4/5

Belmio Pizza

44 Madiwela Road, Thalawatugoda


Belmio is a pizzeria in Thalawatugoda that serves up easily the best pizza in the area. They also deliver fast.



කොහොමද, හොඳම යාළුවො දෙන්නෙක්ගෙ බර්ත්ඩේ එකම දවසෙ වැටුනාම?

සුපිරි ආයෙ ඈ. සුපිරි!

උදේ ඉඳන් එකෙක්වත් සද්ද කළේ නෑ. මොකද දෙන්න වෙන ලයින් එකක් දාලා මාරු වුණොත් එහෙම. සද්ද නොකර ඉඳලා... කෙළින්ම ඇල්ලුව හැන්දෑවෙ 4. සෙට් එක, එක පේළියට කෝල් ගැහුවෙ. හොර බොරු බෑ, එකා දෙන්න කන්ෆරන්ස් ලයින් එකේ.

“ආ.. ඇත්තද? දැන් බෝ කිව්වෙ කෑල්ල එක්ක පොඩ්ඩක් එළියට යනව කියල, මට. ගෙදට්ට එන්න කලින් හංදියට වරෙන් නැන්නම් වැඩේ දෙක වෙයි...” එකෙක්ට පොඩි සද්දයක් දාලා ඔන්න ටකල් කරගත්තෙ. අනික නම් ෆුල් ඕපන්. මගෙ හිතේ බැඳපු හින්ද වෙන්න ඕන. කෝල් එක ගත්ත විතරයි,

“තැන්ක්යු තැන්ක්යු බං. මොකෝ කරන්නෙ ඉතිං. හැන්දැවෙලා මොනවහරි කරමුද..?” සාමකාමී ව ම සෙට්වුණා කියන්නකො.

එතනින් එහාට වැඩේ බාරවෙලා තිබ්බෙ මට. බියර් එකක් ගහන ගමන් මොනවහරි කන්න තැනක් හොයන්න. වැඩේ වුණේ එහෙම තැනක් හොයන එක නෙවෙයි, අපේ හංදිය කිට්ටුවෙන් ම හොයන එකනෙ. මොකද අර බැඳපු කොලුවගෙ වයිෆුත් එනව කියලනෙ.

කොහොමහරි ඉතින්, යමු සයිට් එකත් පීරල පීරල මම තැන් දෙකක් හොයාගත්ත. එකක් පීසා කඩයක්. අනික රෙස්ටුරන්ට් එකක්.

“අනේ බං වයිෆ එක්ක බාර් අස්සෙ රිංගන්න බෑනෙ. අනිත් ප්ලේස් එකට යමං”

“එකෙන් ම එකෙන් ම. උඹ කියනව නං ඉතින් ඕන තැනක්”

ඒ කෝල් එකෙන් ම තැනයි, වෙලාවයි, බාහිරින් ගෙනියන්න තියෙන අඩුමකුඩුම ටිකයිත් කතා කරගත්ත අපි, හැමදාම වගේ හයට කියල හතට සෙට්වුණා. ඒකත්, සෙට්වුණාට පස්සෙ තමයි  දෙන්නෙක් බාර් එකට ගියේ බීර ගේන්න කියල. ඒ අතරට මම ගිහින් මැනේජ්ර් මහත්තයට ටෝක් කරල හෙමින්සැරේ ඇල්ලුව අයිනෙ ප්ලේස් එකක්. මොකද කාටවත් කරදරයක් වෙන්න බෑනෙ.

“ම්ම්... මොකෝ කියන්නෙ ඕඩරේ දානවද...”

“දාමු දාමු ඉතින්. ඕව එන්නත් වෙලා යනවනෙ.”

“ඔව් නේ. එහෙනම් කියාන්කො උබ මොනවද කන්නෙ?”

හයදෙනෙක් ඉඳපු නිසා එක්කෙනෙක්ට පීසා බාගෙ ගාණෙ තෝරන්න චාන්ස් එක දුන්න මම ඉස්ඉස්සෙල්ලාම කියල දැම්ම සොසේජ් (රු. 575), බීෆ් පෙපරෝනි (රු. 700) හාෆ් හාෆ් එකක්. ඒ දාලා අනික් පැත්තට මෙන්න අපේ රොබින් අයියගෙන්...

“මචං, මටයි වයිෆ්ටයි බාබකියු චිකන් (රු. 725), ක්වට්‍රෝ ෆෝමැගි (රු. 825) බාගෙ බාගෙ එකක් හොඳේ”

“එළ එළ”

ඒ ගැම්මට ම හරාටත් කෝල් එකක් ගහපු මම මෙනුව කියල එල් ෆන්ගි (රු. 685), මීට් පීසා (රු. 975) හාෆ් හාෆ් එකකට අනුමැතිය ගත්ත.

එහෙනම් හරිනෙ මල්ලි. අපිට කූල් වෝටර් බොට්ල්ස් හතරකුත් ගේන්න...

ඕඩරේ දාලා, හරිබරිගැහිලා... මම ඇත්තටම ලෑස්ති වුණේ රොබිනගෙන් කසාද ජීවිතය ගැන තොරතුරු ටිකක් විමසන්න. ඒත් කොහෙද, එක විනාඩියක් ගියේ නෑ අපේ අනික්වුන් දෙන්නයි, බීර ටිකයි ආවනෙ. ඒකත් කෙළින්ම මේසෙට!

එතනින් එහාට ඉතින් කියන්න ඕන නෑනෙ. කතාව හරිම කෙටියි. කූල් බීරත් එක්ක…

මේසෙට ආපු පළවෙනි පීසා දෙක නිකම් වාෂ්ප වුණා වගේ. වෙලාවට හැම එකකින්ම කෑල්ල ගානෙ හැමෝටම සෙට්වුණේ.

එහෙම සෙට් වෙච්ච මගේ පළවෙනි කෑල්ල බීෆ් පෙපරෝනි. කිරි ගහට ඇන්න වගේ... ආයෙ දාලා තියෙනව බීෆ්... මදි නොකියන්න. ඒකත් අර දර පෝරණු රස්නෙට පදමට කරවෙලා, පුදුම රසක් හොඳේ. ඊටත් මොසරැල්ල හරි පාමෙසාන් හරි වෙන්න ඕන මෙළෙක් වෙච්ච චීස් එක්ක උණු උණුවෙන් රස බලනව කියන්නෙ, මගෙ හිතේ ඒ රස ටම බීර බාගයක් විතර ඉවරයි.

කිව්වට විශ්වාස කරන්න යාළු ඒකට දෙවනි නැති, ඒකෙ ම අනිත් බාගෙ. සොසේජ් පීසා! හප්පේ, සුපිරි රසක් කියෙන්නෙ, වගකීමෙන් කිව්වහැකි ඒ තරම් රස සෝසේජ් පීසා එකක් නම් මම මීට කලින් කවදාවත් රස බලල නෑ හොඳේ. අනික ජම්බො සොසේජස්... දාලත් තියෙනව පීසා එක වැහෙන්න. පෝරණු රස්නෙට ළාවට කරවෙලා, චීස් එක්ක ගැලපිලා… පංකාදු පහයි! ඒ අතරට එන තක්කාලි බේස් එකේ රස? ෂැහ්! ටොප් ආ…

ඊට පස්සෙ මම අතට ගත්තෙ මීට් පීසා කෑල්ලක්. අවංකයෙන්ම, හිතුවෙ ම ඒක ඊටත් වඩා රස වෙයි කියල. හැබැයි කලවමේ දාපු මස් නිසාද කොහෙද නිකම් හිතාගන්න බැරි රසක් තියෙන්නෙ. හීනියට ඉරපු චිකන්, සොසේජස්, හැම්, බේකන් ඔක්කොම එක්ක, ලූනු, බෙල්පෙපර්, මොසරැල්ල චීස්, තක්කාලි බේස් එක එකතු වෙලා… අමුතුම ගතියක් නැත්තෙත් නෑ. අර වැඩේ තියෙන්නෙ ඒකට පොඩි ගම්මිරිස් පාරක් වගේ එකතු වුණා නම් තව මොනවහරි වෙනසක් කරගන්න තිබ්බ.

හ්ම්… ක්වට්‍රෝ ෆෝමැගි, තනිකරම චීස්. පාමෙසාන්, මොසරැල්ල, බ්ලූ, බෆලෝ.. ඔක්කොම එකතුවෙලා…

මගේ හිතට එච්චර ඇල්ලුවෙ නැති වුණාට මොකද අපේ රොබින් අයියගෙ වයිෆ්ට නම් නැගල ගිහිල්ල තිබ්බ. හැබැයි එයත් අර නුපුරුදු තිත්ත ගතිය, බ්ලූ චීස් ගැන නම් පැහැදිලිව ම කිව්ව,

“ඒවා නොදා ඉන්න නේ තිබ්බෙ, බුද්ධි!”

“ඔව් අප්ප. වැඩේ කියන්නෙ මම එච්චර මීටර් කළේ නෑනෙ”

අන්තිමටම බැස්සෙ බාබකියු චිකන් එකෙන් කෑල්ලක්. පොඩි බ්‍රේක් එකකට සුපර් කියන්න වගේ, රස අඩු පීසා එකකට පස්සෙ... බාබකියු චිකන් පිරිච්ච, ලූනු, බෙල්පෙපර්වලින් අඩු නැති, මොසරැල්ල චීසුත් රස පදමට තියෙන ටොප් පීසා එකක්. වැඩේ කියන්නෙ ඒ වෙද්දි ළාවට වැදිල තිබ්බ නිසා, පීසා පෙත්ත නිකම් නැගල ගියා, තේරුණේ නෑ. හැබැයි ඒකෙ පොඩි අඩුවකුත් තිබ්බ. ඇත්තටම ඒ චිකන්වල බාබකියු රස එනව ටිකක් මදි. මගෙ හිතේ අනිත් අඩුම කුඩුම නිසා ඒක යට ගිහින්. ඒක හැදුණ නම් ඉතින් ඒ පීසා එකත් ටොප් ම තමා…

ඊට පස්සෙ එල් ෆන්ගි. පෙත්තකිනුත් බාගයයි තිබ්බෙ. මොකද ඒකෙ හැම්, මෂ්රෑම්නෙ. ඒ හැරුණාම මොසරැල්ල චීස් එක්ක තක්කාලි බේස් එක. නරකම නෑ ඉතින්. ඒත් කියන්න තරම් හොඳකුත් නෑ. නිවිල නිසා මුකුත් කියන්නත් බෑ. අනේ මංදා…

මට වැදිලත් එක්කනෙ හිටියෙ. ඒ නිසා… හරියට මතකත් නෑ,

වගේ!


TIP

Build your own pizza. Break all the rules!
All Reviews

Belmio Pizza is a pizzeria way out in Thalawatugoda that serves what is easily the best thin crust pizza in that area.

සිංහල සොසේජ් පීසා! හප්පේ, සුපිරි රසක්. ජම්බො සොසේජස්... දාලත් තියෙනව පීසා එක වැහෙන්න. පෝරණු රස්නෙට ළාවට කරවෙලා, චීස් එක්ක ගැලපිලා… පංකාදු පහයි! ඒ අතරට එන තක්කාලි බේස් එකේ රස? ෂැහ්! ටොප් ආ…

සිංහල පෝර්ක්, බාබකියු චිකන් පීසා එකනෙ පීසා එක. ඇයි ඉතින් පදමට කර වුණු පෝර්ක් හැම්, බාබකියු චිකන් එක්ක, රිකොට්ටා චීස්, මාගරිටා බේස් එක, නිවිති, ලූණූ, හතු, බ්ලැක් ඔලිව්…

සිංහල කොහොම වුනත් බෙල්මියෝ නිසා අපේ බියර් පාටිය ටොප් එකට නැගල ගියා. ඩෝප් සීන් එකේ අන්තිමට දෙන්න සිංදුත් කියල තමයි ගෙදර ගියේ. කියන්න සන්තෝසයි යාළු, පුල් මාවලස් මන්ත් එන්ඩ් පාටිය ඈ...

Artwork for Frimi Shoutout banner-Merchants only

Address

44 Madiwela Road, Thalawatugoda

Directions

From Thalawatugoda junction, head towards Madiwela on Madiwela Road, and it will be to your left. From Kotte, head towards Thalawatugoda, and it will be to your right.

Contacts

Facebook

Report Inaccuracy

Closed right now

Cuisine

Italian

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Pasta Vegetarian Pizza

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Similar Places

User Reviews
R
1

5/5

0

RuwanSilva

Comparable to Giovanni’s and super quick delivery

A
2

5/5

0

Amila Wathulanda

Friendly staff. Food is delicious

P
1

5/5

0

Peanut Butter

Tiny place that serves delicious pizza. Customer service is prompt and pleasant. Try the "Meat pizza".

R
1

5/5

0

RuwanSilva

Comparable to Giovanni’s and super quick delivery

A
2

5/5

0

Amila Wathulanda

Friendly staff. Food is delicious

P
1

5/5

0

Peanut Butter

Tiny place that serves delicious pizza. Customer service is prompt and pleasant. Try the "Meat pizza".

A
1

5/5

0

Ashini

Delicious pizza!!!!

Avatar for Malinthe
21

4/5

0

Malinthe YAMU STAFF

Got some pizza delivered the other day and it was really good. Delivery was painless as well. Really enjoyed the four cheese.

See 7 Comments