Artwork for PMF BF Top banner 1
Artwork for PMF BF Top banner 2

3/5

Box Colony

308 A, Pannipitiya Road, Pelawatta, Battaramulla


A nice space in Battaramulla that has a big garden area as well as a quirky container box based building set up. While the service and ambiance is great, the food could use some improvement.



බිත්ති හතරකින් වටවෙලා නැහැලු. හැබැයි රෙස්ටෝරන්ට් එක තියෙන්නේ කන්ටේනර් පෙට්ටියක් ඇතුළේලු; හත්වලාමයි! ජීවිතේට දැකලා නෑනේ ඒ වගේ එකක්!

ඔන්න ඔය වගේ අරුම පුදුම තැනක් තමයි පැලවත්තේ බොක්ස් කොලනි එක. මේක තියෙන්නේ අර කැෆේ නුවාර් එක ළඟමයි. ඒ කියන්නේ බත්තරමුල්ල පන්නිපිටිය පාරේ.

තැන

කිව්වත් වගේ මේක මේ අපට හැමතැන ම දකින්න ලැබෙන ජාතියේ වහලවල් ගහලා, බිත්තිවලින් වටවුණු ටිපිකල් රෙස්ටෝරන්ට් එකක් නෙවෙයි. මේක තියෙන්නේ එකක් උඩින් එකක් තියපු තඩි කන්ටේනර් පෙට්ටි දෙකක් ඇතුළේ. පහළ තියෙන කන්ටේනර් පෙට්ටිය වෙන් වෙලා තියෙන්නේ කුස්සියට. ඕනේ නම් එතැන ඉස්සරහ තියෙන යකඩ බැරල් මේසවලට වාඩි වෙලා කෑම ගන්නත් පුළුවන්. හැබැයි අව්වෙන් වැස්සෙන් තියෙන වදෙන් බේරිලා කෑම වේලක් රස විඳින්න නම් ඒකෙ උඩ තියෙන කන්ටේනර් පෙට්ටියට යන්න ඕනේ. සාමන්‍යයෙන් මේකේ ඇතුළේ දහපහළොස් දෙනෙක්ට එක සැරේ වාඩි වෙන්න පුළුවන්.

මේක ඇතුළට ගිය ගමන් නම් පුදුම රස්නයක් තිබුණේ. හැබැයි ඒසී එක දාලා ටිකක් වෙලාවක් ගියාට පස්සේ ඒ ගතිය මඟ හැරුණා.

කෑම බීම

අපි අපේ කෑම පටන්ගත්තේ “චීස් ටෝස්ට්” (රු.300) එකකින්. සාමාන්‍යයෙන් ලැබෙන සැන්විච් පාන් උඩ මොස්රෙල්ලා අතුරපු ඒවා වෙනුවට, මේ කට්ටිය දෙන්නේ රෝස්ට් පාන් එකක් මැද්දට මොස්රෙල්ලා දාලා බේක් කරපු චීස් ටෝස්ට්. මේක අවුලක් ම නැහැ. ඒත් රෝස්ට් පාන් එකේ ලොකුව නිසා චීස් රස දැනෙන්නේ හොරට. අනික රෝස්ට් පාන්වල කුඩු නොවැටෙන විදියට කන්නත් සෑහෙන්න යුද්දයක් කරන්න ඕනේ.

අපි ඕඩර් කරපු “BBQ චිකන් ව්රැප්” (රු.800) එක හොඳට තිබුණා. ඒත් tortilla රොටිය ෆ්‍රෙෂ් මදි වගේ කියලයි අපට නම් හිතුණේ. ඒත් මේකේ ෆිලින් එක සුපිරි. බාබෙකියු සෝස්වලින් නෑවුණු චිකන් කෑලි තොගයක් පුරවලා තිබුණා.

ඊළඟට අපි රස බැලුවේ “ස්පගැටි කාබෝනාරා” (රු.850) එක. ෂහ්! මේක නම් ආයේ කතා දෙකක් නැහැ පට්ට ම රසයි. කාබෝනාරා සෝස් එක නියමෙට ම හදලා තිබුණා. හැරත් කන කටක් කටක් ගානේ හැපෙන සයිස් එකට බේකන්! ඉතින් කන්නද අප්පේ බැරි!

බීමට අපි ගත්තේ “පැෂන් ෆෘට් ජූස්” (රු.320) එකකුයි, “අමෙරිකානෝ” (රු.240) එකකුයි. පැෂන් ෆෘට් ජූස් එක අපට හොඳට ම අල්ලලා ගියා. ඉදුණු පැෂන් ගෙඩියක ස්වාභාවික රස කිසිම අඩුවක් නැතුව මේ ජූස් එකේ තිබුණා. සීනි නොදාපු නිසා තවත් හොඳයි. රස්නේ දවසට රිෆ්‍රෙශ් වෙන්න හොඳ ම බීමක්.

මේ කට්ටිය පාවිච්චි කරන්නේ හංස කෝපිනේ. ඉතින් අමරිකානෝ එකෙත් තිබුණේ ඒ රස ම තමයි. තිත්ත ගතියක් හෝ, ඕනෙවට වඩා රෝස්ට් වෙච්ච කෝපි රසක් මේකෙන් නිකමටවත් ආවේ නැහැ.

සර්විස් එක

මෙතැන ස්ටාෆ් එකේ අය කඩියෝ වගේ වැඩ. අපේ ඔය කෑම ඕඩරේ මේසෙට ආවේ විනාඩි 20ක් යන්න කලින්. මෙනුවේ අග ඉඳන් මුලට විතරක් නෙවෙයි, මුල ඉඳන් අගට ඇහුවත් ඒවයේ වගතුග කියන්න මේ කට්ටියට පුළුවන්.

අවසාන වශයෙන්

පැලවත්ත හරියෙන් යන වෙලාවක බඩගින්නක් ආවොත් බොක්ස් කොලනි කියන්නේ අනිවාර්යෙන් ම ගොඩ වෙන්න ඕනේ තැනක්. සාමාන්‍ය රෙස්ටෝරන්ට් එකක තියෙන වාතාවරණයට වඩා වෙනස් නිසා, මෙතැනදී ලැබෙන එක්ස්පීරියස් එකත් අලුත්නේ. අනික කෑමවල රසත් එක්ක බැලුවා ම, ගෙවන ගාණේ හැටියට පාඩුවකුත් නැහැ.


TIP

BYOB

Address

308 A, Pannipitiya Road, Pelawatta, Battaramulla

Directions

About 100m, on your left, past Cool Planet as you approach from Thalawathugoda

Contacts

Facebook Website

Report Inaccuracy

Have you visited this place?

Write your own review!
See 1 Comment