Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

3/5

Biriyani Express (Nugegoda)

No.247/B ,Stanley Thilakarathna Mawatha, Nugegoda


Biriyani Express offers good portions of fairly priced, tasty biriyani with a local touch.



කටට රහට චිකන් ඇති තරමින් දාපු හොඳ සයිස් එකේ රස බිරියානියක් හොයනවද? ටක් ගාලා නුගේගොඩ/ පැලවත්තේ Biriyani Express එකට කතා කරන්න. මේකත් ක්ලවුඩ් කිචන් එකක්. පික්මී ෆුඩ් එකෙන් ලේසියෙන් ම ඕඩර් කරන්න පුළුවන්.

බිරියානි 

එක එක ජාතියේ මස් එක්ක බිරියානි මේ කට්ටිය ළඟ තියෙනවා. අපි ගත්තේ චිකන් බිරියානි (රු. 600) එකයි, මට්න් බිරියානි (රු. 780) එකයි. 

මේ බලන්නකෝ මේකේ තියෙන චිකන් ගොඩ! ෆුල් චිකන් බ්‍රෙස්ට් එකකට කිට්ටු වෙන්න මස්නේ! තව බතුත් චුට්ටක් තිබුණා නම් දෙන්නෙක්ට බඩ පුරවගන්න ගාන!

බතත් රසයි. මසාලා හොඳට දාලා. අනිත් කුළුබඩුවල රසයි සුවඳයි දෙක ම දැනුණා. පොඩි ලෝකල් රසක් නැතුවමත් නෙවෙයි හැබැයි. අනික පොඩි ඇලෙන ගතියකුත් තිබුණා. 

කොහොම වුණත් ඒ සේරටම වැඩිය අවුල වුණේ, අර චිකන් එක්ක බත උයද්දී එන රස මේකේ නැහැ. අපට තේරුණ විදියට මේ කට්ටිය බත වෙනම උයලා පස්සේ සර්ව් කරද්දී තමයි චිකන් හෝ අදාළ මස් වර්ගය දාන්නේ.

මේකට පොඩි මැලේ අච්චාරු ටිකකුත් එනවා. එකෙන් එන ස්වීට් ගතිය බතට එක්කාසු වෙද්දී තවත් රසයි.

චිකන් එකේ පාට ලස්සන වුණාට රස නම් ගොඩක් තිබුණේ නැහැ. අර ළාවට එන මසාලා රසක් තමයි ආවේ. 

මේ තියෙන්නේ මට්න් බිරියානි එක. කලින් බතමයි, පොඩි මට්න් කෑලි කීපයක් ඔබ්බලා. හැබැයි මට්න් කෑලි සේරම මස් ම විතරක් තියෙන ඒවා. කටු හෝ හම් කෑලි මොනවත් නැහැ. ගොඩක් තදට දැනෙන පැණිරසක් මේ මට්න් එකේ තිබුණා. තවමත් හිතාගන්න බැරි ඒක කොහෙන්ද ආවේ කියලා.

අවසාන වශයෙන් 

ඇත්ත ම කිව්වොත්, මේ බිරියානි නරකම නැහැ. අපට බිරියානි දෙකෙන් එකක් තෝරන්න කිව්වොත් අනිවාර්යෙන් ම අපි රෙකමන්ඩ් කරන්නේ චිකන් එක තමයි. පික්මී ෆුඩ් එකේ හොයාගන්න අමාරු නම්, 0117556207 හෝ 0777911207ට කෝල් එකක් දීලා බලන්නකෝ.

Address

No.247/B ,Stanley Thilakarathna Mawatha, Nugegoda

Contacts

Report Inaccuracy

Cuisine

Indian

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Biriyani Beef Chicken Mutton

Ratings Breakdown

Overall Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment