Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

3/5

Bollywood Express

32 Galle Road, Bambalapitiya, Colombo 4


Bollywood Express is a decent Indian restaurant on Galle Road in Bambalapitiya. While the food isn't quite as tasty as nearby Elite, it's good enough, the place is quiet, and the service is good.



Bollywood Express කියන්නේ බම්බලපිටියේ ගාලුපාරේ පිහිටි ඉස්තරම් ඉන්දියන් අවන්හලක්. අපි එහි ගියා දිවාආහාර වෙලාවේ. දන්නවාද අපි කෑවේ මොනවද කියලා. ඒ තමයි, චිකන් බුරියානි. එලීට් ඉන්දියන් අවන්හලේ චිකන් බුරියානි තරම් රසවත් නොවුණාට එය හොඳයි. රසවත් බත්, මොළොක් කුකුල්මස්. ඒ වගේම ඉදිරිපත්කිරීමත් හොඳයි. එහි මිළ එලීට්හි බුරියානියට වඩා පොඩ්ඩක් වැඩියි. (එලීට් රු. 280යි, බොලිවුඩ් රු. 325යි) බුරියානිවලට අමතරව ඔවුන් වෙනත් ඉන්දියන් දීසි රැසකුත් පිරිනමනවා. මා ඒවා කාලා බලලා නැති නිසා කියන්න බැහැ. මධ්‍යම මට්ටමේ ඉන්දියානු අවන්හලක මෙනුවක තිබියයුතු සියලු දේ එහි තිබෙනවා.

මිළ අතින් නිර්මාංශ දීසි, බුරියානි, රැප්ස්, තන්දූර් රොටි, පටන්ගන්නා ආහාර සහ වෙනත් දේ රු. 200ත් 400ත් අතර. නිර්මාංශ ප්‍රධාන ආහාර බොහොමයක් රු. 600ත් 800ත් අතර. බොහෝ තැන්වල වගේ මෙහිදීත් මේ මිළට බදු හා සේවා ගාස්තු ඇතුළත්වෙනවා.

ස්ථානය ටිකක් අපිළිවෙලයි. එහෙම වන්නේ විශේෂයෙන්ම බිත්තිවල සවිකර තිබෙන බොලිවුඩ් නළු නිළියන්ගේ යෝධ රූප නිසා. එහෙත් එතැන පිරිසිදුයි. සිසිල්. ගාලුපාරට ඇරෙන ඉදිරිපස දොරක් තිබෙන තැනක මෙය පුදුමයක්. සේවාවන් හොඳයි. තැන නිසංසලයි. අපේ ඇණවුම සරළ නිසා ඉක්මණින් ලැබුණා. කාර්යබහුල හැන්දෑවක ටිකක් සංකීර්ණ ආහාරයක් සම්බන්ධයෙන් තත්වය වෙනස්වෙන්න පුළුවන්.

TIP

If you’re in Bambalapitiya around lunchtime and fancy Indian food, I say head for this place rather than Elite. The food isn’t quite as tasty but is still tasty enough, and slightly fewer customers and more attentive waiting staff means waiting a shorter time for your food.

Address

32 Galle Road, Bambalapitiya, Colombo 4

Contacts

E-Mail

Report Inaccuracy

This place has closed down

Price Range

Between Rs. 200 - Rs. 500

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 2 Comments