KCC food court
Closed right now
Unfortunately I didn't know, it was in KCC food court & any body knows. Have nothing to say, please don't
රෑට කාලා විතරක් හරියනවයැ!
සල්ලි සල්ලි කියල බැලුවෙ නෑ ගෙන්නුව දවල් කෑම වේලත් ඌබර් ඊටස් එකෙන්ම. හැබැයි පොඩි අවුලකුත් වුනා එතනදි. මොකද පෝය දවසනෙ. ඉතින් හරි අමාරු වුණා හරිහමන් කඩයක් හොයා ගන්න. කොහොමහරි අන්තිමට ඇප් එක පීරල පීරල, විනාඩි 10කටත් විතර පස්සෙ තමයි කඩයක් හොයාගත්තෙ.
“බෙල් පිඅට්ටෝ..
බලාංකො බං කඩේ නම. මොන මළදානයක් එයිද දන්නෑ”
“මොන මළදානයක් හරි කමක් නෑ දැන් ඕඩර් කරපිය. බඩගිනියි බොල”
‘හප්පේ මේකගෙ සැර’. සනික මෙනුව බලපු මම හැරෙන තැපෑලෙන් දැම්ම සීෆුඩ් නාසි (රු. 600) එකක්. දාලා.. අනිත්වුන්ගෙනුත් ඇහුව මොනවද ගන්නෙ කියල. ඔන්න එතකොට තමයි, කට්ටිය හෙමිහෙමිහිට මෙනුව බලන්න ගත්තෙ.
“මේ.. මට රෝස්ට් චිකන් කොත්තුවක් (රු. 450) හොඳයි. ඒකයි සීෆුඩ් ඩෙවිල් (රු.500) එකකුත් දාමුද කට්ටියටම කන්න?”
“එළ එළ. හොඳ අදහස ඈ. ඒනම් මම සීෆුඩ් පැස්ට එකක් (රු. 550) විතරක් ගන්නම්. එතකොට ඇතිනෙ”
“ආ.. හරි ඒනම් දැම්මා ඈ”
දඩබඩිස් ගාලා ඕඩරේ ප්ලේස් කරපු මම ආයෙත් සෙට් වුණේ කරකර ඉඳපු වැඩේට. ඒ අතරෙ ඉතින් අපේ අනිත් වුන් බර කතාබහට. මොකද ඕක එන්නත් පැය බාගයක් විතර යනවනෙ.
ඉඳල ඉඳල කොහොමහරි ඔන්න විනාඩි 40කින් විතර බඩු ටික ආවා, දෙයියනේ කියල ගෙදරටම. සැහ්, උණුඋණුවෙ බලන්න එපැයි. ඇත්තටම හොඳ සර්විස් එකක් ඈ, පොඩ්ඩක් පරක්කු වුණාට.
ඊටත් ඉතින් කෑම ආවයි කිව්වට පස්සෙ කට්ටිය! නිකම් ඉඳී...
බුදාප්පෝ.. පාර්සල් ටික උඩින් වගේ ගියේ හොඳේ. බොහොම අමාරුවෙන් තමයි ඉල්ලල පැස්ටා ටිකකුයි, ඩෙවිල් ටිකකුයි, කොත්තු ටිකකුයි මගේ නාසි පිඟානටම බෙදාගත්තෙ. එහෙමයි කියල නාසි එක මට විතරක් ඉතුරු වුණෙත් නෑ, බාගෙට බාගයක්ම වාෂ්පයි. ඒත් අර අනිත් ඒවයින් පිඟාන පිරිල නිසා හිත හදාගත්ත ඉතින්.
ඉස්ඉස්සෙල්ලාම, කාගෙන් බෙදාගත්තත් මම මගේ රයිස් එක රස බලල ඉන්න එපැයි.. කියල ගත්ත නාසි කටක් හැන්දට.
හප්පට! බලන්න එපැයි ඒකෙ හැඩ. ෂා ටොප් ආ.. බත් එකේ රසත් නියමෙටම තියෙනව. එතකොට කැරට්, ලීක්ස්, ලූණු, ගෝවා අඩුම කුඩුම ටිකත් හොඳ ෆ්‍රෙෂ් පිට, රස පදමටම.. හැබැයි සීෆුඩ් ටිකක් නම් මදි වගේ. මොකද උඩින්ම තිබ්බ ඉස්සො තුන්දෙනා හැරෙන්න මැද්දෙ වෙන එකෙක්වත් නෑ. ඒ වෙනුවට තිබ්බෙ දැල්ලොයි, බැදපු පොඩි පොඩි මාළු කෑලි ටිකකුයි විතරයි. අනික නාසි වලට එන බුල්සායි එකත් නෑ කියන්නකො. ම්ම්.. ගාණ නම් අඩුයි තමයි. ඒත් එහෙමයි කියල, නේ..
වැඩේ වුණේ නාසි එක කාලා කොත්තුවට බැස්සාමනෙ. චැහ්, ඒක නම්.. අනේ මන්දා. එකක්, කොත්තුව තනිකරම වේලිලා. හොදි එහෙම දාලම නැති ගානයි. අනිත් කාරණය තමයි ඒකට දාලා තියෙන චිකන් කෑල්ලෙ සයිස් එක. හිතා ගන්න බෑ, ඇත්තටම ඒක නම් මයික්‍රො ලෙවල් එකේ චිකන් කෑල්ලක්. මං හිතන්නෙ චිකන් බැදපු තාච්චියෙන් අන්තිමට අයින් කරන කෑල්ලක්ද කොහෙද. ආයෙ ඉතින් එතනින් එහාට කියන්න ඕන නෑනෙ යාළු. එළවළු, බිත්තර අඩුම කුඩුම ටික නම් ගානටම වගේ තිබ්බ. හැබැයි මිරිස්, ගම්මිරිස් එහෙමත් ගෑවිලාවත් නැති ගානයි.
ඊටත් එහා අර ඩෙවිල් එක. සීෆුඩ් කිව්වට ඒකෙ මාළුයි ඉස්සොයි විතරයි මට නම් සෙට් වුණේ. බාග වෙලාවට දැල්ලො හිටියද දන්නෙත් නෑ. හැබැයි කටට නම් හැපුණේ නෑ කියල තමයි හැමෝම වගේ කිව්වෙ. ඔක්කොමත් හරි ඇත්තටම ඒකෙ ඩෙවිල් ගතියක් තියා... බොලේ තනිකරම, සෝස්නෙ මලේ. කන්න තියා කටේ තියන්න බෑ යාලු. බොරුවට මිරිස් ටිකක්, මාළු මිරිස්, තක්කාලි එහෙම දාලා තියෙනව. ඒත් අර සෝස් එකේ රස නිසා කොහේදෝ යන පැණි, ඇඹුල් රසක් තමයි උඩ ඇවිල්ල තියෙන්නෙ. අනේ මන්දා ඉතින්.
ම්ම්.. පැස්ටා එක ගැනත් ඒ හැටි කියන්න දෙයක් නම් නෑ. කොහොමහරි ක්‍රීම් චීස් තිබ්බ මරේ කියල. කන්න බෑ කට දෙපැත්තෙ ගෑවෙනව. අනික පැස්ටත් එහෙම මහ ගොඩක් තිබ්බෙ නෑ. ඊටත් සීෆුඩ් තිබ්බ නැති ගානයි. මාළු කෑලි කීපයයි, ඉස්සො 1, 2යි, දැල්ලො.. හිටයදවත් නෑ ඕං.
හැබැයි තිබ්බෙ නම් කඩේ ‘ඉටෑලියන් ෆුඩ්’ කියල.
අපිටත් ඉතින් හොඳ පාඩම්. ඇහට දැකපුවත් නැති තැන්වලින් කෑම ගන්න යනවට!
Closed right now
Cuisine
Western Italian Sri Lankan Chinese
Price Range
Dish Types
Noodles Eggs Pasta Beverages Kottu Fried Rice Chicken Fried Chicken Fish Cuttlefish
Ratings Breakdown
Delete Comment
Yamuer47
You are down grading Uber eats in a very diplomatic manner…this is the second review you did the same. If you want to promote pick me, do it like a man. I really like your reviews and I read each one of them. Just don't do this petty shit. its not good for you.
Nimchathu
I thought the same too