහැ. මන්ද, අවසානයේදී බැලුවාම එයත් බත් පිඟානක්නේ. ටෙරියාකි බීෆ් ෆොකෑෂියා සැන්විච් රු. 430යි. මිළ සාපේක්ෂව අඩු වුණත් එහි හරක්මස් දියගතියයි. එසේ වන්නේ අසමබර ප්‍රමාණයක් තක්කාලි අඩංගු නිසා.  තම්බා, සෝස් සමග ග්‍රිල් කරන ජපන් සූපශාස්ත්‍ර විධියක් වන ටෙරියාකිකරණයෙන් ලැබෙන රස එහි නැහැ.  සැන්විච් ෆැක්ටරියෙන් රු. 290කට ඔබට වඩා හොඳ චීස් ස්ටීක් සබ් එකක් ගන්න පුළුවන්.

බාස්ගේ දිග මෙනූපත නිසා පුළුල් රසබැලීමකින් තොරව නිගමනයක් දීම අසාධාරණ වෙන්න පුළුවන්. නෙත් කොණින් බැලුවාම පෙනෙන විධියටනම් දිවා ආහාර වෙලාවට බත් ජනප්‍රියයි. අතුරුපස සහතික කළ හැකි තරම් විශිෂ්ටයි. චොකලට් හා කජු ටාට් ඝනකම, විස්කෝතු ටාට් පදනමක රැඳවූ සරු චොකලට් අතුරුපසක්. ඔවුන්ගේ වීදුරු කුටිවල ප්‍රදර්ශනය කරන කේක් හා සීනිමය ආහාර වර්ග රසවත් පෙනුමයි.

අප නැවතත් බාස්හි ආහාරගැනීමකට ඉන්න ඉඩ තිබෙනවා. කෑම හොඳයි වගේ. අවට ඝෝෂාකාරී පරිසරයෙන් ඉවත් කර ගත්තාමනම් ස්ථානයත් හොඳයි. සේවාවනම් වේදනාකාරී ලෙස සෙමින් සිදුවන්නක්. වෙහෙසකර වීදියක් අද්දර හිඳගෙන එතරම් වෙලාවක් බලා ඉන්න ගියාම එපා වෙනවා. රෑට වඩා හොඳ ඇති.

TIP

The only bar that Bars lacks is, well, a bar. No booze.

Address

24, Deal Place, Colombo 3

Directions

Although the address says Deal Pl, Bars Cafe is practically on Duplication Rd, just past The Manhattan Fish Market.

Contacts

E-Mail Website

Report Inaccuracy

This place has closed down

Cuisine

Western

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Meats

Ratings Breakdown

Quality Rating
3
Service Rating
4
Ambience Rating
4
Similar Places

User Reviews
S
1

1/5

0

Sage

Horrible service and on top of that foul smelling & foul tasting rotten lettuce in Cearsar Salad! Carefully check your food before you eat. Then the manager wants us to pay for the rest of the food after serving rotten food. Customer service = -100

T
1

1/5

0

Thiyagu

Terrible service and no intention of making the patrons happy… and they waiters don't even follow basic food hygienic policies. Would never go to Bars Cafe again.

S
1

1/5

0

Sage

Horrible service and on top of that foul smelling & foul tasting rotten lettuce in Cearsar Salad! Carefully check your food before you eat. Then the manager wants us to pay for the rest of the food after serving rotten food. Customer service = -100

T
1

1/5

0

Thiyagu

Terrible service and no intention of making the patrons happy… and they waiters don't even follow basic food hygienic policies. Would never go to Bars Cafe again.

See 23 Comments