Beach, Hikkaduwa
Open until 10:00 PM
One of the most popular restaurants in Hikkaduwa, if you want to have a relaxed evening with some drinks and delicious food.
වෙට් සූට් එක පිටින් ම ගිහින් වාඩිවුණා. බිම ම මඩ වුණා කියන්නකො. වෙලාවට සිමෙන්ති පොළව තිබ්බෙ!
“ඒ, උඹ දැන් ඕක පිටින් ම ඇවිත් වාඩිවුණේ. ආයෙ බහිනවද?” සරිත් මගෙන් අහනව.
“ඔව් බං ඉතින්. වදින්න වදින්න... බහින්න එපැයි. නැත්නම් මෙච්චර මූදක් තියාගෙන වැඩෙක් තියෙනවද බීලා.”
“ඒකත් ඇත්ත නේ බං. එළ එළ ඒනං අපි දෙන්නවත් බහිමු. මුං බහින්නෑනෙ.”
ඔය විදියට කතාබහ දිගට ඇදෙන අතරට.. හෝටලේ සේවක මිත්‍රයත් අපි දිහා බල බල එහාට යනවා මෙහාට යනවා. ආයෙ මොකටෙයි දෙපාරක් කියල මම එයාටත් කතා කළා.
“මේ මල්ලි! පොඩ්ඩක් එන්නකො.
අපිට ගේන්නකො කූල් බියර් දෙකක්. මෙහ්, ඒක නෙවෙයි ඔයාලගෙ හොඳ බයිට් මොනවද තියෙන්නෙ අපිට බෝතලයක් ගහන්න?”
“අපේ සර්... ස්පෙෂල් රයිස් එක (රු.790) හොඳයි, බඩගින්නටයි කෑමටයි දෙකට ම වුණත්. ඒ හැරුනාම පෝක් ඩෙවිල් එක (රු. 650), ග්‍රිල්ඩ් ෆිෂ් එක (රු. 990) එහෙමත් නැගල යනව.”
“එහෙමද. එහෙනම් ඒ හැම එකෙන් ම, එක ගානෙ දාන්න මල්ලි. හැබැයි සැරට දාන්න කියන්න හොඳද.
ඔන්න ඔයා කියපු හින්ද ගත්තේ” කොල්ලගෙ පිටින් ම ඕඩරේ දාපු මම ආයෙත් ගිහින් පොඩ්ඩකට මුහුදට බැහැලා ආවා. ඇයි අප්පේ ගිනි මද්දහනෙනෙ. අනික එතන විව් එක දැක්කාම කොහොමත් බහින්න හිතෙන සීන් එකක් තියෙන්නෙ.
කොහොම කොහොමින් හරි මම බැහැලා ගොඩවෙන අතරට අපේ කට්ටිය බියර් වැඩේ පටන් අරගෙන. වැඩේ තිබ්බෙ ඒක නෙවෙයි අවුල, පෝක් ඩෙවිල් එක මේසෙට ඇවිල්ල ඒකෙන් බාගෙට බාගයක් ඉවර වෙච්ච එකනෙ අවුල. හෙවිල්ලක් බැලිල්ලක් නෑ අායෙ, මාත් ගත්ත ගමන් කෙලියා පෝක් කෑලි 2, 3ක්ම.
සැහ්! පිස්සු හැදෙන පෝක් එකක්නෙ. මල්ලි කිව්වත් වගේ. සැර එහෙම තියෙනව දිව දෙදරන්න. ඊටත් ලීක්ස්, කැරට්, මාළු මිරිස් එහෙමත් තොගයක් දාලා. පොඩී.. නොගැලපිල්ලකට තියෙන්නෙ සෝස් රස වැඩි එක තමයි. ඒත් ෂොටක් එක්ක බහිද්දි නම්, හොඳ හැටි ෆ්‍රයි වුණු පෝක් කෑලිවල රස පදම… හම්මේ!
“මේ සරිතය. ගනින් ගනින් අර බෝතලේ. වැඩේ පටන් ගමු. නැත්නම් බයිට් ඉවර වෙනව බං, බලං ඉඳිද්දි” සනිකව වචනෙ දාපු මම ඩ්‍රින්කල් එකට ඕන කරන අනිත් අඩුමකුඩුම ටිකත් ලෑස්ති කළා. ලෑස්ති කරල අනික් පැත්ත බලද්දි ඉතින් බෝතලේ, මේසෙ උඩ!
ඒත් අපේ ඉක්මනත් ඇත්තටම මදි වුණා. බෝතලේ කඩද්දි කට්ටිය පෝක් එකට වැඩේ දීලා ඉවරයි. හැබැයි රයිස් එකයි, මාළුවයි ඇවිල්ල තිබ්බ නිසා ලොකු අවුලක් වුණේ නෑ.
පළවෙනි ෂොට දාගෙන වැඩේට අත ගැහුවෙ රයිස් කටකින්.
නොම්මර එකයි ඈ.. නොම්මර එකයි. සොසේජස් පෙති වගයක් තිබ්බ බැදලා උඩින් දාලා... සුප්ප! ඒ විතරක් නෙවෙයි ලුණු, ගම්මිරිස් පදමට හැදුනු ඔම්ලට් දෙකත්, නියමෙට තියෙනව. වැඩේ තියෙන්නෙ රයිස් එකේ මික්ස් වෙලා තිබ්බ මස් මාළු තොගේනෙ. ඇත්තටම හිතාගන්න බෑ, ඒ රයිස් එක ඒ ගාණට කොහොම දෙනවද කියල. ඇයි අප්පේ ලොකුවට කපපු චිකන්, ඉස්සො, දැල්ලො, මාළු, පෝක් ළාවට ෆ්‍රයි කරලා ලුණු ගම්මිරිස් පදමටත් ගලපලා තොග ගණන් මික්ස් කරලනෙ. කොටින්ම කියතොත් කන කන කටක් ගාණෙ මොකක් හරි මසක් මාළුවක්. හැරත් ඒ බතත් රසයි කියන්නේ…
මගෙ හිතේ සුද්දොත් බහින නිසා වෙන්න ඕන ඒ පදමට හැදෙන්නෙ.
බතට දෙවනි නෑ ග්‍රිල්ඩ් ෆිෂ් එකත්. ඒක ලොකු පරා මාළු කූරියෙක්. හොඳ පදමට ලුණු ඇඹුල් අඩුමකුඩුමවල සීසන් කරලා නියම ගාණට මැද්දත් තැම්බිලා, වටේ කරවෙන ගානට ග්‍රිල් කරලා.. රසයි කියන්නෙ, බයිට් එකට එහෙම පංකාදු ඩිෂ් එක. ඊටත් ඒක උඩින් දාලා තිබ්බ මිරිස්, සුදුලූනු, ඉඟුරු, ගම්මිරිස් පේස්ට් එකනෙ හිතා ගන්න බැරි. ඇත්තම ඒකෙන් මාළුවට දෙනව රසක්... කොහොමද දන්නවද,
ෂොට දෙක වෙලා, දෙක හතර වෙලා, අපි ඇද වෙලා, කණ සාක්කුවට වැටෙන්න වැදිලා තියෙදිද්දිත් මාළු කට්ට පවා සූප්පු කරන ගානට.
ඕව්…
බොරු නම් අහන්න අපේ.. වැඩිය නොබීපුවුන්ගෙන්.
කොහොමහරි අන්තිමට අපේ කට්ටිය ඕඩර් කරලද කොහෙද හොට් බටර් කට්ල්ෆිෂ් එකකුත් (රු. 790) මේසෙට ආවා. මතකෙ හැටියට ඒකත් හොඳයි. හැබැයි ලුණු ඇඹුල්, ගම්මිරිස් පදම මදි වගේ. මගෙ හිතේ තව බටර් පේස්ට් ටිකකුත් තැවරුණා නම් පංකාදුවට තියෙන්න තිබ්බ.
වැඩේ කියන්නෙ ඒ තිබ්බත් ඉතින් අපි තව බොන්න කියලයැ, බෝතල් එකහමාරක් ගහල තුන් දෙනා… නටෑෂ් වෙලා හිටියෙ!
Open until 10:00 PM
Cuisine
Asian Western Chinese Sri Lankan Pub Food Sri Lankan Chinese
Price Range
Dish Types
Noodles Eggs Meats Seafood Beverages Fried Rice Pork Chicken Fried Chicken Fish Fish And Chips Cuttlefish Fruit Juice Alcoholic Beer Bites
Ratings Breakdown
Delete Comment
Lasitha
Superb restaurant i have ever met! All are delicious…