3/5

Big Bad Wolf

Madinnagoda, Rajagiriya


A restaurant specialized in pork-based dishes.



බිග් බෑඩ් වුල්ෆ් කිව්වම ගොඩක් අයට මතක්වෙන්නෙ පොත්. ඒත් මේ කියන්න යන්නෙ ඒ වුල්ෆ් ගැන නෙවෙයි. පෝර්ක්වලට ම කෙළ හලන, පෝර්ක්වලින් කෑම හදන වුල්ෆ් ගැන. මුලින් ෆුඩ් ෆෙස්ටිවල්වල එහෙම ස්ටෝල් දාගෙන හිටපු මේ වෘකයා දැන් එයාගෙ ම වාසභවනකට ඇවිත්. ඉතිං අපිත් ගිය සතියේ නාවල පැත්තෙ ගියා, බිග් බෑඩ් වුල්ෆ් රෙස්ටෝරන්ට් එකට.

තැන

නුගේගොඩ පැත්තෙ ඉඳන් යද්දි නාවල හංදියට කලින් හම්බවෙන හැටන් නැෂනල් බැංකුව ගාව තමයි මේ වෘක භවන තියෙන්නෙ. චූටි ගේට්ටුවකින් ඇතුල් වුණාට මොකද හොඳට ඉඩකඩ තියෙන ගෙවත්තක් තමයි ඇතුලෙ තියෙන්නෙ. මේක එක පැත්තක බොක්ස්-ඕ-නූඩ්ල්ස් එක තියෙනවා; අනිත් පැත්තෙ බිග් බෑඩ් වුල්ෆ්.

කෑම

ඩෙසර්ට් ඇරෙන්න මෙතන තියෙන හැම කෑමක ම පෝර්ක් තියෙනවා. අපි කන්න ගත්තෙ බේකන් බර්ගර් එකකුයි, පෝර්ක් බෙරි ව්රැප් එකකුයි, කළුපොල් පෝර්ක් එක්ක චපාතියි.

මේ ගොල්ලන්ගෙ පෝර්ක් බර්ගර් එකට වඩා බේකන් බර්ගර් එකේ තියෙන වෙනස තමයි අරකේ තියෙන සලාද කොළ වෙනුවට මේකට දාන්නෙ බේකන්. මේකට දාලා තියෙන කැරමලයිස්ඩ් අනියන් නම් පට්ට. බන් එකත් අලුත්. ගාන පොඩ්ඩක් වැඩි වුණාට මේක හොඳ බර්ගර් එකක්.

පෝර්ක් බෙලි ව්රැප් එක ගද්දි ම ඒක ටිකක් දැවිල්ලයි කියල අපට කීවා. හැබැයි දැවිල්ලයි කීවට මෙච්චර දැවිල්ලයි කියල නම් අපි හිතුවේ නෑ. පෝර්ක් එකට දාලා තියෙන මිරිස්, කෑලි මිරිස් තොගේ මදිවට මාළු මිරිසුත් දාලත් මේක හදල තියෙන්නෙ. ඉතිං කඳුළු පනින මිරිස් රහ ඇරෙන්න අනිත් කිසි රහක් දැනෙන්නෙ නෑ. තෙල් කෑලි ටික නොතිබෙන්න අපි රැවටෙන්නත් තිබුණා මේකේ තියෙන්නෙ චිකන් කියලා. අන්තිමේ මිරිස් ගිලල මැරෙන්න බැරි නිසා අපි මේක දිගෑරලා ටූත් පික් එකෙන් මස් කෑලි ඇහිඳගෙන තමයි කෑවේ.

කළුපොල් පෝර්ක් එකත් එක්ක ආපු චපාති එක නම් මරු. එහා මෙහා පෙනෙන නොපෙනෙන ගානය තුනී වෙන්න හදලා; රසත් හොඳයි. හැබැයි “කළුපොල්” කීවට මේක කළුපොල් කරියක් නෙනවයි; නිකං සාමාන්‍ය පෝර්ක් කරියක්. කියන්න තරම් වරදක් නැති වුණත් කියන්න තරම් හොඳකුත් නෑ. හැබැයි ඉතිං ලොකු දීසියක් පිරෙන්න තියෙනවා පෝර්ක් කරිය.

අපි බොන්න ගත්තු පැෂන් පෘට් ජූස් එකයි නාරං ජූස් එකයි දෙකම රසයි. ටිකක් විතර පැණිරස පැත්තට බර වුණාට දිව ඇලෙන ගානට සීනි දාලා නෑ; අවුලක් නැතුව බොන්න පුළුවන්.

සර්විස් එක

මෙතන තියෙන්නෙ සෙල්ෆ් සර්විස්. අපට මෙනු එකේ තියෙන දේවල් එකින් එක විස්තර කරල කියල දුන්නා, ඒවයේ තියෙන්නෙ මොනවද කියලා. හැබැයි ඉතිං කෑම ටික මේසෙට එන්න නම් පැය බාගයක් විතර ගියා.

අවසාන වශයෙන්

බර්ගර් එක ඇරෙන්න අනිත් කෑම ජාති ගැන නම් අපට එච්චර අල්ලලා ගියේ නෑ. හැබැයි ඉතිං කොළඹ පෝර්ක් සහ ඇත්ත බේකන් තියෙන තැන් ගොඩක් අඩු නිසා, මේ වගේ තැනක් හරි තියෙන එක (අපි වගේ) පෝර්ක් පෙරේතයන්ට ලොකු දෙයක්. හැබැයි ඉතිං යනව නම් බර්ගර්, හොට්ඩෝග් වගේ දේකට මිසක් කරි ජාතිවලට, ව්රැප්වලට යන්න එපා.

ආ, කියන්න අමතක වුණා. මෙතන ගාර්ඩ්න් එක රෑට මාර ලස්සන ඇති. අරක්කු ගේන්න දෙන්නෙ නැති වුණත් බියර් එකක්, වයින් එකක් වගේ එළියෙන් අරන් යන්නත් පුළුවන්.


TIP

Go for the burgers.

Artwork for Frimi Shoutout banner 2- non merchants only

Address

Madinnagoda, Rajagiriya

Directions

Next to the HNB near the Nawala junction.

Contacts

E-Mail Facebook

Report Inaccuracy

Closed right now

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Pork Burgers Wraps

Cuisine

American Fusion European

Ratings Breakdown

Quality Rating
3
Service Rating
4
Ambience Rating
5
Similar Places

User Reviews
P
1

5/5

0

PaulBlacker

Amazing Food… Of course I may be biased as I make most of it…! :P

M
8

5/5

1

MrOlympus

Try Halfpounder……thats the best item in their menu.

P
1

5/5

0

PaulBlacker

Amazing Food… Of course I may be biased as I make most of it…! :P

M
8

5/5

1

MrOlympus

Try Halfpounder……thats the best item in their menu.

See 4 Comments