Artwork for PMF BF Top banner 1
Artwork for PMF BF Top banner 2

4/5

Belmio Pizza

44 Madiwela Road, Thalawatugoda


Belmio is a pizzeria in Thalawatugoda that serves up easily the best pizza in the area. They also deliver fast.



බුද්ධියා මේ… මෙදා පාර නම් පාර්ටියක් ඕන ඈ… ආයෙ නිකම් බයිල ගහන්න තියාගන්න එපා. අනික අරක්කුත් එපා. කන්න අරන් දියං, එච්චරයි.”

කිව්වට විශ්වාස කරන්න යාළු අළුත් වැඩකට අතක් තියන්න බෑනෙ… අපේ එවුන් පාර්ටි ඉල්ලන්න දතකට මැදගෙන ඉන්නෙ. ඒකත් බෝතලයක් දීලා ෂේප් වෙන්න පුළුවන් වුණා නම් අවුලක් නෑ. කන්නනෙ ඉල්ලන්නෙ. මොනව කරන්නද ඉතින් කියල, මගේ අනිත් යාළුවයි ක්ලයිම්බින්ග් සයිට් එකේ බඩු ටික ඔක්කොම අකුලගෙන දඩිබිඩියට ගෙවල් පැත්තට ඇද්දා. ඊට පස්සෙ ඇඟපත මූණ කට හෝදගෙන එහෙම තමයි කට්ටියට කෝල් එකක් දුන්නෙ.

“ඒ… ගෙදර ඇවිල්ල ඉන්නෙ. දැන් මොනවද බොලාට කන්නෝනි?”

“අපිට… පීසා ඕන. 3 දෙනෙක් ඉන්නව බඩ කට පිරෙන්න ඕනි.”

“මේ, එහෙම ඉතින් බඩ පැලෙන්න දෙන්න බෑ. අතේ තියෙන ගාණට අරන් දෙන්නම් කනව නම් කන්න” යටින් ගොඩින් වචනෙ දාලා මම පාර්ටියෙ රෞද්‍ර ගතිය එවෙලෙම පොඩ්ඩක් අඩු කරගත්තෙ, නැත්නම් කඩේට ගියාට පස්සෙ මුන්ගෙන් බේරෙන්න බැරි වෙන නිසා.

කොහොම හරි, වෙලාවට තලවතුගොඩ හංදියෙම හොඳ පීසා කඩයක් තිබ්බෙ. නැත්නම් තව ගමන් ගාස්තුවකුත් ගෙවන්න වෙනවනෙ.

මීට කලිනුත් දෙතුන් පාරක් ගොඩ වෙලා තියෙන නිසා ප්ලේස් එකට එන විදිය නම් කට්ටියට කියන්න උවමනාවක් තිබ්බෙ නෑ. හැබැයි ඕඩරේ දානකොට නම් එකින් එක විස්තර කරන්න වුණා. ඒකත් නිකම් නෙවෙයි, රස ගුණ එක්කම. ඉතින් පීසා ටික තෝරල ඉවර කරද්දිම විනාඩි 15ක් විතර ගිහින්. වෙලාවට බෙල්මියෝ එකේ එළියෙ ටේබල් එකක් දාලා තිබ්බෙ. නැත්නම් ඇතුළේ කට්ටියට හෙන වදයක් වෙන්නෙ. ඇයි අප්පේ… අපේ එවුන්ගෙ කෑගැහිල්ලනෙ.

දීර්ඝ සාකච්චාවකින් අනතුරුව අපි ඕඩර් කළේ ‘ෆෝ චීස්, මෂ්රූම් අනියන් බාගෙ බාගෙ ලාජ් පීසා එකකුයි (රු. 1650), ඕල් මීට්, සැමන් කැවියාර් බාගෙබාගෙ ලාජ් පීසා එකකුයි (රු. 2000), සීෆුඩ් රිසොටෝ එකකුයි (රු. 1650)’. ඔය අතරට චොකලට් ෆ්‍රැපේ එකක් (රු. 450) ගත්ත බොන්නයි කියල. වැඩේ කියන්නෙ එච්චර අරගෙනත් අපේ එක්කෙනෙක්ට මදි වෙන සීන් එකක්නෙ තිබ්බෙ. ඉතින් එයාට අපි කිව්ව කැමති ජාති දාලා මීඩියම් පීසා එකක් හදාගන්න කියල.

මගෙ මතකෙ හැටියට… එයා කිව්වෙ පෝර්ක් හැම්, බාබකියු චිකන්, චීස් එක්ක එළවළු ජාති 2, 3ක් (රු..1350)

ඕඩරෙන් දැම්මට පස්සේ මායි යාළුවයි අපේ සයිට් එකේ පොඩි ප්‍රමෝෂන් පාරක් එළියට දැම්ම. මොකද පීසා ටික එනකම් කරන්න දෙයක් තියෙන්නත් එපැයි. ඒත් අවාසනාවට මුලින්ම මේසෙට ආවෙ චොකලට් ෆ්‍රැපේ එක.

ඒක නම් දුටු තැනම වාෂ්ප!. ඇයි ඉතින් හොඳ කිරි රහට තිබ්බනෙ. ඒත් ඒකෙ කූල් ගතිය නම් තව වැඩි වෙන්න ඕන. අනික... චොකලට් රසත් තව පොඩ්ඩක් වගේ වැඩි වුණා නම් මරු. හැබැයි ඉතින් සයිස් එක නම් දෙන්නෙක්ට ගාන.

කොහොම හරි අපේ කයිය විනාඩි 15ක් විතර යද්දි තමයි පළවෙනි පීසා එක මේසෙට ආවෙ.

ෂප්පේ… දැක්කාම කටට කෙළ උනනව. දියාරු චීස් සුවඳ ගගහ, දෙපැත්තෙන් බේරි බේරි… ඒ විතරක් නම් බැරියැ, රෝස්ට් වුණු හැම්, බේකන්වල සුවඳ! වෙජි දෙන්න පැත්තක ඉඳලත් මීට්, සැමන් පීසා එක බේරගන්න කිසිම හැකියාවක් තිබුණෙ නෑ. වෙලාවට මම මුලින්ම ඕල් මීට් කෑල්ලකුයි, සැමන් කැවියාර් කෑල්ලකුයි අතට ගත්තෙ.

අවංකයෙන්ම කියනව නම් බෙල්මියෝ ඕල් මීට් එක එදා වගේම අදත් පංකාදු පහට තියෙනව. මගෙ හිතේ මෙයාල ළඟ තියෙන සුපිරිම පීසාවලින් එකක් වෙන්න ඕන. පෝර්ක් හැම්, බාබකියු චිකන් එක්ක මාගරිටා බේසේ එකයි තව චීස් ජාතියකුයි දාලා… පිස්සු හැදෙන රසක් තියෙන්නෙ. අනික හැම්, චිකන් එහෙමත් උතුරන්න තියෙනවනෙ. කොටින්ම කියනව නම් රොටියෙ රසවත් දැනෙන්නෙ නැති ගාණට මස්.

ඒ වගේම තමයි සැමන් පීසා එක. එකම වෙනස මාළු රස. හැබැයි ඕල් මීට් එක තරම් සැමන් එක නැගල යන ගතියක් තිබ්බෙ නෑ. මොකද අපේ අනිත් අයත් සැමන් එකට එච්චර ලොකු නැම්මක් තිබ්බෙ නැති නිසා. හැබැයි ඒකට දාපු කැවියාර්වල නම් අමුතු රසක් තිබ්බ. බාග වෙලාවට මාළු රසට හොඳ හැටි ගැලපෙන ගානට. ඒකත් එක්ක චීස් ටික උණු වෙලා දියාරු ගතියට එද්දි ඉතින්… සීෆුඩ් ෆෑන් කෙනෙක් හිටිය නම්, සැමන් පීසා එකත් වාෂ්ප තමයි.

ඒ අතරට මේසෙට ඇවිල්ල තිබ්බ ෆෝ චීස්, මශ්රූම් බැල්සැමික් පීසා එකෙන් මට අතට ගන්න හම්බවුණේ ෆෝ චීස් කෑල්ලක් විතරයි. හැබැයි මශ්රූම් එකෙනුත් පොඩි කෑල්ලක් ඉල්ලගෙන රස බලන්න චාන්ස් එකක් ලැබුණා.

ඇත්තටම මශ්රූම් බැල්සැමික් එකේ රස නම් සුපිරි. ඒකටත් චීස් ජාති දෙකක් දාලා. චීස් සුවඳට කටට කෙළ උනන නිසා වෙන්න ඕන ඒක සනිකව ඉවර වුණේ. හැබැයි ඉතින් තව මශ්රූම් ටිකකුත් එකතු වුණා නම් පංකාදු පහයි. කොහොම වුනත් බැල්සැමික් ලූණුවලින් එන රසය මශ්රූම් පීසා එකේ ගතිය ඩබල් ත්‍රිබල් කළා කිව්වොත් හරි. ඇත්තටම ගත්තොත් ඒක අපේ සීනි සම්බෝල වගේ. හැබැයි ඊට වැඩිය රසයි.

හිතන්නකො ඉතින් හතුයි, චීසුයි එක්ක, ලූණු තෙල් දාලා…! ෂප්පේ...

අවාසනාවට ෆෝ චීස් එකේ, බ්ලු චීස්වලින් ආපු තිත්ත රස නිසා කෑලි 2, 3ක්ම පිඟානෙම ඉතුරු වුණා. ඒක ඉතින් පීසා එකේ අවුලක් නෙවෙයි, අපේ අයට පුරුදු නැති එකේ අවුලනෙ. ඒත් චීස්වලට කෑදරම ඩබලක් ඉඳගෙන ෆෝ චීස් එකටත් වැඩේ දුන්න ඉතින්. හැබැයි රසේ පොඩි වෙනසක් කරගෙන, ලුණු, ගම්මිරිස් පදමක් එකතු කරගෙන වගේ… ඇත්තටම ඉතින් ලුණු ගම්මිරිස් දා ගත්තාම ෆෝ චීස් නෙවෙයි, එයිට් චීස් තිබ්බත් මෝකෝ ඉතින් නේ…

අන්න ඒකට, බලන්න එපැයි සීෆුඩ් රිසොටෝ එක. චීස් උතුරනව කියන්නෙ, ඒක කද්දි මුළු කටේම චීස්. ඉස්සො, දැල්ලො, මාළු පොඩියට ලියපු කෑලි එකතු කරල බත් එක්ක රස පදමට හදල…

හැබැයි ඉතින් මට නම් රිසොටෝ එක එච්චරම ඇල්ලුවෙ නෑ. ඇයි අප්පේ… සීෆුඩ් රස නොදැනෙන ගාණටම චීස්නෙ. අනික බත් රසත් එන්නෙම නැති ගානයි. කොහොම වුණත් අපේ චීස් ෆෑන්ලට නම් බෙල්මියෝ රිසොටෝ එක සුපිරියට ගැළපෙයි මගෙ හිතේ.

ඔක්කොමත් හරි අපේ යාළුව හදාගත්ත පෝර්ක්, බාබකියු චිකන් පීසා එකනෙ පීසා එක. ඕල් මීට් එකට පස්සෙ තිබ්බ හොඳම එක කිව්වත් වරදක් නෑ. ඇයි ඉතින් පදමට කර වුණු පෝර්ක් හැම්, බාබකියු චිකන් එක්ක, රිකොට්ටා චීස්, මාගරිටා බේස් එක, නිවිති, ලූණූ, හතු, බ්ලැක් ඔලිව්… ආයෙ සුපිරි ඈ… අවංකයෙන්ම ඒක නම් අපේ රහට හොඳටම ගැළපෙනව. මොකද හිතාගන්න බැරි විදියෙ පොඩි සැර ගතියකුත් තිබුණනේ. විශේෂයෙන්ම දියාරු රිකොට්ටා චීස්වල සුවඳයි රසයි එක්ක උණුඋණුවෙන්! ආයෙ තලු මරමර රස බලන්න පුළුවන්.

ඔය විදියට ඉතින් පීසා කෑවට පස්සෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ?

අපේ කස්ටිය වැල කාපු කිඹුල්ලු වගේ තැන් තැන්වල. සමහරු හුස්ම ගන්නෙත් හරිම අමාරුවෙන්. යාන්තම් හරි එකෙක් දෙන්නෙක් නැගිට්ටෙ විනාඩි 10, 15ට විතර පස්සෙ.

හප්පේ… ඇත්තටම, යාළුවො සෙට් එකක් එකතුවෙලා කරගෙන යන හංදියෙ, මේ  පීසා වැඩේ නම් සුපිරිම තමයි. අනික ඉතින් අපිට කට ඇරල කියන්න පුළුවන්නේ, තලවතුගොඩත් ඉටෑලියන් පීසා තියෙනව කියල! නේ...


TIP

Build your own pizza. Break all the rules!
All Reviews

Belmio Pizza is a pizzeria way out in Thalawatugoda that serves what is easily the best thin crust pizza in that area.

සිංහල සොසේජ් පීසා! හප්පේ, සුපිරි රසක්. ජම්බො සොසේජස්... දාලත් තියෙනව පීසා එක වැහෙන්න. පෝරණු රස්නෙට ළාවට කරවෙලා, චීස් එක්ක ගැලපිලා… පංකාදු පහයි! ඒ අතරට එන තක්කාලි බේස් එකේ රස? ෂැහ්! ටොප් ආ…

සිංහල පෝර්ක්, බාබකියු චිකන් පීසා එකනෙ පීසා එක. ඇයි ඉතින් පදමට කර වුණු පෝර්ක් හැම්, බාබකියු චිකන් එක්ක, රිකොට්ටා චීස්, මාගරිටා බේස් එක, නිවිති, ලූණූ, හතු, බ්ලැක් ඔලිව්…

සිංහල කොහොම වුනත් බෙල්මියෝ නිසා අපේ බියර් පාටිය ටොප් එකට නැගල ගියා. ඩෝප් සීන් එකේ අන්තිමට දෙන්න සිංදුත් කියල තමයි ගෙදර ගියේ. කියන්න සන්තෝසයි යාළු, පුල් මාවලස් මන්ත් එන්ඩ් පාටිය ඈ...

Address

44 Madiwela Road, Thalawatugoda

Directions

From Thalawatugoda junction, head towards Madiwela on Madiwela Road, and it will be to your left. From Kotte, head towards Thalawatugoda, and it will be to your right.

Contacts

Facebook

Report Inaccuracy

Open until 10:30 PM

Cuisine

Italian

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Pasta Vegetarian Pizza

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
User Reviews
R
1

5/5

0

RuwanSilva

Comparable to some of the best Pizza in the country

A
2

5/5

0

Amila Wathulanda

Friendly staff. Food is delicious

P
1

5/5

0

Peanut Butter

Tiny place that serves delicious pizza. Customer service is prompt and pleasant. Try the "Meat pizza".

R
1

5/5

0

RuwanSilva

Comparable to some of the best Pizza in the country

A
2

5/5

0

Amila Wathulanda

Friendly staff. Food is delicious

P
1

5/5

0

Peanut Butter

Tiny place that serves delicious pizza. Customer service is prompt and pleasant. Try the "Meat pizza".

A
1

5/5

0

Ashini

Delicious pizza!!!!

Avatar for Malinthe
21

4/5

0

Malinthe YAMU STAFF

Got some pizza delivered the other day and it was really good. Delivery was painless as well. Really enjoyed the four cheese.

See 7 Comments