Artwork for Shiwu Chinese - top banner 1
Artwork for WW BYOB Top banner 2(A) - dummy
Artwork for Coffee post sidebar 1

3/5

Box Colony

308 A, Pannipitiya Road, Pelawatta, Battaramulla


A nice space in Battaramulla that has a big garden area as well as a quirky container box based building set up. While the service and ambiance is great, the food could use some improvement.



පුංචි මීටිමක් ගන්න..

තැනක් හොයනව හොයනවා.. නෑ කියන්නකො. වැඩේ වුනේ කොළඹින් නෙවෙයිනෙ, බත්තරමුල්ල අවටින්නෙ. අන්තිමට හොයල හොයල බැරිම තැන බැලුව පැළවත්ත, තලවතුගොඩ කිට්ටුවෙන්.

අන්න ඒ පාරනෙ, තැන් 2, 3ක්ම ලයින් වුනේ ඔය. හැබැයි ඒවයින් 1, 2ක් සෑහෙන්න ගණන් වගේ. අතේ තියෙන ගාණට සෙට්වුනේම පාළම්තුන ‘බොක්ස් කොලනිය’ විතරයි.

කමක් නෑ ඔන්න ඔහෙ, මොකක්හරි කැෆේ එකක්නෙ කියල යාළුවො දෙන්නටත් එතනට එන්න කිව්ව. කියලා.. වාහනයකුත් දාගෙන හෙමින් සැරේ, වැස්සසෙයි ට්‍රැෆික් එකෙයි, ඇද්ද ඒ පැත්තට. ගිහිල්ල පාකින් එකෙන්ම බැහැල දුවගෙන ගියේ ඇතුලට. ඇයි ඉතින් අනෝරා එකෙන්නෙ. ඇතුලට ගොඩවුනත්ම හරි ඉස්සරහට මුරිච්චි වෙච්චි සේවක මිත්‍රයෙක්..

“මචං කොල්ලො දෙන්නෙක් ආවද මේ පැත්තට?”

“ආ ඔව් සර්. මේ දැං ගියේ උඩට. මං හිතන්නෙ සර් ගැන වෙන්න ඇති, කියාගෙන ගියේ ‘යාළුවෙක් එනව පොඩි වෙලාවක් දෙන්න කෑම ඕඩර් කරන්නම්’ කියල”

“ආ.. ඒනං හරි. අපිට මෙනියු එකක් උඩට එවන්න ඈ”

“හරි සර්”

කියල ඇද්ද සනික උඩ තට්ටුවෙ ඩයිනින්ග් එකට. යද්දි.. මෙන්න ඩබල ඉන්නව මුල්ලෙම ටේබල් එකකට වෙලා. ඒකත් කාරි නෑ කොලනියෙ ලස්සනනෙ. කියල වැඩක් නෑ ආ.. කහපාට ඩිම් ලයිට් දාලා, ලා මියුසික් පාරකුත් එක්ක, බලන්න එපැයි!

සත්තයි, ගොඩවුනත් හරි

“අපරාදෙ.. බියර් ටිකකුත් අරගෙනම එන්න නේ බං තිබ්බෙ?”

“සිරාවට. එහෙමත් පුලුවන්ද මෙතන. ඉතින් අපි දන්නවයැ ඕවා. උබ කියන්න එපැයි”

කතාව එතනින්ම ඉවරයි. මගේ වැරැද්දනෙ. කරන්න දෙයක් නෑ කියල හිටං මෙනුව බලල ඔන්න ඕඩර් කලා රෝස්ට් පෝර්ක් සැන්ඩ්විච් එකයි (රු. 950), කාබොනාරා පැස්ට එකයි (රු. 850), කැපුචිනෝ එකයි (රු. 250), ඇමරිකානෝ එකයි (රු. 250), කකා බිබී වැඩේ කරන්න.

ඕඩර් කරල ආයෙ මොනව බලන්නද? බැස්ස සනික වැඩේට ලැපත් දිග ඇරගෙන එහෙම.

මගෙ හිතේ.. විනාඩි 10ක්,

එක පේළියට කෑම බීම සියල්ල මේසෙ උඩට.

මම ගත්ත ගමන්ම කලේ සීනි චුට්ටක් දාගනෙ ඇමරිකානෝ උගුරක් දෙකක් තොලගාපු එක. ඇයි ඉතින් සීතලේ.. ඉන්න බෑනේ..

ම්.. නරකමත් නෑ. හැබැයි කියන්න තරම් කොලිටියකුත් නෑ. සාමාන්‍ය මට්ටමේ රස කෝපි, සීනිත් එක්ක නිසා පදම හොඳයි.

ඒත්.. කාබොනාරා එකනෙ. අනේ.. ඒකට මොකක්හරි ලෝකල් රස කාරකයක් දාලා. කටක් කද්දි, චීස් රස දැනෙන අතරට ඒකත් එනව එපා වෙන්න. ඊටත් ඒ හැම් කෑලි ටික ෆ්‍රයි කරලනෙ දාලා තියෙන්නෙ. ඉතින් හැම් රසක් තියා, චිකන් රසක්වත් එන්නෙ නෑ හරි හැටියට. අනේ මංදා, ඇත්තටම ඒ කාබොනාරා එක නම්..

කොලිටි මදි අප්ප.

වැඩේ කියන්නෙ කාබොනාරා එක අවුල් හින්ද ගත්ත රෝස්ට් පෝර්ක් සැන්ඩ්විච් එක. ඒක ඇවිල්ල තිබ්බෙ තඩි රෝස්ට් පාන් පලු 2ක් මැදි කරල. බොලේ.. ඒක පැණි රසයි කියන්නකො. බටර් එහෙම ගාලා, සලාද අඩුම කුඩුම ටික දාලා, රෝස්ට් පෝර්ක් කෑලිත් මදි නොකියන්න දාලා.. රසට පදමට ෆ්‍රයි වෙච්ච පෝර්කුත් එක්ක, මොනවදෝ සෝස් වගයක් දාලා.. විනාසයි කියන්නෙ රසේ කෑලිත් නෑ. කොටින්ම එක කටයි කෑවෙ, සියල්ල අනිත් යාළුවන්ට.

කැපුචිනෝ එක ගැන නම් කතා නොකර ඉමු. මොකද ඒකෙ තිබ්බෙ උණු වතුරයි කිරියි විතරයි. ඒ දෙක ගැන කතා කරන්න දෙයක් නෑනෙ ලොකුවට.

මටත් හිතාගන්න බෑ අනේ. ඉස්සර ඕක හෙන ෆේමස් ප්ලේස් එකක්..

ඒත්.. දැන් නම් නොගිහින් හිටියත් කමක් නෑ කියන ගානටම ඇවිල්ල, ඕං..!


TIP

BYOB

Address

308 A, Pannipitiya Road, Pelawatta, Battaramulla

Directions

About 100m, on your left, past Cool Planet as you approach from Thalawathugoda

Contacts

Facebook Website

Report Inaccuracy
Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment