3/5

Bliss Pub

07, Fife Road, Colombo 05.


A dodgy yet nice little bar on Fife Road.



සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට බොන්න සෙට්වෙන්නෙ හවසකට, එහෙම නැත්නම් වීකෙන්ඩ් එකකට වුණාට මේ දවස්වල රටේ තියෙන්න උදේ ඉඳන් බොන්න වෙන තත්ත්වයක් නෙ. ඉතිං අපි ළඟ දි දවසක දවල් එකට දෙකට විතර ගියා තිඹිරිගස්යායෙ තියෙන බ්ලිස් පබ් එක පැත්තෙ.

තැන

තිඹිරිගස්යායෙන් ෆයිෆ් පාරට හැරුණු ගමන් ම වම් පැත්තෙ තමයි බ්ලිස් පබ් එක තියෙන්නෙ. ගිනි දවාලක වුණත් අඩ අඳුරක් තමයි ඇතුලෙ තියෙන්නෙ. බොන්න නම් කියාපු මූඩ් එක.

කෑම බීම

ලොකු ලයන් ලාගර් දෙකක් (එකක් රු. 450) එක්ක අපි මුලින් ම කන්න ගත්තෙ ඩෙවල් සෝසේජ් (රු. 750) පෝෂන් එකක්. අර හංදියේ කඩේ ලූස් ගන්න තියෙන බාල සොසේජ් එකෙන් තමයි මේක හදල තියෙන්නෙ. හැබැයි සෝස් ජාතියි, කෑලි මිරිසුයි අනංමනං එකතුකරලා එද්දි මේ අර මෙලෝ රහක් නැති සොසේජ් එකමද කියල හිතාගන්නවත් බෑ. සැරට මිරිස් දාලා තියෙන නිසා බොන්න නම් මරු. හැබැයි ඉතිං මොනව වුණත් අර රුපියල් 15-20ට තියෙන සොසේජ් හතර පහකට රු. 750 ක් ගන්න එක නම් අසාධාරණයි.

ඊළගට අපි ගත්තෙ පොටේටෝ වෙජස් (රු. 550). ගාණට ලුණුයි ළාවට මිරිස් කුඩු ටිකකුයි තවරල නියම ගානට බැදල තියෙන්නෙ. වටේන් ක්‍රිස්පි; ඇතුල සොෆ්ට්. එක ම අවුල තිබුණේ අපේ ප්ලේට් එකේ ආපු එක අල කෑල්ලක් විතරක් පොඩ්ඩක් කළු පාට වෙලා නරක් වෙන්න කිට්ටු වෙලා වගේ තිබුණු එක; ඒ කෑල්ලෙ රහත් පොඩ්ඩක් අවුල්.

මික්ස් ප්‍රයිඩ්රයිස් (රු. 1400) එක නම් තනි බොරුවක්. මික්ස් කීවට මේකේ බීෆ්, පෝර්ක් තියා අඩු ගානෙ චිකන් කෑල්ලක්වත් හොයාගන්න තිබුණේ නෑ. බර්වෙච්ච තඩි දැල්ලෝ කෑලි නම් සෑහෙන්න තිබුණා. ඊට අමතර ව ඉස්සොත් හතර පස්දෙනෙක් හිටියා. රයිස් එකේ නම් කියන්න තරම් නරකක් නෑ; ලොකුවට තෙල් ගතියකුත් නෑ. හැබැයි ඉතිං මේකට රුපියල් 1400ක් කියන්නෙ නම් මහ දවල් මංකොල්ලයක්.

සර්විස් එක

කෑමවලින් රෙකමන්ඩ් කරන්නෙ මොනවද කියල ඇහුව ම අපේ වේටර් මල්ලි කීවේ මෙනු එකේ තියෙන හැම කෑමක් ම රෙකමන්ඩ් කරන්න පුළුවන් කියලා. කෑම ටික නම් වෙලාවට මේසෙට ආවා. හැබැයි ඉතිං ඒ වෙලාවේ වෙන කස්ටමර්ලා කවුරුත් හිටියේ නැති නිසා සෙනග වැඩිපුර ඉන්න වෙලාවටත් මේ තරම් ඉක්මන් සර්විස් එකක් තියෙනවද කියල හරියටම කියන්න බෑ.

අවසාන වශයෙන්

මෙතන කෑමබීමවලට අමතර ව සීෂා එහෙමත් තියෙනවා. රෑට නම් එක එක මියුසික් ඉවෙන්ට්, කැරෝකේ වගේ ඒවා තියෙන නිසා පොඩි ගෝසාවකුත් එක්ක ෆුල් හැපනිං ගතියක් තමයි ඇත්තෙ. හැබැයි දවල්ට නම් වැඩි සද්දබද්ද නෑ. ගොඩක් තැන්වල වගේ හවස 2-5 අතර බාර් එක වහන්නෙත් නැති නිසා ටිකක් කම්මැලි හවස්  වරුවක වුණත් කූල් එකේ යාළුවෙක් එක්ක බියර් එකක් ගහන්න මෙතන මරු තැනක්. හැබැයි ඉතිං පොඩි පොඩි බයිට් මිස ලොකු කෑමවලට යන එක නම් තේරුමක් නෑ.


TIP

Snacks are tasty. But we won't really recommend their mains.

Artwork for Frimi Shoutout banner 2- non merchants only
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment