Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

3/5

Bombay Sweet Centre (Wellawatte)

161 Galle Road Wellawatte


Bombay Sweet Centre does an excellent almond milk (Rs. 150) and beef samosa (Rs. 30). The samosa was the best I've had in the city - full of meat and gleaming green chillis, but not stomach unsettlingly spicy. The piece of muscat was just indulgence.



Street food හෙවත් වීදි ආහාර ගැන විවිධ සාකච්ඡා තිබෙනවා. තායිපැපොල් සලාදය, තායිවාන් පෑන්කේක් ආදිය ගැන දිග රූපවාහිනී වැඩසටහනුත් තිබෙනවා. හෝටල් මෙනූවලට පිවිස ඇති මේවාට වීදි ආහාර යයි කීවාට ඇත්තෙන්ම වීදි ආහාරයක් යයි කියන්නේ කුමක්ද?

මට මේක ගැන හරිම අදහසක් කවදාවත් තිබුණෙ නැහැ. කරත්තෙකින් අරගෙන කන ඉස්සො වඩේ වීදි ආහරයක්වෙන්න පුළුවන්. ඒ ව‍ගේම ගමන් බිමන් අතරදී අපි කෑම කන යාල් ඊට් හවුස්, සහ McDonald’s වැනි තැනුත් මේ වර්ගයට අයත් වියයුතුයි නේද?

ඊයේ ටෙලර් යන්ත්‍රයකට පිංසිදුවන්නට බසයක යන්න මාරු සල්ලි නැතිව, මම ගාලුපාර දිගේ දෙහිවල සිට බම්බලපිටියට පයින් ගියා. ඩබ්ලිව්. ඒ. ද සිල්වා මාවත අසලදී වැස්සක් ඇදවැටුණා. මම ළඟම තිබුණු බොම්බේ ස්වීට් සෙන්ටර් වෙත ගොඩවුණා. ඒ අපූරු, වියළි ස්ථානයේ වැස්ස පායනතුරු අසුන්ගෙන සිටීම සාධාරණීකරණය කරන්න මම යමක් ඇණවුම් කළා. ප්‍රතිඵලය විශිෂ්ටයි. ඒ රු. 150ක් වූ ආමන්ඩ්, කිරි හා වතුර බ්ලෙන්ඩරයේ දමා සකසන ලද ගානට රස තිබුණු ආමන්ඩ් මිල්ක් එකක්, මස් හා කොළ මිරිස් පිරවූ, ගානට කුළුබඩු යොදා තිබුණු, බඩත් අප්සෙට් නොකළ රු. 30ක මා කා ඇති හොඳම වර්ගයේ සමෝසාඑකක් හා නරක නැති මස්කට් කෑල්ලක්.

වීදියේ ඇවිදිද්දී වැස්සට ගොඩවූ තැනින් මම විනාඩි පහෙන් යමක් කෑවා. කාලා බීලා ඉවරවෙනකොට වැස්සත් ඉවරයි. ඉන්පසු ම මගේ ගමන ගියා. කෑම සැකසෙනකල් බලාඉන්න උවමනාවක් තිබුණේ නැහැ. මම හිතන්නේ මේ තමයි නියම වීදි ආහාර. වීදි ආහාරයක් වන්න යම්කිසි දේශීයත්වයකුත්, රසත්, මිළට වටිනාකමත් වැදගත්. බොම්බේ ස්වීට් සෙන්ටර්හි සමෝසා හා ආමන්ඩ් මිල්ක් මේ සියලු සාධකවලින් සමත්.

මම තවමත් හිතනවා නියම බෝරා රසකැවිලි කඩ ඉන්දියන් ඒවාට වඩා හොඳයි කියා. ඒත්,  සමෝසා හා ආමන්ඩ් මිල්ක් ගැනනම් බොම්බේ ස්වීට් සෙන්ටර් ‍ගොඩවැදිලා බැලියයුතු තැනක්. අවට ඉන්නවානම් ගිහින් බලන්න.

සමෝසා බෑගයකුත් අතින් අරගෙන මඳපොද වැස්සේ හැන්දෑවේ ගාලුපාර දි‍ගේ ඇවිද යනකොට මට අවංකවම ලංකාවේ ජීවත්වීම ගැන ප්‍රීතියක් ඇතිවුණා. කොයිතරම් සුන්දරද ජීවිතය.

TIP

The Beef samosas seem to come out of the pan hot hot at like 6 pm so try to make it for around then. Alternately, if you order more than 10 they'll fry them up for you then and there, guaranteeing hot hotness. Just dont eat them cold, it's a waste.

Address

161 Galle Road Wellawatte

Contacts

Report Inaccuracy

Open until 09:00 PM

Cuisine

North Indian

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Indian Sweets

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 4 Comments