Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

3/5

Black Pepper

62/6, Dutch Hospital Square, Chatham Street, Colombo 01


Latest seafood in Colombo, specializing in crab and peppery dishes!



කොටුව හරියේ අලුතෙන් දාපු සීෆුඩ් කඩයක් ගැන අපට ආරංචියක් ලැබුණේ දැනට සති දෙකකට වගේ කලින්. ඉස්සෝ, දැල්ලෝ කිව්වොත් පෝලිමේ මුලින් ම හිටගන්න මම, මේ ගැන දැනගන්න ලැබුණු දවසේ ඒ පැත්තේ යන්න ඉඳන් දතකට මැදගෙනයි හිටියේ. අපේ නබීලාගේ උනන්දුවත් ඊට නොදෙවෙනි නැහැ. ඉතින් පහුගිය දවසක දවල් කෑමක් අල්ලලා අපි දෙන්න ම බ්ලැක් පෙපර් එකට ගියා.

තැන 

මේක තියෙන්නේ කොටුව “ඩච් හොස්පිටල්” එක හරියේ. චැතැම් ස්ට්‍රීට් එකෙන් හොස්පිටල් ලේන් එකට හරවලා, ඉස්සරහට එද්දී මුණගැහෙන බ්ලැක් පෙපර් රෙස්ටෝරන්ට් එක ලේසියකට මඟහැරෙන තැනක් නෙවෙයි. පොකිරිස්සෙක්ගේ ඔළුවක සලකුණ එක්ක නම ගහලා තියෙන බෝඩ් ලෑල්ල දුරට වුණත් පේනවා. මේකේ මහල් දෙකයි. පහළ තට්ටුවේ තියෙන්නේ පිළිගැනීමේ මේසෙයි, හොඳ සැප පහසු තඩි කුෂන් සීට් තුනකුයි. රෙසවේෂන් එකක් එහෙම දාලා තියෙනවා නම්, මෙතැනින් බලාගන්න පුළුවන්. උඩ තට්ටුවේ තමයි කෑම බීම ගන්න තියෙන තැන.

“හප්පේ මේක සෑහෙන්න හයිෆයි තැනක්නේ”; ෂෝටයි බාටයි ස්ටයිල් එකට ගිය අපි දෙන්නට මූණට මූණ බැලුණේ ඉබේට ම. කවුද දන්නේ මෙච්චර හරියක්? දැන් ඉතින් කාරි නැහැ. දොර ලඟදි ම අපිව පිළිගත්ත සේවක මිත්‍රයාගේ අනුදැනුම මත, අපි දෙන්නා රෙස්ටෝරන්ට් එකේ මැද හරියේ මේසෙක වාඩිවුණා. සෑහෙන ඉඩකඩ ඇතුව හදලා තියෙන බ්ලැක් පෙපර් එකේ තියෙන්නේ හරි ම නිස්කලංක ගතියක්. එක සැරේ හැට හැත්තෑදෙනෙක්ට වගේ කෑම ගන්න පුළුවන් විදියේ පහසුකම් මෙතැන  තියෙනවා.

කෑම බීම

ප්‍රධාන වශයෙන් ම බ්ලැක් පෙපර් මෙනුව හැදිලා තියෙන්නේ සීෆුඩ්වලින්. මට්න් කෑම, චිකන් කෑම වර්ගත් අපි එහෙන් මෙහෙන් දැක්කා. ලංකාවේ එක එක ප්‍රදේශවලට විශේෂ වෙච්ච සීෆුඩ් කෑම වර්ග මේ අතරින් විශේෂයි. තංගල්ලේ තෝරා මාළු ඔළු කරිය, මැටි හට්ටියේ හැදෙන මීගමුවේ ඉස්සෝ කරිය ඒ අතරින් කීපයක්.

සෑහෙන්න ලොකු වයින් මෙනුවක් මෙයාලගෙන් දැකගන්න පුළුවන්. රෙස්ටෝරන්ට් එක ඇතුළේ තියෙන අපූරු වයින් රාක්කෙත් ඒකට හොඳ සාක්කියක්. කොක්ටේල් එහෙමත් මේ මෙනුවේ තිබුණා. ඒත් ඒවා දවල් වරුවේ පිළිගැන්වෙන්නේ නැතිලු.

ස්ටාටර් එක විදියට අපි ඕඩර් කළේ කවදත් හිත ඇති “හොට් බටර් කට්ල්ෆිෂ්” (රු. 850) එකක්. ඒ එක්ක ම, “ප්‍රෝන් බ්ලැක් පෙපර් කර්නල් ෆ්‍රයිඩ් රයිස්” (රු.680) එකකුත්, “ප්‍රෝන්ස් ඉන් බ්ලැක් පෙපර් සෝස්” (රු.2250) එකකුත් ගත්තා.

හොට් බටර් කට්ල්ෆිෂ් එක හිතපු තරම් හොඳ වුණේ නැහැ. මොකද මේකේ දවටනය තරමක් තද වැඩියි. ඒවාට තුන් හතර සැරයක් ගෑරුප්පුවෙන් අනින්න ඕනේ කටට දාගන්න කලින්. හැබැයි ලා රතු පාටට තිබුණු මේ කට්ල්ෆිෂ්වල ස්පයිසි ගතිය නියමෙට තිබුණා. අනික කරස් සද්දෙත් එක්ක හැපෙද්දී මරු. පොඩ්ඩක් විතර ලුණු රසත් අඩු වුණා නම් තමයි හොඳ.

අර ගත්ත ෆ්‍රයිඩ් රයිස් එක ආවේ පොඩි කෝප්පෙක. නබීලා මගේ දිහා බැලුවේ මේක ඇතිවෙයිද කියලා අහන්න වගේ. මොකද දෙන්නම පට්ට බඩගින්නේනේ හිටියෙත්. ඒ වුණා ට අපි ගත්ත අනිත් කෑමත් එක්ක මික්ස් වෙද්දී මේක දෙන්නෙක්ට ඇති. හප්පච්චියේ! මේකේ තිබුණු ඉස්සෝ තොගේ! කන බත් කටක් ගානේ එක ඉස්සෙක් හරි හැපෙන තරමට මේකේ ඉස්සෝ. බත් එක පොඩ්ඩක් වගේ ඇලෙන ගතියයි. ඒත් උණු උණුවේනේ තිබුණේ. ඒ නිසා ඒක ගානක් වුණේ නැහැ අපට.

බ්ලැක් පෙපර්වල දාපු ඉස්සෝ කිව්වා ම, අපි දෙන්නා හිතුවේ ඒක ගම්මිරිස් සෝස් එකක ඔබාපු ඉස්සෝ හත් අටදෙනෙක් ඉන්න දීසියක් වෙන්නැති කියලා. මෙන්න බොලේ රතට රතේ දිලිසෙන හෙන පත සයිස් ඉස්සෝ තුන්දෙනෙක් මේසෙට ආපි! අපි දෙන්නගේ ම ඇස් උඩ ඉන්දුනා. මේ එක ඉස්සෙක් ග්‍රෑම් 115ක් බරයි කියලා අපට දැනගන්න ලැබුණේ පස්සේ.

අපරාදේ කියන්න බැහැ මේක නම් පට්ටයි. කට දැවිල්ලට තියෙන ගම්මිරිස් සෝස් එක උණු බතට එකතු වෙද්දී එන රස කියන්න වචන නැහැ. ගෑවිච්ච තැනක කන්න හිතෙන තරම්. ඉස්සොත් ගානට තැම්බිලා. ගාණ නම් පොඩ්ඩක් සැරයි තමයි. ඒත් එක සැරයක් හරි මේකේ රස බලන්න පුළුවන් නම්, ජීවිතේට ඒක අමතක වෙන එකක් නැහැ.

පෙපර් සෝස් එකේ කට දැවිල්ල යන්නත් එක්ක අපි දෙන්නා වටලප්පමකුත් (රු.580) ඕඩර් කළා. කනවනම් මහත්තයෝ මෙන්න වටලප්පන්! පුදුම කිතුල් හකුරු රසක්නේ මේකේ තිබුණේ! වෙන තැන්වල වගේ සීනි කිතුල් නෙවෙයි මේ ඔරිජිනල් කිතුල්! ඊටත් හපන් මේක පිළිගන්වපු විදිය.තැඹිලි පළුවක දාලා, දෙපැත්තෙන් කෝලිකුට්ටු කෙසෙල් පෙති එහෙම තියලා සරසලා තිබුණු මේ වටලප්පම දැක්කම ලෝබ හිතෙනවා. කෝලිකුට්ටු විතරක් නෙවෙයි, තැඹිලි ගෙඩියේ කුරුම්බාත් එක්ක ම වටලප්පන් කන්න නියම චාන්ස් එක මේක. කෑවයින් කෑවේ නෑ මේ වගේ රස වටලප්පමක්!

සර්විස් එක

බ්ලැක් පෙපර් එකේ සර්විස් එකත් හොඳයි. අලුත් කියලා නැහැ, මෙනුවේ හතර කොණේ කොහේ තියෙන කෑමක් ගැන ඇහුවත් ඒ ගැන විස්තර කියන්න මේ කට්ටිය සමත්. ඒ වගේ ම හැම මේසෙකට ම ගිහින් කෑම ගැන අදහස් අහන්නත් එයාලා අමතක කරන්නේ නැහැ. කෑමබීම සේරම මේසෙට එන්න විනාඩි 20ක් වගේ ගියා. ඕඩර් කරපු කෑමවල තිබුණු කොලිටියේ හැටියට, ඒ ගත්ත කාලේ කමක් නැහැ කියලයි අපේ අදහස නම්.

අවසාන වශයෙන්

අතේ ටිකක් සල්ලි ගැවසෙන වෙලාවක, හොඳ සීෆුඩ් කෑමක රස බලන්න ඕනේ නම්, බ්ලැක් පෙපර් එක ඒකට නියම තැනක්. ලංකාවේ ප්‍රදේශවලට විශේෂිත කෑම වර්ගත් තියෙන නිසා, මේක අලුත් අත්දැකීමකුත් වේවි.

Address

62/6, Dutch Hospital Square, Chatham Street, Colombo 01

Directions

It's located right opposite & Co (The Steurt)

Contacts

Facebook E-Mail Website

Report Inaccuracy

Open until 03:00 PM

Price Range

More than Rs.1500

Dish Types

Seafood Crab Wine Cocktails

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
4

Similar Places

User Reviews
A
1

5/5

0

anya123456

Excellent overall! Food and service. Must visit! Way cheaper compared to Ministry of Crabs

O
1

5/5

0

ovinkatu

Try the black pepper crab, it’s their specialty and is simply amazing. The dessert is not spectacular but if you came for the crab and prawn it’s spectacular.

A
1

5/5

0

anya123456

Excellent overall! Food and service. Must visit! Way cheaper compared to Ministry of Crabs

O
1

5/5

0

ovinkatu

Try the black pepper crab, it’s their specialty and is simply amazing. The dessert is not spectacular but if you came for the crab and prawn it’s spectacular.

See 5 Comments