Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2

5/5

Black Cat Café

11, Wijerama Mawatha, Colombo 07.


The Black Cat Café serves up amazing sandwiches, coffee, and fresh fruit juices. They're also a B+B.



කොළඹ හතේ බ්ලැක් කැට් කැෆේ එක, අපේ අයිෂාගේ ප්‍රියතම තැන්වලින් එකක්. ළඟකදීත් එහෙ ගිය අයිෂා ඒ ගැන කියපු විස්තරේ අහපු වෙලේ ඉඳන් මටත් බ්ලැක් කැට් කැෆේ එකට යන්න පුදුම ආසාවක් තිබුණේ. දෙයියනේ කියලා මට ඒ චාන්ස් එක ගිය සතිඅන්තේ සෙට් වුණා.

තැන සහ වාතාවරණය

කොළඹ හතේ කියලා නෑ, බ්ලැක් කැට් කැෆේ එකේ තියෙන්නේ පුදුම නිස්කලංක ගතියක්. මේක ඇත්තට ම ගෙදරක් රෙස්ටෝරන්ට් එකක් බවට හරවලා හදපු තැනක්. ලොකු ඉඩකඩක් තියෙනවා. මොකද තට්ටු දෙකක ගෙයක්නේ. කෑම කන්න විතරක් නෙවෙයි, පොතක්පතක් වුණත් කියවන්න පුළුවන් විදියේ රීඩින් රූම් එකකුත් බ්ලැක් කැට් කැෆේ එකේ දැකගන්න පුළුවන්.

ඉස්සර නම් මෙහෙ පූසොත් හිටියලු. දැන් නම් එක එක හේතු නිසා ඒ කට්ටිය හොයාගන්න නැති බවයි ආරංචිය.

කෑම බීම

අපි මෙහෙට ගියේ උදේ කෑමට. උදේ වරුවට තියෙන්නේ වෙනමම කෑම මෙනුවක්. තේ, කෝපි, ෆ්‍රෙෂ් ජූස් වර්ග එක්ක, සුද්දගේ තාලේ බ්‍රෙක්ෆස්ට් අයිටම් කීපයක් ම මේ මෙනුවේ දැකගන්න ලැබුණා.

කෑම විදියට “මිෂන්” (රු.1200) එකකුයි, “එග් බෙනඩික්ට්” (රු.950) එකකුයි ගත්ත අපි, බීම මෙනුවෙන් “අමරිකානෝ” (රු.350) එකකුයි,  පැණි කොමඩු ජූස් (රු.400) එකකුයි ඕඩර් කළා.

පැණි කොමඩු ජූස් එක නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ෆ්‍රෙෂ් ජූස් එකක්. පිටින් සීනි දාපු රසක් ගෑවිලාවත් නැහැ. සම්පූර්ණයෙන් ම තිබුණේ හොඳට ඉදුණු අලුත් පැණි කොමඩු කෑල්ලක රස. බලන්න එපායැ මේකේ තිබුණු රතු පාටේ ලස්සන. දැක්ක ගමන් බීගෙන බීගෙන යතෑකි.

මෙහෙ කෝපිවල රස ගළපගන්න ඔයාට ම පුළුවන්. මොකද කෝපියි, කිරියි, සීනියි වෙන වෙනමනේ හම්බෙන්නේ. කොහොමද තිත්ත කෝපි එකට උණු ෆ්‍රෙෂ් මිල්ක් එකතුවෙලා එද්දී තියෙන ගැම්ම? නිදි ගැට කඩ කඩ ඉන්න උදේ පාන්දරට මේකෙන් එන්නේ නියම කික් එකක්.

අනික මේ අමෙරිකානෝ එකට නම් සීනි නැතත් අවුලක් නැහැ. මොකද කෝපි එකේ තියෙන තිත්ත රස මකන්න මේ ෆ්‍රෙෂ් මිල්ක්වලට පුළුවන්නේ.

මිෂන් කියල අපි ගත්ත බ්‍රෙක්ෆස්ට් අයිටම් එක කන්න නම් ඇත්තට ම හෙන මිෂන් එකක් දෙන්න ඕනේ. මුලින් ම මං මේකේ තිබිච්ච ජාති ටික කියන්නම්කො. බැදපු සොසේජස් දෙකයි, බුල්සයි දෙකයි, ටෝස්ට් කරපු පාන් පෙති දෙකයි, ළාවට රොස්ට් කරපු තක්කාලි ගෙඩියයි, හෑෂ් බ්‍රවුන් එකයි, තක්කාලි සෝස් එකයි; ඒ විතරක්යැ, සලාද දෙකක් තිබුණා. එකක් හදලා තිබුණේ මෂ්රූම් සහ නිවිති දාලා. අනිත් එක බෝංචි ඇටයි, බෙල් පෙපරුයි දාලා. නිකන් හිතන්නකෝ, රුපියල් 1200කට මේ සේරම හම්බෙනවා කිව්වම.

බුල්සයි, සොසේජස් දෙකම හොඳ ගානට බැදිලා. මේකේ තිබුණු හෑෂ් බ්‍රවුන් එකත් සෑහෙන්න තඩියි. හොඳට අල දාපු රස ආවා. තක්කාලි සෝස් එකත් මේ බෝතලෙන් ගත්ත සෝස් නෙවෙයි. අලුත් තක්කාලිවලින් හදපුවා. බටර් පොඩ්ඩක් ගාලා ම ටෝස්ට් කරපු නිසා මේ පාන් පෙති දෙකත් හරි ම රසයි. සලාදවලට පාවිච්චි කරපු හැමදෙයක් ම හරි ම අලුත්. ඒ නිසා නියමයි.

එග් බෙනඩික්ට් එකත් පට්ට. පෝච් කරපු බිත්තර දෙකක් එක්ක, පාන් පෙති දෙකක් මේකට ලැබුණා. අර මෂ්රූම්, නිවිති සලාදේ මේකෙත් තිබුණා. පොඩි ස්පයිසි ගතියක් තිබුණේ මේකට එකතු කරලා තිබුණු අමු මිරිසුයි, මිරිස් කුඩුයි නිසා.

සර්විස් එක

ෂහ්! මෙනුවේ අග ඉඳලා මුලට ඇහුවත්, මුල ඉඳලා අගට ඇහුවත් උත්තර දෙන්න පුළුවන් විදියේ සේවක මිත්‍රයෝ කාණ්ඩයක් බ්ලැක් කැට් කැෆේ එකේ ඉන්නවා. සෙනඟ ඉඳපු වෙලාවක වුණත් අපේ කෑම බීම ටික මේසෙට ආවේ විනාඩි දහයෙන්.

අවසාන වශයෙන්

කෝපි උගුරක්, තේ කෝප්පයක් තොළ ගාන ගමන්, තමන්ගේ පාඩුවේ පොතක් පතක් බලන්න, ඔෆිස් එකේ වැඩක් කරන්න බ්ලැක් කැට් කැෆේ එක මරු. මේ පැත්තට ඒ විදියට එන්න පුරුදු වෙච්ච ගොඩක් අය ඉන්නවා. මොකද හොඳ කෑම බීම විතරක් නෙවෙයි, ගෙදර වගේ සැප පහසු පරිසරයක් මේ පැත්තේ තියෙනවනේ.


TIP

Ask the staff for recommendations, they'll give you a rundown of what's special. Also, try their ginger beer.

Address

11, Wijerama Mawatha, Colombo 07.

Directions

It's on Wijerama Mawatha just between Ward Place and Rosmead Place. If you're heading in from Ward Place, it's onto your left.

Contacts

Facebook Instagram

Report Inaccuracy

Closed right now

Cuisine

Western

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Sandwiches Coffee Fruit Juice

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
4
Service Rating
5
Ambience Rating
5
Similar Places

User Reviews
R
2

5/5

0

RMT2019

Great coffee. Lovely place to chill

T
1

2/5

0

Thilina599

Rather disappointing spicy prawn pasta. It was quite bland with nothing spicy about it and an overwhelming taste of tomato paste. The lychee iced tea however was lovely.

A
1

5/5

0

anithrabasnayake

The bennys eggs is a dream! my brother and I always order it and we're always delighted! It comes with a delicious side of smoked salmon and some sauteed spinach and mushroom which go well with those perfectly poached eggs! yum!

R
2

5/5

0

RMT2019

Great coffee. Lovely place to chill

T
1

2/5

0

Thilina599

Rather disappointing spicy prawn pasta. It was quite bland with nothing spicy about it and an overwhelming taste of tomato paste. The lychee iced tea however was lovely.

A
1

5/5

0

anithrabasnayake

The bennys eggs is a dream! my brother and I always order it and we're always delighted! It comes with a delicious side of smoked salmon and some sauteed spinach and mushroom which go well with those perfectly poached eggs! yum!

A
1

2/5

0

avishkaw.wicky

Out of just the two vegetarian options they had, only one was available and I was notified about that after I finished ordering and when my friends meal was brought to the table!

However the only option available was not at all good. It was called the "down payment" and had two slices of bread slathered in avocado and sprinkled with feta and some peppers. The poached egg was overcooked and all in all just didn't taste that good. It was quite bland.

I also ordered a chocolate milkshake which was one of the worst I've ever had. Not enough chocolate and sugar; it just tasted of. There specialty ginger beer wasn't even available.

Considering the prices of both things I ordered it was not at all worth it.

F
1

3/5

0

feastbeast

Took 20 mins to bring my Raspberry + BlackBerry smoothie! Hardly anyone here too. on the flip side, it was an awesome smoothie and the ambience is great and different.

Avatar for indi
21

5/5

0

indi YAMU STAFF

This place is the bomb. Great coffee and breakfast. Also cool furniture

See 26 Comments