Artwork for dominos top banners 2 test dummy
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Shiwu Chinese - sidebar banner temp

4/5

Bijou

44 Porutota Road, Ethukala, Negombo


Bijou is a Swiss restaurant in Negombo located along Sea Street. They serve well priced, filling meals that are accompanied by excellent service and hospitality from both the staff and owners



බිජෝ කියන්නේ මීගමුවේ පෝරුතොට පාරේ තියෙන ස්විට්සර්ලන්ත අවන්හලකට. එයාලා සාධාරණව මිල නියම කළ, කදිම කෑම ලබා දෙනවා. සේවාව අති විශිෂ්ටයි වගේම අයිතිකරුවන්ගේ සහ කාර්යමණ්ඩලයේ ආගන්තුක සත්කාරය ඉතාම ඉහළයි.

බිජෝ මීගමුවට අළුත් තැනක් නෙවෙයි. අයිතිකාරිය ඩොලී අපට කිව්වේ අවන්හල අවුරුදු 30ක් පුරා මෙහි පැවති බවත්, මේ ගුවන් තොටුපොළ නගරේ අවන්හල් අතරේ යෝධයන්ගෙන් කෙනෙක් බවත්, සාමාන්‍යයෙන් විදේශික සංචාරකයන් අඩු මාසයක් වන ඔක්තෝබර් මාසයේ පවා සංචාරකයන්ගෙන් පිරී ඇති බවත්. අවන්හල හරි සරලයි. ඒත් සුවපහසුයි වගේම අපූරුයි. ඉස්සරහ ස්විට්සර්ලන්ත කොඩිය තියෙනවා. ඇතුළත හරිම සරලයි වගේම තමන්ගේම ගෙදර වගේ දැනෙනවා. නිතරම අමුත්තන්ගේ සිනා වලින් සහ කතා බහෙන් පිරිලා. ඒකෙන්ම පේනවා මෙතනට එන අය සතුටින් තමයි ඉන්නේ කියලා.(අපිට පිටිපස්සේ මේසේ අය සන්තෝෂයෙන් ශබ්ද නගමින් කාඩ් ක්‍රීඩාවේ යෙදෙනවත් ඇසුණා. අපිට අන්තර්ජාලෙන් හම්බ වුණා ඩොලී එකෝඩියන් එකක සංගීතෙට ගීතයක් ගයනවා.) මේක රෑ කෑමක් ගනිමින් නිදහසේ රසවිඳින්න පුළුවන් තැනක්. ඔබට දකින්න පුළුවන් සංචාරකයෝ පෝරුතොට පාර දිගේ ඇවිදගෙන යන හැටි. ඒ අතරේම ශීතකළ බීර වීදුරුවක් තොලගාමින් ලොකු කෑම වේලක් ගිල දමන්නත් පුළුවන්.

කෑම අති විශිෂ්ටයි. පංගු විශාලයි. ඒත් මිල දරාගත හැකියි. ෆිලට් ස්ටේක්  එකකට ඔබ කැමති සෝස් එකක් දාලා (බෙයර්නයිස්, පෙපර්කෝන්, මශ්රූම් වගේ දේවල්) එක්ක මෑෂඩ්, ෆ්‍රයිස්, ක්රොකට්ස් එහෙම නැත්නම් ෆ්‍රයිඩ් පටැටෝස් සහ බේකන් (මම තදින්ම රෙකමදාරු කරනවා බේකන්) සහ සලාදයක මිල රුපියල් 1,300ක් විතරයි. ඒක හොඳ ආහාර වේලක්. බීෆ් හොඳට පදම් වෙලා තිබුණා. ඒ වගේම මෘදුයි.  අර්තාපල් බටර් වගේ. හරිම රසයි. බේකන් කරකර ගානවා. මෙනූ එකේ වැඩිපුරම තිබ්බේ මස් ආශ්‍රිත කෑම වර්ග. schnitzel (රු. 975), stroganoff, cordon bleu (රු. 1,200) - ඒත් එයාලා සී ෆුඩ් එහෙමත් හදනවා. ලොබ්ස්ටර් තර්මිඩොර් (රු. 2,500) අපි රෙකමදාරු කරනවා. අපේ කෑම වේලට ආරම්භක දෙකක් තිබුණා. ප්‍රධාන ආහාර තුනක් තිබුණා. බීර කිහිපයකුත් එක්ක සම්පුර්ණ මිල රුපියල් 6,000කට ටිකක් වැඩියි.

අපි බිජෝ එකේ කෑම ඉහළින්ම වර්ණනා කරන ගමන්ම එයාලගේ සේවය ඊටත් වඩා ඉහළින් වර්ණනා කරනවා. වේටර් අපේ ඇණවුමේ හැම දෙයක්ම කොළේක ලියාගන්නෙත් නැතුව හොඳින්ම මතක තියාගත්තා. එය හරිම මිත්‍රශීලී, උදව් කිරීමට කැපවුන, කතා කරන්නත් ආස හිතෙන කෙනෙක්. අයිතිකාරිය, ඩොලී, ගොඩක් දවස්වලට අවන්හලේ ඉන්නවා. එයා ඉතා ප්‍රිය, සිත්ගන්නා කෙනෙක්. එයා එන අමුත්තන්ටත් ඉතාම ප්‍රියජනක විදිහට කතාකරනවා.

ඔබ මීගමුවේ ඉන්නවනම් සාධාරණ මිලකට රසවත් අහාර ගන්න පුළුවන්, ප්‍රියජනක සේවාවක් සහිත තැනක් තමයි බිජෝ. නිවාඩු දවසක කදිම වට පිටාව සහ කෑම ඔබව සන්තෝෂයෙන් තියනවා. බිජෝ එකට යන ඒක ඇත්තටම වටිනවා. අලුතින් ඉදිකළ කටුනායක අධිවෙගී මාර්ගයෙන් මේ අවන්හල නිසාම මීගමුවට ගියත් කමක් නැහැ.

TIP

Try the fried potatoes with bacon as a side.

Address

44 Porutota Road, Ethukala, Negombo

Directions

Head down Sea Street.

Contacts

Report Inaccuracy

Open until 11:00 PM

Cuisine

Western Swiss

Price Range

More than Rs.1500

Dish Types

Beef Steak Pork Chicken Lamb

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
5
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 8 Comments