Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2

4/5

The Bayleaf

79, Gregory's Road, Colombo 07.


As far as safe bets go, Bayleaf is right up there. Good Italian fare at not too exorbitant prices, and a rather extensive menu to choose from.



මට දිගු කාලයක් තිස්සේ බේලීෆ් (Bayleaf) ගැන පූර්වනිගමනයක් තිබුණා. අධික මිළ, දිග මෙනුපත්, ඉහළම තලයේ පාරිභෝගිකයන් අපේක්ෂා කිරීම හා ඉතා සාමාන්‍ය ආහාර නිසා මම නිරතුරුවම ප්‍රකාශ කළේ මෙම අවන්හල කොළඹ ආහාර කලාවට අනුව නොතිබිය යුතු සියලු ලක්ෂණ කැටිකරගත් තැනක්ය කියලායි.

ඉතින් ලයනල් වෙන්ඩ්ට්හි දර්ශනයක් බැලීමෙන් පසුව කවුරුහරි (මගේ මව්පියෝ) යෝජනා කළා අසල පිහිටි බේලීෆ් එකෙන් ඉතාලි ආහාර ගන්න. කලින් අත්දැකීම් නිසා මම කෙඳිරි ගෑවා. මම හිතුවෙ සවුත්තු පැස්ටා, නරක් වෙච්ච වයින් සහ අධික ලෙස පිසින ලද මස් කොණ් කෑලි කන්න වෙයි කියලා මම බයවුණා. ඒත්, දෙමව්පියෝ නිතරම කරන විදියටම මම කියූ දේ ඇසුවෙ නැහැ. ඉතින් ඔන්න මමත් වාඩිවුණා ඉතා ප්‍රසන්න යයි පිළිගත යුතු අවන්හල් වැරැන්ඩාවක මේ හැන්දෑවේ කරන්නම්කෝ හැමදෙයක් ගැනම පැමිණිලි කියාලා හිතාගෙන.

සේවාව පිළිවෙලකට නැහැ. වතුර වීදුරුවක් ගෙන්වාගන්න තුන්වරක් ඉල්ලන්න මට සිදුවුණා. අලුතෙන් (මට එය අලුත්) පිහිටුවන ලද බාර් එකෙන් ආ අධික ශබ්ද සංගීතය මේ අවන්හලේ ඉහළපෙළේ සෝබනය සමග ගැපුණේ නැහැ. නරකම දෙය වන්නේ මේ ඔවුන් යටත් විජිත යුගයේ සිට මෙම නිවසේ පැවති අනගි තණබිම විනාශ කර තිබුණු අන්දමයි. ඔවුන් ඒ මත කැත, ස්ථිර මඟුල් මඩුවක් වැනි අමතර අවකාශයක් හදලා.

එක්තරා තැනකදී මගේ පැමිණිලි හා වේටර්වරයාගේ වතුර ජෝගුවක් සැපයීමේ අසමත්කම මැද ඔන්න කෑම පැමිණියා. මම ඇණවුම් කළේ  මුහුදු ආහාර රැවියලි, ඇරැබියටා සෝස් සමග. (රු. 1100) සෙවල වැනි රැවියලි ගොඩ දුටුවිට මම සූදානම් වුණේ මම ඇත්ත බව ඔප්පුවීමේ ප්‍රීතිය භුක්ති විඳින්න. මම තවත් පැමිණිලි ලැයිස්තුවක් පිළියෙල කරගත්තා. රැවි‍යලි උයලා වැඩි ඇති. ඕනෑවට වඩා මෙළොක් ඇති. සෝස් නීරස ඇති. මම කටක් ගත්තේ චකිතයකින් යුතුව. ඒත්, එය රසයි.

ඇත්තෙන්ම එය ටිකක් රසයි. ඇරැබියටා සෝස් නිවැරදි ප්‍රමාණයෙන් කුළුබඩු සහිතයි. මුහුදු ආහාර රසින් යුත් රැවියලි නැවුම්. මොකක් හෝ නරකක් කියන්න ඕනැ නිසා මම කිවුවා රැවියලි තුළ තිබිය යුතු  බෙචමල් සෝස් නැති බව. එහෙම කීවාට ඇත්තෙන්ම එය නැතුවත් රැවියලි හොඳ රසට තිබුණා.

මෙසේ කෑම රසවීම අහම්බෙන් වුණත් වෙන්න පුළුවන් දෙයක් නිසා මම මගේ සගයන්ගේ පත් දිහා බැලුවේ බලාපොරොත්තු සුන්වීමේ හා පිළිකුළේ සංඥා දකින්න. ඒත්, අම්මා ඇගේ මිලැනීස් චිකන් (රු. 1300යි, සන්ධ්‍යාවේ හොඳම දීසිය) ගැන තෘප්තිමත්ව වැඩ. අනෙක් අයත් එහෙමයි.

අපේ මේසය මත තිබුණා නිවිති රැවියලි (රු. 900), බීෆ් ටෙන්ඩර්ලොයින් (රු. 1000) සහ ටැග්ලියනි වර්ඩි (රු. 900). ඒත් පැමිණිලි නැහැ. රු. 850ක් වූ නැවුම් මාගරිටා පීට්සා පවා  ඔවුන්ගේ ගෙදරට ගෙනැවිත් දෙන වර්ගයට වඩා රසයි.

එය හරිම අපූරු ආහාර වේලක්ය කියන යෙදුම යොදන්න බැරි එකක් වුණාට එය ටිකක් සාධාරණ ආහාරවේලක් බව පිළිගන්න මට සිදුවුණා. විවිධ තැන්වල පිහිටා තිබෙන මධ්‍යම මට්ටමේ අනෙකුත් ඉතාලි ඉතාලි බොජුන්හල්වලට වඩා නරකක් නැති එය මිළෙන් අධික වුණේත් නැහැ.

වසර කීපයකට ඉහතදී කෑමකට රු. 1000ක් යනු අධිමිළක්. ඒත්, හැමතැනම මිළ ගණන් ඉහළ‍ ගිහින්. ඒත්, බේලීෆ්හි පමණක් මිළ ගණන් ස්ථායීව තිබෙනවා වගේ. පැස්ටා හෝ බීෆ් ටේනඩර්ලොයින් පිඟානක් රු. 100කට මිළදී ගන්න පුළුවන්වීම මේ දිනවල හොඳ වටිනාකමක්. බේලීෆ් පිහිටි ග්‍රෙගරි පාරේ මන්දිරය අහලකින්වත් තබන්න බැරි වෙනත් තැන්වල සාමාන්‍ය මට්‍ටමේ බත් හා ව්‍යංජන වේලක් පවා මෙවැනි මිළක්.

ඉතින් හොඳ වයින් බෝතලයක් බීමෙන් අනතුරුව ඉතාම සාධාරණ මිළට සුන්දර පරිසරයක සිට ගත් ආහාර වේලකින් පසු මම දැන් සූදානම් වන්නේ මගේ කලින් විවේචන හකුළාගනිමින් ඇතැම්විට උමනාවට වඩා වැඩිය කියා කියන්නට පුළුවන් නරක වචන ගැන බේලීෆ් වෙතින් සමාව ඉල්ලන්න. (ඒත්, අතීත ක්‍රියාකාරිත්වය අනුව නම් ඔවුන් ඒ බැනුමට සුදුසුයි, අවංකව කියනවානම්)

මම නැවතත් කියනවා මම හොඳ ඉතාලි කෑමවේලක් නොගත්මුත් එය නරක නැහැ. ඒ වගේම මිළත් සාධාරණයි. මම නැවතත් යනවා, හැබැයි, පැමිණිලි කරන්නේ නැතිව.

Address

79, Gregory's Road, Colombo 07.

Directions

Right opposite D.S. Senanayake College.

Contacts

Facebook Website

Report Inaccuracy

Closed right now

Cuisine

Italian

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
4
Similar Places

User Reviews
A
1

5/5

0

Angie

Excellent Italian fare for reasonable prices. Lovely ambience and attentive service.

S
1

5/5

0

Shaxrina

Best place to have the best margaritas with your girls ❤️

A
1

5/5

0

Angie

Excellent Italian fare for reasonable prices. Lovely ambience and attentive service.

S
1

5/5

0

Shaxrina

Best place to have the best margaritas with your girls ❤️

See 17 Comments