Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2

4/5

Belmio Pizza

44 Madiwela Road, Thalawatugoda


Belmio is a pizzeria in Thalawatugoda that serves up easily the best pizza in the area. They also deliver fast.



අනේ, හවස 2ට වැටෙයි 3ට වැටෙයි 4ට වැටෙයි කියල බලන් හිටියා, නෑ. 5ට බැලුවා 6ට බැලුවා ඒත් නෑ. අද පඩිය වැටෙන පාටක් නෑ වගේ. ආයෙ ඉතින් සඳුද තමයි. මොනව කරන්නද?

එහෙමයි කියල ඉතින් අඩියක් නොගහ ඉන්නත් බෑ. මොකද, මාසෙ අන්තිම සිකුරාදනෙ. කාර්ඩ් එකට අඩියක් ගත්තට බියරුයි සැන්ඩියි ගන්න කෑෂ් නැති නිසා, දස අතේ කල්පනා කරපු මම පොඩි ප්ලෑනක් ගැහුවා.

“හලෝ, ඒ හරා, කොහෙද බන් ඉන්නෙ. අඩෝ බියර් එකක් වත් ගහමුකො. බයිට් එක මං ගාණේ... දන්නවනෙ ඉතින්, පීසා කෑල්ලක් එහෙම කාලා...”

“හෑ… පීසා කාලා..., අඩෝ මට විනාඩි 5ක් දියන්, විනාඩි 10න් ඔතන. මම බියර් ගේන්නම් උඹ පීසා ටික ලෑස්ති කරපන්කො” ඔන්න කොල්ලගෙ උත්තරේ.

හ්ම්ම්… ඩ්‍රින්කල් වැඩේ නම් හරි. ඒත් දැන් ඉතින් විනාඩි 20ට පීසා දෙකක් දාන්න එපැයි. වැලිපාර ට්‍රැෆික් එක මගදි දඩ බඩ ගාලා බස් එකෙන් බැහැගත්තු මම, අඩියට දෙකට තලවතුගොඩ හංදියෙ පීසා හට් එක පැත්තට කිට්ටු කරන්න පටන් ගත්ත. මෙන්න බොලේ අළුතෙන් දාපු තව පීසා කඩයක් තියෙනව පීසා හට් එකට මීටර 200ක් විතර මෙහායින්. එළියට පේන තඩි දර පෝරණුවකුත් තියෙනව. ඒ මදිවට, වීදුරු බිත්ති වලින් පේන ඇතුලෙ කැටයම් ටිකත් පට්ට ලස්සනයි.

දැන් මොකද කරන්නෙ, පීසාහට් යනවද? අළුත් කඩේට යනවද?

විනාඩියක් දෙකක් කල්පනා කරපු මම ඔන්න ඔහෙ ඕන දෙයක් වෙච්චාවෙ කියල අළුත් කඩේට ගියා.

කඩේ නම බෙල්මියෝ. දර පෝරණු, තුනී රොටි පීසා තමයි මෙයාලා හදන්නෙ. හිතා ගන්නකො ඔරිජිනල්ම ඉටෑලියන් පීසා කියල.

ඇතුල් වෙද්දිම ආපු සිනාමුසු පිළිගැනීම නම් සුපිරි. ඒ සෙනිකවම ඉස්සරහින් ඉඳපු සේවක යාළුවෙක් මට මෙනුවක් දුන්නා. වැඩි කතාබහ නැතුවට මොකද කියල හිතපු මම අයිනට වෙන්න තිබුනු මේසයකින් වාඩි වුනේ හොඳ පීසා එකක් තෝරන්න.

හුටා!, මේ ඔක්කොම නම් ඉටෑලියන්නෙ. වෙලාවට පීසා එකේ තියෙන දේවල් නමට යටින් දාලා තිබුනෙ.

තෝරල බලල මම ඉස් ඉස්සෙල්ලාම කියල වෙජි ගෝමෙට් අඟල් 9යෙ 1ක් (රු. 900) ඔඩර් කලා. මොකද යාළුව වෙජිටේරියන්නෙ. ඊට පස්සෙ මට කන්නයි, ඉතුරු වුනොත් ගෙදර ගෙනියන්නයි කියල හිතාගෙන මීට් පීසා අඟල් 13, 1කුත් (රු. 1900) ඕඩර් කලා. ඕඩර් කරල මෙනුව අකුලන්න යද්දි, මෙන්න බොලේ අන්තිම පිටුවෙ තියෙනව ඩෙසට් පීසා කියල ජාතියකුත්. අපි කවද්ද යාළු ඩෙසට් එකට පීසා කෑවෙ. ඔන්න ඔහෙ ඕන දෙයක් වෙච්චාවෙ කියල, හැමදාමත් නොකන එකේ නියුටෙලා කැල්සෝන් ඩෙසට් පීසා එකකුත් (රු. 1100) ඕඩරේට දැම්මා.

දැම්මත් හරි මෙන්න හරාගෙන් කෝල් එකක්. මෑන්ස් බියර් බෝතල් 4කුයි අනිත් අඩුම කුඩුම ටිකයි අරගෙන අපි උදේ හවහ සෙට් වෙන පොට් එකට ඇවිත්. වැඳල වැඳල තමයි විනාඩි 10ක් ඉල්ල ගත්තෙ.

කඩේට ඇතුල් වෙන තැනම තියෙන දර පෝරණුවයි බෙල්මියෝගෙ කුස්සියයි, හරිම ලස්සනයි. අනික රොටිය හැදෙන තැන ඉඳන් අඩුම කුඩුම ටික දාලා, රොටිය පුච්චල, පෙට්ටියට දාන තැන වෙනකම්ම බලා කියා ගන්නත් පුලුවන්නෙ. බෙල්මියෝ යාළුවො 4දෙනා කිසි කිසි ගාලා පීසා දාද්දි මම හිටියෙ ඉවසිල්ලක් නැතුව. හරියට සුපිරි කොත්තු බාස් කෙනෙක් සද්දෙට, රිද්මෙට කොත්තුවක් දාද්දි බලාගෙන ඉන්න ආස හිතෙනව වගේ. වැඩේට විනාඩි 15ක් වගේ යන්න ඇති. උණු උණුවෙ, සුවඳ ගගහ පෙට්ටි වලට වැටුණු පීසා 3 අරගෙන මම අපේ වාඩියට පියෑඹුවෙ සෙනිකව වැඩේට බහින්න.

ගියා විතරයි යාළුවත් බියර් බෝතල් 2ක් කඩල ලෑලි මේසෙ පිළිවෙලක් කරල ගත්තා. ඉස්සෙල්ලම මේසෙට ගත්තෙ වෙජි පීසා එක. තක්කාලි, ඔලිව්, රෙඩ්, ග්‍රීන් පෙපර්, හතු පිරුණු, ළුෑණු පීසා එක වැහිලා තිබුනෙ මෙලෙක් වුනු මොසරැල්ලා චීස් වලින්. සුවඳේ බෑ. තඩි පීසා කෑලි දෙකක් අතට ගත්තු අපි දෙන්නා වැඩේට බැස්සා. ෂහ්, පංකාදු පීසා එක ඈ… පොඩි සැර ගතියකුත් එක්ක ඉටෑලියන් ගතියත් නියම ගාණට එනව. චීසුත් මදි නොකියන්න තියෙන නිසා කාගෙන කාගෙන ගියහැකි.

වැඩේ කියන්නෙ පළවෙනි බියර් බෝතල් දෙක ඉවර වෙන්නත් කලින් වෙජි පීසා එක ඉවර වුනා කියන්නකො. දැන් යාළුවගෙන් කුණු බැනුම්. මොනව කරන්නද, දෙන්නත් එක්ක හිත හදාගෙන මස් පීසා එක මේසෙට ගත්තා. ඩෝප් සීන් එකේ අරූගෙ වෙජිටේරියන් එකත් බල්ලට ගිහින්. ආච්චි වැහිලා වගේ බේකන්, චීස් දාපු පීසා එකට හෝ ගාලා වැඩේ දෙනව. බල බල ඉන්න දෙයක් නෑනෙ, මමත් එන්ටර් වුනා වැඩේට.

කියල වැඩක් නෑ යාළු, පිස්සු හැදෙන රසක් තියෙන්නෙ. චීස් සුවඳයි, මස් සුවඳයි එකතු වෙලා එද්දි ගමකට කතහැකි. ළූණූ, තක්කාලි අඩුම කුඩුම ටිකත් ටොප් ගාණට. බේකන් පෙතිත් මදි නොකියන්න දාලා තියෙනව. කොටින්ම කියනව නම් කන කටකට එක ගාණෙ බේකන් පෙති තියෙනව කියන්නකො. හොඳ ගාණට වැදීගෙන එන වෙලාව නිසා මීට් පීසා එකෙන් බාගයක් වාශ්ප වෙනව අපිවත් දන්නෙ නෑ.

අන්තිම බියර් උගුරත් කටට හලා ගත්තු හරයි මායි බියර් වලටම ලයින් වෙන අනිත් ගැජමැටික් එක මෙව්ව කරන ගමන් හීන් සැරේ ඩෙසට් පීසා එක මේසෙට ගත්ත. ඒක නිකං හරියට තඩි හැලපයක් වගේ. හැපැයි අමුතු පපඩම් ගතියකුත් තියෙනව. කොනක් කඩල බැලුවාම තමයි දැක්කෙ මැද පුරවල තියෙන නියුටෙලා තට්ටුවයි, මෙලෙක් වුනු පළතුරුද මොනවද කෑලියි. ඒකත් ආයෙ දැක්කාම කටට කෙල උනන ගාණයි. හැබැයි කන කොට නම් පොඩි අවුලක් සෙට් වුනා. මොකද ඒ පීසා එකේ රොටිය ටිකක් ඝනකම් වැඩියි. චොකලට් රසත් මදි මදි වගේ. වෙලාවෙ හැටියට ෂේප් වුනාට බෙල්මියෝගෙ අනිත් පීසා එක්ක බලද්දි නම් මේ පීසා එක ටිකක් අවුල්.

කොහොම වුනත් බෙල්මියෝ නිසා අපේ බියර් පාටිය ටොප් එකට නැගල ගියා. ඩෝප් සීන් එකේ අන්තිමට දෙන්න සිංදුත් කියල තමයි ගෙදර ගියේ. කියන්න සන්තෝසයි යාළු, පුල් මාවලස් මන්ත් එන්ඩ් පාටිය ඈ...


TIP

Build your own pizza. Break all the rules!
All Reviews

Belmio Pizza is a pizzeria way out in Thalawatugoda that serves what is easily the best thin crust pizza in that area.

සිංහල සොසේජ් පීසා! හප්පේ, සුපිරි රසක්. ජම්බො සොසේජස්... දාලත් තියෙනව පීසා එක වැහෙන්න. පෝරණු රස්නෙට ළාවට කරවෙලා, චීස් එක්ක ගැලපිලා… පංකාදු පහයි! ඒ අතරට එන තක්කාලි බේස් එකේ රස? ෂැහ්! ටොප් ආ…

සිංහල පෝර්ක්, බාබකියු චිකන් පීසා එකනෙ පීසා එක. ඇයි ඉතින් පදමට කර වුණු පෝර්ක් හැම්, බාබකියු චිකන් එක්ක, රිකොට්ටා චීස්, මාගරිටා බේස් එක, නිවිති, ලූණූ, හතු, බ්ලැක් ඔලිව්…

සිංහල කොහොම වුනත් බෙල්මියෝ නිසා අපේ බියර් පාටිය ටොප් එකට නැගල ගියා. ඩෝප් සීන් එකේ අන්තිමට දෙන්න සිංදුත් කියල තමයි ගෙදර ගියේ. කියන්න සන්තෝසයි යාළු, පුල් මාවලස් මන්ත් එන්ඩ් පාටිය ඈ...

Artwork for Frimi Shoutout banner 2- non merchants only

Address

44 Madiwela Road, Thalawatugoda

Directions

From Thalawatugoda junction, head towards Madiwela on Madiwela Road, and it will be to your left. From Kotte, head towards Thalawatugoda, and it will be to your right.

Contacts

Facebook

Report Inaccuracy

Closed right now

Cuisine

Italian

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Pasta Vegetarian Pizza

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Similar Places

User Reviews
R
1

5/5

0

RuwanSilva

Comparable to some of the best Pizza in the country

A
2

5/5

0

Amila Wathulanda

Friendly staff. Food is delicious

P
1

5/5

0

Peanut Butter

Tiny place that serves delicious pizza. Customer service is prompt and pleasant. Try the "Meat pizza".

R
1

5/5

0

RuwanSilva

Comparable to some of the best Pizza in the country

A
2

5/5

0

Amila Wathulanda

Friendly staff. Food is delicious

P
1

5/5

0

Peanut Butter

Tiny place that serves delicious pizza. Customer service is prompt and pleasant. Try the "Meat pizza".

A
1

5/5

0

Ashini

Delicious pizza!!!!

Avatar for Malinthe
21

4/5

0

Malinthe YAMU STAFF

Got some pizza delivered the other day and it was really good. Delivery was painless as well. Really enjoyed the four cheese.

See 7 Comments