Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

5/5

Bombai Muttai Man

Everywhere and nowhere


The ultimate Colombo street sweet.



බොම්බයි මොටයිකාරයාගේ සීනුවේ මිහිරි නාදය පරම්පරා ගණනාවක් තිස්සේ කොළඹ ළමයින්ගේත් වැඩිහිටියන් සැලකිය යුතු පිරිසකගේත් සිත් පිනවන්න ඇති. බොම්බයි මොටයි කියන්නේ පොල් කෙඳි වගේ සිහින් දිග, මුවට ලත් සැණින් දියවන, සීනිවලින් හැදූ සියුම් රසකැවිල්ලක්. එහි යන්තමින් පොල්තෙල් අඩංගු බවකුත්, සීනි එතරම් ශුද්ධ කර නැති බවකුත් හැ‍ඟෙනවා. ඒ හා සමාන අනෙකුත් රසකැවිල්ල තමයි, කැන්ඩි ෆ්ලොස්. බොම්බයි මොටයි ඒ තරම් ඇලෙනසුළු නැහැ.

අපි දන්නා කාලයේ පටන් සරොං ඇඳි මිනිස්සු බොම්බයි මොටයි පිරවූ වීදුරු පෙට්ටි අතින් එල්ලාගෙන සීනු හඬවමින් පාරේ ඇවිදගෙන ගියා.  සුපිරි වෙළඳසල් අලුත්, අලුත් රසකැවිලිවලින් පිරෙන්න කලින් යුගයේ මේ සීනි පොල් කෙඳිවලින් මැවුණේ රසබර ලෝකයක්. හැමදෙයක්ම ක්ෂණික වූ මේ විසිඑක්වන සියවසේ කප් කේක් යුගයේ පවා තවමත් බොම්බයි මොටයිකාරයා ඉන්නවා, සංකීර්ණ වීදිවල පැරණි විදියටම වෙළඳාම කරමින්.

පුංචි කාලේ සවස හතරට, හතරහමාරට ඔහු එනතෙක් බලා සිටීමත් සතුට දැනවුවා. ඇතැම්විට ඔහු කලින් ඇවිත් ගිහින්. ඔබට ඔහු මගහැරීම ගැන දුකයි. ඔහුගේ පැමිණීම තීරණය වන්නේ ඔහු ගමන් කරන මාර්ගය හා ඔහුට සිටින (හෝ නොසිටින) පාරිභෝගිකයන් ගණන අනුවයි. හැව්ලොක් ටවුමේ බොම්බයි මොටයිකිරයා එන්නේ හැමදාම දවල් 11ත් 12ත් අතර. එය ළමයි පාසල් ගිය, රැකියා කරන අම්මලා-තාත්තලා වැඩට ගිය, ගෘහනියන් කුස්සියේ උයන නරක වෙලාවක්. ඒත්, මම පසුගිය දිනෙක සමත් වුණා, සීනු හඬ අනුව ඔහු අල්ලාගෙන බොම්බයි මොටයි අහුරක් මිළදීගන්න.

මහළු වෙළෙන්දා දැන් නවීන විධියට අත්වැසුම් දැමූ අතකින් තමයි සිය උණුසුම් පෙට්ටියෙන් බොම්බයි මොටයි අරන් දෙන්නේ. මම රෝස පාට පහසුවෙන් කැඩෙනසුළු රවුම් නයිස් වේෆර්ස් හා බොම්බයි මොටයි ගත්තා රු. 100ක. ගත් සැණින් දිව්වා ආපසු ගෙදරට ඒ රස විඳගන්න. කරදාසියක් වැනි තුනී නයිස්වල තිබෙන්නේ යාන්තමින් දැනෙන රසයක් විතරයි. එහෙත්, සැහැල්ලු නිසා වරදක් නැහැ. ඒත්, බොම්බයි මොටයිනම් අති විශිෂ්ටයි. කපු පුළුන් සේ සැහැල්ලුයි. පැණිරසයි. ඒත් ඇලෙනසුළු නැහැ. යන්තමින් පොල්තෙල් රසකුත් දැනෙනවා. වෙලාව 11.30යි. තේ වෙලාව පසු වී තිබුණත්, තේ බොන්න මීට වඩා හොඳ කැවිල්ලක් තවත් තිබෙනවාද කියලායි මට හිතුණේ.

බොම්බයි මොටයිකාරයා දැන් වඳවී යන ජීවියෙක් වගෙයි. ආහාර පිළිබඳ නව නීති, අලුත්කඩේ පැත්තේ නිෂ්පාදනායතනයකින් මිළ දී ගන්නා මොටයිවල මිළ ඉහළයාම හා ළමයින් අලුත් රසකැවිලිවලට පුරුදුවීම බොම්බයි මොටයිවලට හරහට ඉඳලා. බොම්බයි මොටයිවල රස දන්නා පරපුරටත් ඔහු එනතුරු බලා ඉන්න පුළුවන්කමක් නැහැනේ.

TIP

If you can't wait - call, it makes matters much easier. Add some ice cream to your bumbai muttai taco for real Colombo sweet perfection.

Address

Everywhere and nowhere

Directions

They have routes and are usually around schools from 1-2 PM.

Contacts

Report Inaccuracy

Open until 07:00 PM

Cuisine

Street Food

Price Range

Less than 200

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
3
Service Rating
4
Ambience Rating
5

Similar Places

Have you visited this place?

Write your own review!
See 12 Comments