Artwork for Brew-at-Hatch-Top Banner 2 A
Artwork for The Garden top banner 2 -20 April 2021
Artwork for PMF Ifatr Sidebar banner 1

5/5

Bolgoda Village By Ahasa

Kawatayagoda Road, Mahagoanaduwa, Moronthuduwa, Wadduwa


Amazing nature resort to spend time leisurely with tastings some delicious food..



දැන් ඉතින් ඉස්සර වගේ කොළඹින් පිටට ගිහිල්ලා හිතේ හැටියට ගං ඉවුරකට, වැව් ඉවුරකට සෙට් වෙලා අඩියක් පුඩියක් ගහන්න බෑනෙ. ඊටත් එහෙම සෙට්වුනත් හැන්දෑවක ඉඳන් රෑ මැදියමක් වෙනකම් සප්පායමේ.. සූර් එකේ සිංදුවක් කියන්න, බජව්වක් දාන්න.. කොහෙද ඉඩක්?

ඒ නිසාමයි මම හොයලා හොයලා කොළඹ අවටින්ම හොයාගත්තෙ වැව් ඉවුරකුයි, ගං ඉවුරකුයි.. ලස්සනට ලී වලින් හදලා, පොල් අතු හෙවිලි කරපු අපූරු බජව් ප්ලේස් එකකුයි තුනම තියෙන තැනක්.

බොල්ගොඩ!

ඒකත් ටවුමට කිට්ටුවෙන් නෙවෙයි.. හද්ද ඇතුලෙ. කෙලින්ම සෆාරි යනවා වගේ යන්න තියෙන්නෙ. අතුරු පාරකින් හැරිලා කිලෝ මීටරයක් විතර යනකම් තාර පාර තියෙනවා එතනින් එහාට දිගටම.. ගං ඉවුර දිගේ, පස් පාරෙන්, වළවල් තොගේ, කැළෑ රොද වටේ.. ඒ විතරක් නම් බැරියැ. හුලං පාරක් එනව යන අතර මගට.. සත්තයි බැහැලා ටිකක් වෙලා ඉඳලා යන්න හිතෙන ගාණයි. හැබැයි ඒ කොහොම කොහොම හරී.. තැනට යාගත්තට පස්සෙ?

හප්පේ.. පොල්, කොට්ටං, කුඹුක් වලින් පිරුණු, ඉම නොපෙනෙන තණ පිට්ටනියකුත් තියෙන.. පට්ට ලස්සන තැනක්. ඊටත් ඒ අතරින් පතර තියෙන ලොකු ලී කොටේජ.. පුංචි ස්විමින්ග් පූල්එක, ඔ්පන් රෙස්ටුරන්ට් එක..!

ඔක්කොමත් හරි මගේ හිත ගියේ ඉඩම කෙලවරේ.. වැවට අල්ලලා ගහල තියෙන ඩෙක් එකට.

“ගුඩ් ඊව්නින් සර්. ම්.. අවුට් ඩෝර් ප්ලේස් වෙනවද. නැත්නම් අපේ..”

“ආ.. නෑ නෑ. අනිවා අවුට් ඩෝර් තමයි. අර ඩෙක් එකේ සෙට් වෙන්න පුලුවන්ද අපිට”

“පුලුවන් සර්. එතන ඇරේන්ජ් කරලා තියෙන්නෙ. සර්ලා යන්න. මම මෙනු එක අරගෙන එන්නම්”

ඇතුලට යනවත් එක්කම වගේ සුහද, සිනාමුසු මුහුණකින් අපිව පිළිගන්න ආපු සේවක මල්ලි!

අපි ගිහින් වාඩිවෙනවත් එක්කම වගේ, මල්ලිත් මෙනුව අරගෙන ලඟින්ම අපේ..

ඊට පස්සෙ ඉතින් මොන කතාද? මල්ලි මේසෙට පිඟන් කෝප්ප අඩුම කුඩුම ටික තියලා ගලපනකම්, අපි තේරුවා කෑම හිත පිරෙනකම්. තෝරලා..

“අපිට ගේන්න මල්ලි චිකන් රයිස් එකයි (රු. 800), බ්ලැක් පෝර්ක් එකයි (රු. 900), මික්ස් නූඩ්ල්ස් එකයි (රු. 1000)”

“හරි සර්..”

කොල්ලා ඔ්ඩරේ අරගෙන ගිය සනික, අපි හිතේ හැටියට ඇවිද්දා රවුමක් හතර වටේම. ඒ ඇවිදිද්දි තමයි දැක්කෙ. ප්‍රධාන ඩෙක් එකට අමතරව ඒකට සමාන්තරව වැව් ඉවුර දිගේ, කුඹුක් හෙවනේ තවත් ඩෙක් එකක්.. ඒකෙ පුටු එහෙමත් දාලා..

“ෂැහ්, ටොප් ප්ලේස් එක බං. දන්නව නං ඇවිල්ලා උදේ ඉඳන්ම බොනවා”

ඔය විදියට ඉතින් රවුම දාන අතරෙ අපේ බයිට්, ඩයට් අඩුම කුඩුම ටිකත් හෙමි හෙමිහිට ගැලපුනා මේසෙට. ඒ විතරක් නම් බැරියැ, මෙන්න.. ‘කරටි කැඩෙන්න ගසාපන්’ කියන්න වගේ හීන් මන්දාරමකුත් හතර වටෙන්ම.. වැව තනිකරම මීදුමෙන් වැහිලා ගිහිල්ල වගේ පින්නට!

ආයෙ ඉතින්.. ඊට පස්සෙ.. අමුතුවෙන් කියන්න ඔ්න නෑනෙ,‌ නේ..

බෝතලේ කැඩුනා, පළවෙනි සොට චියර්ස් වුනා.. 

දෙතුන්දෙනාගෙම ගෑරුප්පුවල බ්ලැක් පෝර්ක්.

කෑලි දෙකයි හැපුවෙ යාළු මෙන්න පෝර්ක් එක මේ තිබ්බා මේ නෑ වගේ..

කට්ටිය හෝසෙට දෙනව සොට් එක.

“අඩේ පට්ට යකෝ.. මිරිස්, තුනපහ, ගම්මිරිස් විතරක් නෙවෙයි වෙන මොන මොනවහරිත් දාලාද මන්දා පුදුම රසක් බං”

“ආයෙත් අහලා.. මං හිතන්නෙ මැටි ඇතිලියක හින්දලා වෙන්න ඔ්න. බලපංකො බොර ටිකේ වුනත් රස!”

“අඩේ ඔව් බං. අනික තියෙන්නෙත් මස් කෑලි විතරමනෙ”

කට්ටියගෙ කතාබහ අතරෙ ඒ පංකාදු පෝර්ක් එකත් එක්ක.. මට ආවා අදහසක්, කලවම් කරගෙන කන්න රයිස් ටිකක්.

ඊට පස්සෙ චිකන් රයිස් ටිකකුත් පිඟානකට දාගෙන ඔන්න පෝර්ක් එකත් එක්ක.. හැබයී.. ඊට කලින් නිකම් රයිස් කටක් දෙකක් කෑවනෙ චිලි පේස්ට් එක්ක. කරි අප්පට.. ඒකෙ රසත්.. ආයෙ බිත්තර, එළවළු අඩුම කුඩුම ටික කොහොමත් පදමට, වැඩේ කියන්නෙ කර නොවෙන්න රෝස්ට් කරලා හීනියට ඉරලා දාපු චිකන්.. හැන්දට එක ගානෙ අහුවෙනවා මදිවට, රසත් පංකාදු පහට..

කිව්වට විශ්වාස කරන්න යාළු ඊට දෙවනි නැති මික්ස් නූඩ්ල්ස් එකත් හොඳේ.. වැඩක් නෑ ආයෙ කතා කරලා ඒකෙ නැති දෙයක් නැති ගාණයි. චිකන්, පෝර්ක්, සොසේජස්, ඉස්සො, දැල්ලො, බිත්තර. එතකොට.. එළවළු අඩුම කුඩුම ටිකත් ගානටම..

කෑවා නෙවෙයි.. ටිපර් කලා වගේ...

අන්තිමට බලද්දි බීලා නෑ කට්ටිය කාලා.. ඔ්!


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment