Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Big Bite (Mount Lavinia)

485 Galle Road, Mount Lavinia


Big Bite in Mount Lavinia is one of the few places where you can get yourself a proper Pakistani biriyani. It's spicier than most, but it's still damn good, specially coupled with their barbequed chicken.



පාකිස්තානුවන් විසින් කරගෙන යන බිග් බයිට්හිදී ඔබට රසවත් තන්දුරි චිකන් සහ හොඳ බුරියානි කෑ හැකියි.

පිලවුස් වගේම බිග් බයිටුත් එකකට එකක් නොගැලපෙන කෑම රස ඇති ශාඛා ගණනාවකින් යුත් වෙළඳ නාමයක්. අපිට කියන්න පුළුවන් ගල්කිස්සේ බිග් බයිට් එක හොඳ බිග් බයිට් ශාඛා වලින් එකක්. ඒක කරගෙන යන්නේ පාකිස්තානුවන් විසින්. එහි තියෙනවා ඇති විශිෂ්ට අන්දමින් රසවත් බුරියානි (චිකන්/මට්න්) සහ බාබිකිව්. (තන්දුරි වර්ගයේ.)

කෑම

බාබිකිව් චිකන් එක රුපියල් 280යි. ඒක හරි කදිමයි. අපේ හිත මුලින්ම මෙහෙට ඇදෙන්න හේතුවත් ඒකයි. විවෘත ලිපකින් රෝස්ට් කළ රතු මස් කූරුත් මෙහෙ තියෙනවා. ඒවා රසවත් වගේම මෘදුයි. විශේෂයෙන්ම ඒවා උණු උණුවෙන් කනකොට. තවදුරටත් රස විඳිනවා නම් ඒවා දෙහි පෙත්තකුත් එක්ක කදිමයි.

අනිත් විශේෂ රස කෑම තමයි බිරියානි. එක්කෝ මට්න් (රුපියල් 500) හෝ චිකන් (රුපියල් 280) කන්න පුළුවන්. මුලට දාලා තියෙන්නේ තැඹිලි පාට, කහපාට හෝ සුදුපාට දිගු ඇට ඇති බාස්මති හාල් වලින් හැදූ බත්. මට්න් එක්කනම් එයාලා ඇති වෙන්න මසුයි හොදියි දෙනවා. අපි චිකන් දැක්කේ නෑ. ඒත් ඒවා බාබිකිව් වගේනම් අනිවාර්යයෙන්ම හොඳ ඇති.

පිහිටීම

බිග් බයිට් තියෙන්නේ ගල්කිස්සේ ගාලුපාරේ හොටෙල් රෝඩ් ටර්න් ඕෆ් එක ළඟ. ඔබ ගල්කිස්සේ ඉන්නවනම් මේකට එන්න ලේසියි. එහෙම නැත්තං අමාරුයි. ෂොප් එක සාමාන්‍ය මට්ටමේ එකක්. ඒක මූලික වශයෙන්ම ගින්දර වළක්. උඩින් පංකාවක් තියෙනවා. ලොකු බුරියානි හැළියක් තියෙනවා. ඇතුළේ ඉඳගන්න ඉඩ තියෙනවා. ඒක පිරිසිදුයි. හැබැයි ඒක පාර අයිනේ කඩේකට වෙනස් වෙන්නේ නෑ.

සේවාව

මෙතන කරගෙන යන්නේ පාකිස්තානුවන් හතර පස් දෙනෙක්. ඒ නිසාම මේවා නියම පාකිස්තාන් කෑම කියලා කියන්න පුළුවන්. කෑම හොඳයි. හොඳ විදියට වෙනස්වූ කෑම මෙතනින් කන්න පුළුවන්.

නිගමනය

මේ අහල පහළ නම් ඉන්නේ බිග් බයිට් එකට ඇවිත් බාබිකිව් චිකන් එකක් හරි බුරියානි එකක් හරි කන්න වටිනවා. පාකිස්තානි ගතියක් දැනෙන නිසා මේක හරි හොඳයි.

TIP

The guys here tend to be lazy, so insist on the bbq chicken.

Address

485 Galle Road, Mount Lavinia

Directions

Proceed along Galle Road south, past Hotel Road and the Cargills/KFC. It's on the corner of Dakshinarama Road.

Contacts

Report Inaccuracy

This place has closed down

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Biriyani

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 12 Comments