Artwork for U Pay - PickMe Dec  2018 -06.12.2018

3/5

Blue Sky

Old Road, Maharagama


One of the best place in Kottawa to chill with some booze, and delicious Sri Lankan Chinese food.



නිකමට “මොකෝ කරන්නෙ” කියල ඇහුවොත්? අපේ වුණ් හිතන්නෙ ම අඩියක් ගහන්න කියලනෙ. අනේ මන්දා ඉතින්. වැඩේ කියන්නෙ ඒකෙ ඇත්ත පැත්තකුත් තියෙන එකනෙ.

ඒ නිසා ම වෙන්න ඕන ගිය සිකුරාදා මම, අපේ සරිත්ගෙන් ඔය ප්‍රශ්නය අහපු වෙලාවෙත් එයා කිව්වෙ “මොනව හරි කරමු නේ ඉතින්” කියල.

එහෙම කිව්වට පස්සෙ නිකම් ඉන්න කියලයැ. ‘ඔන්න ඔහෙ වීක්එන්ඩ් එකත් එක්ක පොඩියට මොනවහරි කරනව’ කියල හිත හදාගත්තු මම පිටත් වුණා සරිත් එක්ක ම බාර් එකක් පැත්තට ගැලපෙන්න.

“කොහාටද බං යන්නෙ?”

“ඒක තමයි මාත් බැලුවෙ. කොහොම වුණත් ගෙවල් කිට්ටුව පැත්තකින් අල්ලමු. නැත්නම් ගෙදර යන්න වෙන්නෙ හෙට තමයි”

“සහතික ඇත්ත කතාව. මං කියන්නං, යමං මහරගම හංදියෙ බාර් එකට. පොඩි බයිටක් එක්ක බියර් එකක් වනාගෙන සනික විසික් වෙමු”

“හම්මට, ඔය තියෙන්නෙ අයිඩියාස්. උඹ කියන්නෙ බ්ලූ ස්කයි එකනෙ. එළ එළ එතන හොඳා…”

සනික අවසන් තීරණයකට ආපු අපි දෙන්න ඩ්‍රයිවර් අයියට කියල ගමන ඉක්මන් කරගත්තා. ඒ අතරට මග කඩේකින් ‘සිග’ ගන්නත් අපි අමතක කළේ නෑ.

කොහොම හරි එතනට යද්දි නම් හැන්දෑවෙ 6ත් පහුවෙලා. ඊටත්, ඇතුළෙ සෙනඟ! ඇඟිල්ලක් ගහන්න බෑ කියන්නකො පල්ලෙහා තට්ටුවෙ.

“දැං මොකෝ බං කරන්නෙ?”

“මොනව කරන්නද. ආපු එකේ නිකං යන්නයැ. යමං උඩටවත්. තියෙන කීය දාලා හරි බොමු”

“ඔව් නේ බං ඉතිං. හැමදාම නෑනෙ.”

වනනෙන් දෙකෙන් වැඩේ ෆයිනලයිස් කරගත්තු අපි දෙන්න හෙමින් සැරේ නැග්ගා උඩ තට්ටුවට.

යාන්තම් ඇති. එතන වැඩිය සෙනඟ නෑ. අනික මේසත් 3, 4ක්ම ෆ්‍රී. ආයෙ බල බල ඉන්නෙ මොකටෙයි, ගිහින් වාඩිවුණා අයිනට වෙන්න තිබුණු මේසෙකින්. ඒ වාඩි වෙලා පොඩි කයියකට සෙට් වුණේ වේටර් මල්ලි එනකම් කියල. ඒත් කොහෙද මුලු රෙස්ටුරන්ට් එකටම එක සේවකයයි කියන්නකො. පවු ඉතින්, ඒ මනුස්සයත් දුවනව දුවනව…

වෙලාවට ඒ අතරක අපිව දැකලද කොහෙද පට ගාලා ආවා මේසෙ පැත්තට මෙනුවකුත් අරගෙනම. ඇවිල්ල.. “අනේ සොරි සර්, මම විතරයි අද ඉන්නෙ. පොඩ්ඩක් පරක්කු වුණාට මුකුත් හිතන්නෙපා.. මොනවද සර්ලට ඕන?”

එහෙම කිව්වට පස්සෙ ඉතින් ගණන් උස්සන්න පුළුවන්ද. ඔන්න ඔහෙ අපිත් වැඩි කැටයම් නැතුවම බියර් බෝතල් 2කුයි, එයාගෙන්ම අහල හොඳ බයිට් ජාති 3කුයි ඕඩර් කරලා දැම්මා.

දාලා… ඒ ටික මේසෙට එන්නත් සෑහෙන වෙලා යනව කියල දන්න නිසාම, දැම්ම සනිකව චියර්ස් පාරක්.

අන්න ඊට පස්සෙ! වෙලාව යනව හාන්කවිසියක් නෑ. බයිට් ටිකත් මේසෙ උඩ.

“ඒ, දාගනින්” සරිත් කියනකම්ම මට ගාණක් නෑ කියන්නකො. අවංකයෙන්ම ඒ වෙද්දි පදමට ඇවිල්ල තිබ්බෙ.

කෝකටත් හොඳයිනෙ කියල මම මුලින්ම දාගෙත්තෙ හොට් බටර් කට්ල්ෆිෂ් (රු. 680) 2ක්. දාගෙන සෝස් ටිකක් එහෙමත් ගාගෙන එක කටට දුන්නා වැඩේ.

ම්ම්… නියමයි! හැබැයි බහුතරයක් රස කාරක හොඳේ. අර මැගී පැකට් එකද අම්බානක පාවිච්චි කරල තියෙනව. ඇත්තටම එහෙම නොවුණ නම්.. පංකාදු බයිට් එක. ඇයි අප්පේ තඩි දැල්ලො කෑලි කහ, ගම්මිරිස් අඩුම කුඩුම දාලා පදම් කරල, දවටලනෙ බැදල තිබ්බෙ. අනික බැටර් මික්ස් එකත් නියම ගාණට. බැදුමත් පට්ට කොලිටියිනෙ.

හැබැයි මික්ස් චොප්සිය (රු. 600) නම් එහෙම නෑ. ඒක තිබ්බ නිකම් තොල කට ලෙව කැවෙන්න. බුල්සායි එකෙන් ගත්තාම, සොසෝජස්, චිකන්, දැල්ලො, ඉස්සො, මාළු එතකොට කැරට්, ලීක්ස්, ගෝවා, බෝංචි.. පිස්සු හැදනෙව ඈ… අනික පොඩි කෑලිත් නෙවෙයිනෙ. හොඳ ලොකුවට කපලා, මස් මාළු එහෙම තම්බල, බැදලත් එක්ක. රස පදමට ලුණු ගම්මිරිස්, සෝස් ජාති ටිකත් දාලා නිසා මරේ කියල දෙසන්න පුලුවන්. හැරත් කීරි සම්බ හාලෙ උණු උණු බතට බඩත් හොඳ හැටි පිරෙනවනෙ.

ආයෙ, චොප්සියට දෙවනි නෑ චිකන් ඩෙවිල් (රු. 650) එක. ඒකත් ටොප් ආ… ලීක්ස්, මාළු මිරිස්, තක්කාලි, අමු මිරිස්, ලූණු ටිකක් දාලා සෝස්වලින් රස පදම හදලා, බැදපු ලොකු චිකන් කෑලිත් 7, 8ක්ම දාලා, යම්ම්..! අවංකයෙන්ම අරක්කු බෝතලයකට නම් කියාපු. අනික ෆ්‍රයිඩ් රයිස් එකක් කන්න වුණත් නියම ඩෙවිල් එකනෙ.

අමාරුවෙන් වුණත් තව එකක් කියන්න ඕන. මෙයාලගෙ පල්ලෙහා බාර් එකෙන් අපි ගෙන්න ගත්ත බැදපු මාළුවෙක් (රු. 100). ඌ රසයි... ඔක්කොටම වඩා. නියම පදමට ලුණු, ගම්මිරිස් ටික වැටිලා, කර කුට්ටම් නොවෙන්න ගැඹුරු තෙලේ බැදිලා ටොපේ ටොප් ආ..

තවත් අමාරුවෙන්…

තව දෙයක් කියන්න ඕන. ඒත් කියාගන් බෑ වචන ටැපලෙන ගාණට වැදිලා. කොහොම වුණත් බාර් නම් අන්න බාර් හොඳේ, ඕ…!


TIP

Try Mix Chop Suey Rice

Artwork for Frimi Shoutout banner
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment