Artwork for Coke with food - top banner
Artwork for Promote YAMU Top Banner
Artwork for PMF 200 Offer sidebar banner Artwork for PMF essentials sbb 2

4/5

Big Daddy's BBQ

424 Samagi Mawatha , Hokandara North, Hokandara


A BBQ spot in Hokandara that does a killer Crab Curry.



හෝකන්දරත් ඇතුලෙ පාරක ඇතුලටම යනකොට..

මට හිතුනෙම, “සෙට් වෙන්නෙ නැති තැනක්වත් වෙයිද මන්දා..” කියල.

ඒත්…

ගිහිල්ල එතනින් බැහැල බැලින්නම්නෙ. ෂැහ්, පොඩි පොඩි ලයිට් දාපු, එළිමහනෙම බාබකියු ලෑස්ති කරපු, ලී මේස පුටුවලින් හැඩවුනු සුපිරි ප්ලේස් එකක්. ඊටත් එතන පාර්කින්ග් වලටත් ඉඩ තියෙනව ගමකට. අනික බලන්න එපැයි හැන්දැ වෙද්දි.. එයාලගෙ කිචන් එකයි, කොස්ගහ යට බාබකියු එකයි, ඩයිනින්ග් එකයි දිලිසි දිලිසි ඈතට පේන අපූරුව!

ඉතින්.. යාළු ඒ ටිකම ඇතිවුනා අපිට, හරි හරියට මෙනුව බලල කෑම ටික ඕඩර් කරන්න. ඒකත් නිකම් නෙවෙයි, සුහද හිනාවක් දාගෙන අපේ ඉස්සරහට ඇවිල්ල, අතටම මෙනුව දුන්න අපේ මිත්‍රයගෙ විස්තරෙත් එක්ක. ඇත්තටම එයා අපිට මෙනුව දීලා ඒ සියල්ලම විස්තරත් කලානෙ. ඒ විතරක් නෙවෙයි මෙනුවෙන් පිට එයාල ලඟ තියෙන දේවලුත් කිව්ව, විශේෂයෙන්ම බීම වගේ දේවල්.

ඒ නිසාමයි අපිට ලේසි වුනේ කෑම ටික පට පට ගාලා ඕඩරේ කරන්න.

ම්.. හැබැයි ඉස්සෙල්ලම ඉල්ලුවෙ නම් ලයිම් සෝඩා එකක් බීමට. ඊට පස්සෙ චිකන් බර්ගර් එකයි, පෝර්ක් චොප් එකයි, ක්‍රැබ් විත් රෝස්ට්පාන් එකයි.

ඉල්ලල ඉතින් හෙමි හෙමිහිට කයියකුත් දාගෙන ඉන්න අතරට.. ඔන්න ආවා ලයිම් සෝඩා එක මේසෙට.

ඇත්තටම.. උගුරක් දෙකක් බිව්වට මොකද ඒකෙ ඔක්කොම හොඳයි. දෙහි රසත් හොඳ හැටියට. පැණි රසත් ලාවට. කූල් ගතියත් ගානටම වගේ. ඒත්.. සෝඩා, නෑනෙ? සත්තයි සෝඩා ගතියක් දැනුනෙම නෑ.

වෙලාවට අර ඒක ගෙනැල්ල වැඩි වෙලා යන්න කලින් ක්‍රැබ් එක මේසෙට ආවෙ.

හැබැයි.. ඒක නම් ආව ආවම තමයි. හප්පේ.. බලන්න එපැයි කට්ටිය! වට වෙච්ච වටවිල්ලෙ හැටියටම මං හිතුවෙ කකුළුවගෙ කෑලිවත් හොයාගන්න හම්බුවෙන එකක් නෑ කියල. ඇයි අප්පේ.. රෝස්ට් පාන් ටිකයි, පොල් සම්බෝලයයි සිං සිං ගාලා ගියේ. ඊට පස්සෙ කකුළුව.. බලාගෙන ඉඳිද්දි වාෂ්පයි. වෙලාවට හොදි ටිකක් වැඩිපුර එවපු නිසා හොදි ඉතුරු වුනේ. නැත්නම් ඒකත් නෑ. ඇයි යාළු උම්බලකඩ හැරුනාම අනිත් සියළු අඩුපාඩු වලින් අනූන පොල් සම්බෝලෙ, හැබැයි සැර නම් ටිකක් මදි.

එතකොට ලාවට ෆ්‍රයි කරපු රෝස්ට් පාන්. කිරි, මදි නොකියන්න දාලා, ලූණු, මිරිස්, තුනපහ අඩුම කුඩුම ටිකත් එක්ක තරමක් සයිස් කකුළුව. ඒකත් මාරම ෆ්‍රෙෂ්. කට්ට පලද්දිම මස එනව හොඳ හැටි එලියටම.

වැඩිය ඕන නෑ කියද්දිත් කටට කෙල උනනව ඈ..

ඒ අතරට, ඒක කාගෙන යද්දි කොහොමද පෝර්ක් චොප් එකත් මේසෙට ආවම?

මම නම් ඉතින්.. දෑතින් ගත්තෙ, දෑතින්. අරගෙන ඒකට ආපු අර්තාපල් පෙති බැදුම කෑවා ඉස්සෙල්ලම හිතේ හැටියට. ඊට පස්සෙ චොප් එකේ මස් හරියෙන් කඩාගෙන..

එක කෑල්ලයි කෑවේ.. වැඩක් නෑ යාළු කියල. මතක ඇති කාලෙක කාපු හොඳම පෝර්ක් චොප් බාබකියු අතරට ඒකත් එකෙන්ම! පදම් වෙලා තියෙනවා.. ලුණු ඇඹුල් පැණි රස ගතිය තරු 5හේ පදමටම තියෙන්න. ඒ විතරක් නෙවෙයි, ඒකෙ අර කරවෙච්ච රස. ඒකත් ගැලපිලා හැපෙනකොටනෙ..

කියනවට ඔයාලත් ගිහිල්ල කාලාම බලන එක තමයි හොඳ මං හිතන්නෙ.

කොහොමහරි අපි අන්තිමට චිකන් බර්ගර් එකත් කෑවා, බනිසෙන් පොඩ්ඩක් ඉතුරුවෙන ගානට තියල.

අවංකවම ඒ චිකන් බාබකියු එකත් ටොප් හොඳේ. එකම අවුල තිබ්බෙ පැටි එක වෙනුට දාලා තිබ්බ චිකන් ටිකේ අතරින් පතර කටු තිබ්බ එක තමයි. ම්.. අනිත් කාරණය, බර්ගර් එකේ හැටියට දාලා තිබ්බ චිකන් ප්‍රමාණයත් ටිකක් මදි. කොහොම වුනත් ඒකෙ චීස්, ලූණු, සලාද කොළ නම් අම්බානක තිබ්බ. හිතාගන්න බැරි ඒ නිසාමද කියල රසේ අඩුව එන්නෙ. කොහොම වුනත් බර්ගර් එක තව ටිකක් ගොඩ එන්න ඕන.

ඒ හැරුනාම ඉතින්..

අපි මොනවත් ගත්තෙත් නෑ. මොකද ඒ වෙද්දිම බඩකට ෆුල්නෙ. හැබැයි විශේෂ අදහසක් නම් තිබ්බ,

එතන.. එළියෙන් ගෙනැල්ල අඩියක් ගහන්න වගෙත් හැදුව නම් කියල, හ්ම්…!


Similar Places

User Reviews
I
1

5/5

0

Ikebukuro7

This is really wonderful lush garden place to dine with family .
Food was very delicious and attractive friendly service.
Highly recommended this place

I
1

5/5

0

Ikebukuro7

This is really wonderful lush garden place to dine with family .
Food was very delicious and attractive friendly service.
Highly recommended this place

See 2 Comments