Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

5/5

Bavarian German Restaurant

No. 11 Galle Face Court 2, Colombo 3


The Bavarian has been around for ages, and is still hugely popular. Change can be a good thing but sometimes when you're doing something right, you should stick to it, and that's exactly what the German Restaurant has done.



කොළඹ තියෙන ජර්මන් කෑම ගැන කතා කරනකොට, අනිවාර්යෙන් ම මතක් කරන්න ඕනේ තැනක් තමයි කොල්ලුපිටියේ බවේරියන් එක. අවුරුදු පහකටත් වඩා කාලයක් තිස්සේ මෙතැන පැවතෙන මේ රෙස්ටෝරන්ට් එකේ ජනප්‍රියත්වය අදටත් බින්දුවක්වත් අඩු වෙලා නැති බව හොඳින් ම පේන්නේ, දැනටත් මෙතැනට එක් රොක් වෙන සෙනඟ තොගේ දැක්කමයි. ඉස්සරට වඩා මේ අයගේ කෑමවල ගණන් හිලව් චුට්ටක් වැඩි වෙලා. ඒත් ඒවයේ රස නම් තවමත් එමමයි, එසේමයි කියලා අපට තේරුණේ මේ ළඟදී දවසක ඒ පැත්තේ යන්න අපට අවස්ථාව ලැබුණු නිසා.

තැන

ගාලු පාර අද්දර ම තියෙන බවේරියන් එක ලේසියෙන් කෙනෙක්ට මඟ හැරෙන තැනක් නෙවෙයි. හරියට ම කිව්වොත් මේක තියෙන්නේ ගෝල් ෆේස් එකත් එක්ක ම තියෙන ගෝල් ෆේස් හොටෙල් එකේ ප්‍රති විරුද්ධ පැත්තේ. මෙතැන ඉන්ටීරියර් එකේ මාර ම වින්ටේජ් ගතියක් තියෙනවා. අර Cafe Society ෆිල්ම් එකේ තියෙන බොබීගේ නයිට්ක්ලබ් එකේ ඉන්ටීරියර් එකට පොඩ්ඩක් විතර සමානයි. පසුබිමින් ඇහෙන ජර්මන් සින්දු ටිකයි, මේ ඉන්ටීරියර් එකයි එකතු වුණා ම, ක්ලැසික් ජර්මන් පබ් එකක තියෙන පෙනුම මෙතැනට ඇවිල්ලා තියෙනවා.

කෑම බීම

බවේරියන් එක හුඟක් ම ප්‍රසිද්ධ එයාලගේ මීට් සහ සීෆුඩ් ප්ලැටර්ස්වලට. හැබැයි ඉතින් ඒවා ගන්න රුපියල් තුන්හාරදාහක්වත් අතේ තියෙන්න ඕනේ. ඒ හැරුණා ම සැලඩ්, සුප්, පැස්ටා, සහ චිකන්, බීෆ්, ලෑම්බ් වගේ දේවල් බේස් කරගත්ත කෑම තොගයක් මේ කට්ටිය ළඟ තියෙනවා. බීමට කොක්ටේල් වගේ ම ඇල්කොහොල් ජාති ඕනෑ ම ජාතියක් ගන්න ඇහැකි.

අපි බීමට ගත්ත “ඔරිජිනල් මාර්ටිනි” (රු.600) එක සුපිරි. ජින්වලින් එන රිෆ්‍රෙෂින් ගතිය අපට නියමෙට ම අල්ලලා ගියා. ඔලිව් ට්විස්ට් එකකුත් එක්කාසු කරලා තිබුණු නිසා මේක තවත් මරු.

අපි කෑමට ඕඩර් කළේ “පෙන්නේ පැස්ටා විත් බැසිල් පෙස්ටෝ” (රු.1100) එකකුයි, “බවේරියන් ස්ටේක් ස්ටැක්” (රු.2280) එකකුයි.

පැස්ටා එකේ පෙස්ටෝ සෝස් එක නම් හුඟක් හොඳට හදලා තිබුණා. හැබැයි කොෆී ඇන්ඩ් කම්පැනි එකේ කන්න ලැබුණු පෙස්ටෝ සෝස් එක මීට වඩා හොඳයි කියලයි මගේ අදහස. මොකද මේකේ සුදුලූණු කෑලි පිටින්මයි පැස්ටා එකට එකතු කරලා තිබුණේ. මොනවා වුණත් පැස්ටා එක නම් ගානට තැම්බිලා තිබුණා. මේකත් එක්ක ලැබුණු අනියන් රින්ග්ස් ටිකත් පංකාදු පහයි. හෙන ම ක්‍රිස්පි දවටනයක් තිබුණේ.

බවේරියන් ස්ටේක් ස්ටැක් එකත් නියමයි. ලෝකල් බීෆ් නිසා අපි මේක ගත්තේ වෙල් ඩන් කරලා. මතුපිටින් තදට තිබුණත්, ඇතුළතින් මේක හෙන ම සොෆ්ට්, සහ ජුයිසි ගතියට තියෙන ස්ටේක් එකක්. පොඩ්ඩක්වත් කර රසක් ආවේ නැහැ. මේකත් එක්ක ආව මෑෂ්ඩ් පොටේටෝ එකත් සිරා. මොකද නියම බටරි ටෙක්ස්චර් එකක්නේ තිබුණේ. ස්ටේක් එකට උඩින් තිබුණු බැටර් ෆ්‍රයිඩ් මෂ්රූම් ටිකත් රසට තිබුණා. මොකද ඒක හරි ම ෆ්‍රෙෂ්, සහ ක්‍රිස්පිනේ.

ඩෙසර්ට් එකට අපි ඕඩර් කළේ “ක්‍රීම් කැරමල්” (රු.600) එකක්. හප්පේ! මේක මතක් වෙද්දී දැනටත් කටට කෙළ උනනවා. පුදුම ක්‍රීමි ගතියක්නේ තිබුණේ. අනික බලන්න එපැයි මේකේ තිබුණු කැරමල් තට්ටුවේ ලස්සන.

සර්විස් එක

අපි මෙතැනට ගොඩ වුණේ රෙස්ටෝරන්ට් එක අරිනවත් එක්ක ම වගේ. ඒ නිසා රෙස්ටෝරන්ට් එකට ම හිටියේ හතර පස් දෙනෙක් විතරයි. ඒත් පැයක් දෙකක් යද්දී රෙස්ටෝරන්ට් එක පිරෙන්න ම සෙනඟ. ඒ නිසා හොඳ ම දේ තමයි රෙසවේෂන් එකක් දාලා යන එක.

කොහොම වුණත් බවේරියන් එකේ සර්විස් එක හොඳට තිබුණා. ස්ටාෆ් එකේ අය මෙනුව ගැන සෑහෙන්න අවබෝධයකින් ඉන්න බව පේන්න තිබුණා. බිල් එක ඉල්ලගන්න තමයි අපට පොඩ්ඩක් වෙලාව ගියේ. ඒ නැත්තන් අපේ කෑම බීම ටික මේසෙට ආවේ විනාඩි 20ක් වගේ කාලයක් ඇතුළත.

අවසාන වශයෙන්

ටැක්ස් ඔක්කොම එකතු වෙලා එද්දී නම් අපේ බිල රු. 6000කට වැඩි වුණා. ඒත් හොඳ කෑම වේලක් නිසා මේ ගාණ ඒ හැටි අවුලකුත් නැහැ. හැබැයි ඉඳලා හිටලා ගියොත් ඇරෙන්න ඉතින් හැමදාම ගිහින් කන්න නම් අමාරු වෙයි.


TIP

If you're looking for a more budget friendly option, then be sure to ask for that lunch menu of theirs.

Address

No. 11 Galle Face Court 2, Colombo 3

Directions

On Galle Road, just before the Galle Face roundabout, opposite In On The Green

Contacts

Website Facebook

Report Inaccuracy

Open 12.00 PM - 3.00 PM and 6.00 PM - 12.00 AM

Cuisine

German Pub Food

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Steak Pork Beer

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
5
Service Rating
4
Ambience Rating
4

Similar Places

User Reviews
N
2

5/5

0

Nirma1992

Love the place & the food they serve

E
1

5/5

0

EMES

after eleven years in Deutschland i had the invitation for lunch at this place.I ordered Gulash,Red Cabbage and Noodles.The last two made me no more hungry.THE GOULASH WAS GREAT……JUST A SOUP WITH about five gram pieces and about five such pieces.AUF WIEDERSEHEN

N
2

5/5

0

Nirma1992

Love the place & the food they serve

E
1

5/5

0

EMES

after eleven years in Deutschland i had the invitation for lunch at this place.I ordered Gulash,Red Cabbage and Noodles.The last two made me no more hungry.THE GOULASH WAS GREAT……JUST A SOUP WITH about five gram pieces and about five such pieces.AUF WIEDERSEHEN

N
2

4/5

0

Niluksha D. Bastiansz

Great service. Food is also amazing. Be mindful the portions are very big. So if you're not too hungry… share. Got annoyed when they brought the main dish half way through enjoying the starter. So do mention if it looks like a very busy night…

B
1

3/5

0

Bhav

Pork ribs were too salty. Camenbert used in starter was not up to standard. Service was average- dishes remained on the table for longer than was comfortable.

Overall a very average experience, rather disappointing considering the charges.

I
4

5/5

0

imajeed

Food was on point.

Called and made a reservation first and the service was accomodating as we arrived.

It wasn't too busy a night. Perhaps, that's why.

Avatar for Malinthe
21

5/5

0

Malinthe

Always a solid place when it comes to food and drinks. Pricey but worth it. Huge portions.

L
1

3/5

0

LahiruT

Went there yesterday. Not going again.
Steak was OK but had enough with the poor service.

See 47 Comments