Artwork for Shiwu Chinese - top banner 1
Artwork for WW BYOB Top banner 2(A) - dummy
Artwork for Coffee post sidebar 1

4/5

Boat Haus Cafe (Haus Chandra)

37 Beach Road, Mount Lavinia


A whole grilled fish, a pile of garlic drenched prawns, some ice cold bottles of lion larger, the roar of the sea all to yourself on a weekday evening. This is what Haus Chandra/the Boat Haus Cafe offers.



ඇත්තටම සතුටුයි යාළු. මාස ගාණක් මහන්සිවෙලා කරපු වැඩවල අවසානයක් දකින්න... ඔන්න මෙන්න! මට විතරක් නෙවෙයි, මගේ යාළුවටත්.

“හ්ම්ම්...

6 විතර වෙද්දි ඉවර වෙයි නේ බං”

“ඔව් ඔව් බං. සමහරවිට ඊටත් කලින්. මොකෝ කරන්නෙ ඊටපස්සෙ. උබ ගෙදර අදිනවද...”

“පිස්සුද බොල. බොමු අද? ගසමු කරටි කැඩෙන්න සන්තෝසෙටත් එක්ක”

“ආ... ඒක තමයි මාත් බැලුවෙ. එළ එළ. ඒනං උබ වොෂ් එකක් දාගන්නකො. දාගෙන බඩු ටිකත් පැක් කරගන්න. මං මේක ඉවර වෙච්ච ගමන් ලෑස්ති වෙන්නං. ඊට පස්සෙ බැරියැ වීල් එකක් දාගන්න. මෙහ්, ඒක නෙවෙයි, කොහෙටද බං යන්නෙ එහෙම වුණොත්”

“ම්... ඒකත් ඇත්තනේ. ඉඳාන්කො මං ප්ලේස් එකක් බලන්න. උබ වැඩේ බැලන්ස් කරල ලෑස්ති වෙයංකො”

කියල අනික් පැත්තට, ගත්ත මම ෆෝන් එක අතට. අරගෙන බැලුව ගූගල් එකේ සර්ච් කරල මොකක්ද ලඟ පාත තියෙන හොඳම තැන කියල. බලද්දිනෙ, යකඩෝ.. තියෙන තැන් තොගයක්. බීච් සයිඩ් එකේම, එක 5, 6කට වැඩියි. ඒත් එහෙමයි කියල අපිට එකපාරට ගොඩ වෙන්නත් බෑනෙ. කවුද දන්න ඕවයෙ බජට් කොහොමද කියල. පොඩ්ඩක් කල්පනා කරපු මම කෝල් කලා තැන් දෙක තුනකට. කෝල් කරල, විස්තරේ අහල තමයි තැනක් ෆයිනලයිස් කරගත්තෙ.

‘බෝට් හවුස් කැෆේ’. තියෙන්නෙ මවුන්ට් ස්ටීම්බෝට් එකට අල්ලපු වැටේ.

අපි ඉතින් දන්නැද්ද, 6 කිව්වට එතනට යද්දි 7ත් පහුවෙලා. ඒත් ඇතුළට ගියාම නම් පරක්කු වෙලා ආපු එක ගැන පොඩි සන්තෝසයකුත් හිතුණ. මොකද මුළු බිච් එකම ලයිට්වලින් ආලෝකවත් වෙලා, මේස ටික ඉටිපන්දම් ගහපු චිමිනි ලාම්පුවලින් හැඩවෙලා... හරිම ලස්සනයි ඈ... ඒ විතරක් නෙවෙයි, ඇතුළු වෙද්දිම ‘ගුඩ් ඊව්නින්’ කියල, සිනාමුසු මුහුණින් ආව සේවකයෙක් අපිව පිළිගත්තත් එක්ක. පිළිඅරගෙන, අපිට වෙනමම මේසයක් ලෑස්ති කරල දීලා, වේටර් මල්ලි කෙනෙකුත් මේසෙටම කියල ගලපල දුන්න. 

එතනින් එහාට ඉතින් වැඩේ ගෙනියන්න අපි දැනගන්න එපැයි. ඒ නිසා ඉස්ඉස්සෙල්ලාම කළේ මල්ලියට කියල මෙනුව ගෙන්න ගෙන කනබොන ටික ඕඩර් කරපු එක. හැබැයි ඉතින් එච්චරමයි යාළු. ඕඩරේ ගත්තත් හරි, ඒ මල්ලිත් නෑ අර අයියත් නෑ. ඈතින් යනව එනව පේනව, කිට්ටුව හතර මායිමකට ලං කරන්නෙවත් නෑ.

“මොකෝ බං ඒ. අපෙන් වැරැද්දක්වත් වුණාද. එක්කෙනෙක්වත් එන්නෙ නෑනෙ”

“ඒක තමයි බං මාත් මේ කල්පනා කළේ. යකෝ වෙල්කම් එකේ හැටියට මං හිතුවෙ ඉල්ලන සනික බඩුටික මේසෙට ගෙනෙයි කියල”

ඇත්තටම යාළු. ඒ වෙලාවෙ නම් අපි පට්ට අසරණ වෙලා හිටියෙ. ඊටත්, ටිකකින් මේසෙට ගෙනැල්ල තිබ්බ බියර් එකක්. ඒකත් කූල් නෑ. මට යකා නැග්ගෙ හොඳේ. නැගිටල යන්න හැදුවෙ මැනේජර්ට කතා කරල එන්න. වෙලාවට යාළුව නැවැත්තුවෙ.

“ඉඳාන් ඉඳාන්, ඕන නෑ බං. අපේ වැඩත් ඉවරනෙ. අනික අපි කම්පේන් කරොත් අර කොල්ලලෙ රස්සාව ගහල යන්නෙ. ටිකක් ඉමු”

කියල ඉතින්.. තවත් විනාඩි 10ක්, 15ක් විතර හිටිය. ඔන්න එතකොට තමයි කෑම ටික මේසෙට ආවෙ.

“තැන්ක්යූ..

මෙහ්, මල්ලි, මේ බියර් කූල් නෑනෙ. අයිස් කියුබ් ටිකක්වත් ගේන්න. බොන්න බෑනෙ මෙහෙම” කේන්තිය හංගගෙන මම හෙමින්සැරේ කියල දැම්ම.

දාලා ඕං වැඩේ පටන් ගත්ත ඈ..

“චිරාස්.. බං ඒනං. ගේමක් ගහමු”

උගුරක් දෙකක්, කිසි ගැම්මක් නැතිවම වුණත් හලාගෙන මම ඉස්ඉස්සෙල්ලාම කියල අත තිබ්බ, ඉස්සො ඔම්ලට් (රු. 650) එකට. සෝස් ටිකකුත් ගාගෙන උණු උණු තඩි කෑල්ලක් කෙළින්ම දාගත්ත කටට.

“ම්ම්.. සර්විස් එක අවුල් වුණාට කෑම නං අවුල් නෑ වගේ බං. බලාංකො මේ ඉස්සො එහෙමත් හොඳ හැටි දාල හදල තියෙන්නෙ ඔම්ලට් එක. අනික මිරිස්, අමු මිරිස්, ලූණු, කරපිංච අඩුම කුඩුම ටිකත් නූලටම දාලා. අඩේ චීස් චුට්ටක් එහෙමත් වැටුණ නං පංකාදු පහයි ඈ.. මේ බලාංකො මේ ෆ්‍රයිසුත් හරිම ෆ්‍රෙෂ්නෙ. ෂැහ්! මෙච්චර හොඳට කෑම තියෙද්දි මෙයාලට බෑනෙ මේ තැන හරියට කරගෙන යන්න”‍

“අනේ මංදා බං. පෝර්ක් ඩෙවිල් (රු. 660) එකත් ලෙසටම තියෙනව. අඩේ, සැරගතියයත් හොඳ හැටියට ඈ.. හැබැයි සෝස් පොඩ්ඩක් නම් වැඩි වෙලා වගේ. මොකද සැරගතිය යටින් තද පැණි රසක් එනව. ඒකත් අවුලක් නෑ, මාළු මිරිස්, මිරිස්, ලූණු අඩු නැතිව දාලනෙ. ඊටත් බලාංකො, තෙල් කෑලිත් 3, 4යි බං තියෙන්නෙ. ඒවත් ගැඹුරු තෙලේ බැදල නිසා කිසි කේස් එකක් නැතුව කන්න පුළුවන්. අවංකයෙන්ම, මේක නං බියර් එකට කියාපුම බයිට් එක ඈ..”

ඇත්තටම යාළු! දෙන්න දෙපැත්තෙන් වැඩේට බැස්සට මොකද ඇත්තටම පුදුම වුණා බයිට්වල තිබ්බ රසට. ඇයි අප්ප සර්විස් එකත් එක්ක බලද්දි?

කිව්වට විශ්වාස කරන්න.. ඒ අතරින් සුපිරිම එක තමයි මික්ස් රයිස් (රු. 630) එක. වැඩක් නෑ යාළු ඒක ගැන නම් කතා කරල. ආයෙ මස් මාළු, ඉස්සො දැල්ලො, බිත්තර අඩුම කුඩුම දාලා තියෙනව මදි නොකියන්න. කොටින්ම කියතොත් අන්තිම කට කද්දිත් මස්, මාළු ඉතුරුයි. අනික ඒවා පොඩියට කපල, ගැඹුරු තෙලේ බැදල.. ෂැහ්! බලන්න එපැයි, ඉස්සො, දැල්ලො, මාළු, චිකන්, පෝර්ක් තොගේ.. ඒ මදිවට උඩින් බුල්සායි එකකුත් දාලා. අනික එළවලුත් ආයෙ ලොරියෙන් බාලා වගේ...

අනේ මංදා! ඔන්න ඔහෙ මේ තැනත් හොඳ ලැයිස්තුවටම දාගන්නකො. මොකද අපිත් අන්තිමට එහෙම්ම කලා… ඒ විතරක් නෙවෙයි වෙරළෙත් රවුමක් ගහල.. තරු දිහා බලාගෙන ඉඳලා...


TIP

Try Mix Rice
All Reviews

Boat House Cafe is a great choice if you're looking to grab some fresh seafood by the beach. The service can be trying at times, but we still think it's good spot.

A whole grilled fish, a pile of garlic drenched prawns, some ice cold bottles of lion larger, the roar of the sea all to yourself on a weekday evening. This is what Haus Chandra/the Boat Haus Cafe offers.

සිංහල අනේ මංදා! ඔන්න ඔහෙ මේ තැනත් හොඳ ලැයිස්තුවටම දාගන්නකො. මොකද අපිත් අන්තිමට එහෙම්ම කලා… ඒ විතරක් නෙවෙයි වෙරළෙත් රවුමක් ගහල.. තරු දිහා බලාගෙන ඉඳලා...

සිංහල කූරියා පිටින් ග්‍රිල් කරන හෙවත් පලහන ලද මාළුවකු, සුදුළූනු සමග පිසින ලද ඉස්සන් ගොඩක්, අයිස් මෙන් සීත ලයන් ලාගර් බීර බෝතල් හා මුහුදේ රළ බි‍ෙඳෙන හඬ සතියේ දිනවල හැන්දෑවේ මෙහිදී ඔබටමය. මේ හවුස් චන්ද්‍රා හෝටලය / බෝට් හවුස් කැෆේ ඔබට පිරිනමන දේය.

தமிழ் ஒரு ரம்மியமான மாலைப்பொழுதில் கடலின் பேரிரைச்சலை ரசித்தவாறு கிறில் செய்யப்பட ஒரு முழுமீன், வெள்ளைப்பூண்டு நிறைந்த இறால், பியர் என ருசிப்பதற்கான இடம் போட் ஹவ்ஸ் கபே.

Address

37 Beach Road, Mount Lavinia

Directions

Boat Haus Cafe is at the very end of Beach Road (turn off from Galle Rd.) just past the railway tracks.

Contacts

E-Mail

Report Inaccuracy

Closed right now

Dish Types

Seafood

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3
Similar Places

Have you visited this place?

Write your own review!
See 6 Comments