Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Bobo's

110 Dewananda Rd, Piliyandala


Some excellent biriyani made by a home cook.



ටිකක් විතර ලංකාවෙ රහට බර, හැබැයි ඉන්දියන් වගේම මැදපෙරදිග රසත් පදමට තියෙන පංකාදු බිරියානියක්!

ඔ්ඩර් කරන්නේ..

එයාලගෙ ඉන්ස්ටග්‍රෑම් එකෙන් මෙනුව බලලා, කැමති දේවල් ටික 0777154945 නොම්මරේට වට්ස්ඇප් කරලා. හැබැයි මතක තියාගන්න දවසකට කලින් ඔ්ඩර් එක දාන්න ඔ්න හොඳද. කෝකටත් කෝල් එකකුත් දීලා බැලුවා නම් වැඩේ ටක්කෙටම හරි. ඔ්ඩරේ දැම්මට පස්සෙ එයාලා එවනවා එයාලගෙ බැන්කු විස්තර. අන්න ඒකට ගාණ ඩිපොසිට් කරන්නයි තියෙන්නෙ. ආයෙ ගෙදර දොරකඩටම ඩිලිවරිය.

කොහොම කොහොමින් හරි මම ඔහොම විස්තරේ කිව්වට, මට මේ බිරියානිය රස බලන්න ලැබුනෙ අපේ විශ්විගෙන්. මොකද එයානෙ ඔ්ඩරේ දාලා තිබ්බෙ. මම දැනගෙන හිටියෙත් නෑ. එක පාරට ආපු කෝල් එකේ..

“ඒහ්.. මේ තඩි බිරියානියක් තියෙනෝ. මට කාගන්න බෑ. ඔහෙට එවන්නෙයි?”

දවල් කෑම එක පෙනි පෙනී තිබ්බත් යාළු බිරියානියක් ඉතින් එපා කියන්න? ඉතින්.. ගත් කටටම,

“හෑ.. බිරියානි? එවන්ට එවන්ට දෙයියනේ. ආයෙ මොන කතාද. පින් තමයි ඈ..”

කියලා හිටං ඔන්න එයාලගෙ ගෙදර ඉඳන් අපේ ගෙදරට, පික්මි ෆ්ලෑෂ් එකෙන් විනාඩි 10-15ට ඇතිලියම ආවා..

ඉස් ඉස්සෙල්ලාම කියලා ලිහලා බැලුවෙන නම් අපේ අම්මා. හැබැයි වැඩ ඇල්ලුවෙ මම.

මෙයාලගෙ බිරියානි එන්නෙ තඩි මැටි ඇතිලිවල. චිකන්, ඕස්ට්‍රේලියන් මට්න් සහ පනීර් රස වලින් ගන්න පුලුවන්. ඒ වගේම තමයි පොඩිම පෝෂන් එක (රු. 3200) 2-3 දෙනෙක්ට බඩ පැලෙන්න කන්න පුලුවන්. ආයෙ ලාර්ජ් එක 6-7 දෙනෙක්ට..

විශ්වි ඔ්ඩර් කරලා තිබ්බෙ චිකන් බිරියානි. කිව්වට විශ්වාස කරන්න යාළු බැලූ බැල්මට ඔතෙන්ටික් ඉන්ඩියන්, හයිඩ්‍රාබාද් බිරියානියක් වගේ ලස්සනයි. අනික දිග ඇට බාස්මතියෙන් හදල තියෙන්නෙත්. ඔක්කොමත් හරි දාලා තිබ්බ දේවල් ටික? ස්ටාඅනීස්, බේ ලීෆ්, එනසාල්, කරාබු, ගරම් මසාලා වගේ බිරියානි ස්පයිසස් ඔක්කොමයි, මුද්දරස් පලම්, කජු, රටඉඳි, අමු මිරිස් මදි නොකියන්නයි.. වැඩක් නෑ ආ.. ඒ නිසාම සුවඳත් එනවා රස නහර පිනායන්න. චිකන් ඩ්‍රම්ස්ටික් එකක් තිබ්බා.. මං හිතන්නෙ මීකිරි සහ ස්පයිසස් වල පදම් කරලා උයලා වෙන්න ඔ්න, ටොප් ක්‍රීමි ඇන්ඩ් ස්පයිස් රස! කටට දෙකට ඒක නම් ඉවරයි. හැබැයි එහෙමයි කියලා වැඩේ නතර වුනේ නෑ. නොම්මර එකට රස තියෙන්න හදලා තිබ්බ රයිතා එකත් එක්ක බත් ටිකට වැඩේ දුන්නා.. සට සට ගාලා පිඟානක්ම ඔ්ං බඩේ!

ආහ්.. කියන්න අමතක වුනානෙ. ඒකෙ තම්බලා බැදපු බිත්තරත් තිබ්බනෙ. ආයෙ මින්චි සම්බෝල, චිකන් හොදි..

හ්ම්..!


Similar Places

User Reviews
S
1

4/5

0

Savithra

The best biryani i have ever had🔥.I recommend this place to anyone who is looking for tasty foods.😋

R
1

5/5

0

Ranu14

Hands down the best biriyani I have had! 😍❤️

S
1

4/5

0

Savithra

The best biryani i have ever had🔥.I recommend this place to anyone who is looking for tasty foods.😋

R
1

5/5

0

Ranu14

Hands down the best biriyani I have had! 😍❤️

See 3 Comments