Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

4/5

Bombay Sweet House (Kollupitiya)

7, Dharmapala Mawatha, Colombo 3


Sadly closed, after years. Bombay Sweet House is the original Sri Lankan candy shop, the city's oldest candy makers, and still remains the best place for Indian sweets and a fresh glass of Faluda.



කොළඹ පැරණිම බොම්බේ රසකැවිලිහල තවමත් ඉන්දියානු රසකැවිලි මිළ දී ගන්න නගරයේ ඇති හොඳම තැනයි.

කොල්ලුපිටියේ බොම්බේ ස්වීට් හවුස් හොඳම ලඩ්ඩු, මස්කට්, බාෆි සහ ජලෙබි රස බල්න්නට පුළුවන් තැන පමණක් නොවෙයි, එය තමයි ලංකාවේ හොඳම කෝපි හල් අවකාශය. නවීන Starbucks අනුකාරකයන් රුපියල් තුන්සීයේ කැපුසිනෝ කෝපිවලින් කොළඹ කෝපිහල් සංස්කෘතියක් බිහි කරන්නට උත්සාහ කරද්දී මේ සුන්දර පැරණි අවකාශය තමයි, සැබැවින් ම ඒ සඳහා තැන. ඉහළ යන බිල ගැන නොසිතා ඔබට මෙහි පැය ගණනක් අසුන් ගෙන පුවත්පතක් කියවමින් ලෝකයේ වගතුග බලන්නත්, නිමක් නැති දේශපාලන පාරභෞතික සාකච්ඡාවක යෙදෙන්නත් පුළුවන්.

මෙහි හොඳම දෙය තමයි, ඔබ එහි පිවිසෙන හැම විටම ඔබට සිතෙන්නේ ඔබ වසර පනහක් තිස්සේම වෙනස් වී නැති තැනකට පිවිසෙනවාය කියායි. මෙතැන කෝපිහල් කලාවට නො ගැලපෙන එකම දෙය තමයි, මෙහි කෝපි පිරිනමන්නේ නැති වීම. ඇත්තතෙන්ම, මෙතැනට එය අත්‍යවශ්‍යයි. ඒත්, ඔබට උස වීදුරුවක පිරිනැමෙන සිසිල් ෆලූඩා රෝස වතුර හෝ කස ඇට, කිරි සහ අයිස්ක්‍රීම් දැමූ සරුවත් තොග ගාමින් සතුටු වෙන්න පුළුවන්.

මෙතැන හිමිකරු වන ජොහාර් ලංකාවේ පළමු බොම්බේ රසකැවිලිකරුවන්ගේ තුන්වන පරපුරේ කෙනෙක්. ඔහු නියම රස ශිල්පියෙක්. තම කලාව පිළිබඳ ඔහු හොඳින් දැනුවත්. ඉන්දියානු රසකැවිලි ඉතිහාසය පිළිබඳ ඔහුගෙන් නිකමට විමසන්න. ඔහුගේ හැකියාවන් දේශීය රුචිකත්වයන් ඉක්මවා යන්නක්. නිදසුනක් ලෙස ඔහු රස් මලෛ නම් මිහිරි අතුරුපස සාදන්නේ ඇණවුම්වලට පමණයි. ඒවා හදා අලෙවියට තැබීමට තරම් මෙහි ඒ සඳහා ඉල්ලුමක් නැහැ.

මේ සුන්දර අවන්හලට පැමිණ ආහාර ගැන දැනුවත්, අනුරාගී පුද්ගලයකු සමග කතාවට වැටෙන්නට ලැබෙන එක වුණත් සැබෑ වරප්‍රසාදයක්. තාම ගිහින් නැද්ද? අවුරුදු පනහක් එය එතැන තිබෙද්දී ඔබ මොනවා කරනවාද? යන්න. කොළඹ මධ්‍යයේ ජීවිතය යළි අවදි වෙද්දී ‍බොම්බේ ස්වීට් හවුස් පිහිටා තිබෙන්නේ එහි ක්‍රියාකාරිත්වයේ හදවත ළඟ.  එසේම, එය Coffee Bean හෝ Baristaට වඩා මිළෙනුත් අඩයි.

*සංස්කාරක සටහන: සවන් එසේ කරන්න්නැයි පොළඹවන්නට උත්සාහ කළත්, ඇත්තෙන්ම ඔවුන් මෙතන කෝපි පිරිනමන්නේ නැහැ. ඒත්, ෆලූඩා ඉස්තරම්. 

TIP

They are open all days of the week during Ramazan.

Address

7, Dharmapala Mawatha, Colombo 3

Directions

From Colpetty Junction turn up towards Liberty Plaza and it's before that, on your left.

Contacts

Facebook E-Mail

Report Inaccuracy

This place has closed down

Cuisine

North Indian

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Candy Indian Sweets Faluda

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3
See 19 Comments



Latest