Artwork for U Pay - PickMe Dec  2018 -06.12.2018

4/5

BreadTalk (Mount Lavinia)

Galle Road, Mount Lavinia.


BreadTalk has opened their sixth outlet in Sri Lanka to the suburbs of Mount Lavinia.



“එහ් අන්න ඔඩෙල් එකේ සේල් එකක්ලු.”

මාසයක් ගානේ ඇඳුම් ගන්න, ඒ වුණාට හැමදාම එකම ඇඳුම පට්ට ගහන මගේ යාළුවා ගෙදරට ගොඩවුණේ ම ඔහොම කියාගෙන. මිනිහට සේල් එකක්, බාගේන් ෂොප් එකක් පේන්න බෑ. පිච්චියට ම හිඳිලා හිටියත් ඇඳුම් ගන්න රාජකාරිය නම් අකුරට කරනවා.

මොනවා වුණත් යාළු පිට් එකනේ. මාත් ඉතින් ඇඳුමක් දාගෙන ගියා ගල්කිස්සට. ගෙදෙට්ට ළඟ ම තියෙන ඔඩෙල් එකනේ. වරුවක් තිස්සේ කඩේ ඇතුළේ ඇවිදලා, යුද්ධයක් කරලා, දෙයියනේ කියලා ඇඳුම් කෑල්ලක් දෙකක් හොයාගත්තට පස්සේ අපි කඩෙන් එළියට බැස්සා. ඔන්න ඊටපස්සේ ආවේ අනිත් යුද්දෙ! බඩගින්න!

සාමාන්‍යයෙන් මේ බඩගින්නට පාන්, බනිස් කාලා හරියන්නේ නැහැ. ඒත් අතේ වැඩි ගාණක් නැති වුණා ම අහවල් එකක් කරන්නද. ඔන්න ඔය වෙලාවේ තමයි ගල්කිස්සේ බ්‍රෙඩ්ටෝක් එක මගේ ඔළුවට ආවේ. දනිපනි ගාලා පාර පැනපු අපි, අඩියට දෙකට මේ පැත්තට ගියා.

තැන

ගල්කිස්සේ උසාවිය මීටර් නේද? ඔය ශාන්ත තෝමස් කොලීජියේ ගාලු පාර අද්දර තියෙන පිට්ටනිය පහුවෙනවත් එක්කමනේ ඕක තියෙන්නේ. මේ බ්‍රෙඩ්ටෝක් එක තියෙන්නේ හරියට ම උසාවි බිල්ඩිමට විරුද්ධ පැත්තේ.

ලිෆ්ටන් වටරවුමේ, පාක් ස්ට්‍රීට් එකේ තරම් ලොකු ඉඩකඩක් ගල්කිස්සේ තියෙන බ්‍රෙඩ්ටෝක් එකේ නැහැ. හැබැයි කෑම ජාති නම් සේරම අඩුවක් නැතුව තියෙනවා. කෑම හැදෙන විදියත් දෑහින් බලාගන්න පුළුවන්.

කෑම බීම

බ්‍රෙඩ්ටෝක් එකට ගියාම තෝරගන්න තියෙන කෑම තොගේ, ලංකාවේ තියෙන සාමාන්‍ය බේකරියක නැති බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මේ තියෙන නා නා ප්‍රකාර කෑම ජාති දැක්කම බඩගින්නක් නැතත් බඩගිනි වෙන ගානයි!

ඔන්න ඉතින් යාළුවයි මායි දෙන්නත් එක්ක ගත්තා ට්‍රේ දෙකක් අතට. ඊටපස්සේ කෑම දාලා තියෙන ෂෝ කේස් අතරේ ඇවිදින ගමන් හිතට අල්ලන කෑම ට්‍රේවලට දාගත්තා.

යාළුවා ගත්තේ “පික්නික් හැම්” (රු.210) එකකුයි, “ෆෘටි ඩැනිෂ්” (රු. 220) එකකුයි. “ආමන්ඩ් ඩෝනට්” (රු.130) එකක් ගන්න ගමන් මං කල්පනා කළේ “කෝ මම හැමදාම කන “චිකන් පාමේසන්” එක කියලා. දෙතුන් විඩක් වට ගහලා බැලුවා, අඩු තරමේ හිස් වෙච්ච රාක්කෙකවත් චිකන් පාමේසන් කියලා ලේබලේ ගහලා නෑනේ! මගේ පපුව හූස් ගෑවේ බඩගින්නටද, දුකටද කියලා ෂුවර් නැහැ.

“අයියේ චිකන් පාමේසන් නැද්ද?”

ෂේප් එකේ බේකරියේ ඉඳපු අයියා කෙනෙක්ට කිට්ටු කරපු මම ඇහුවා. බැලින්නම් චිකන් පාමේසන් අවන් එකෙන් බාලා තියෙන්නෙත් ඒ වෙලාවෙමයි. අවන් එකෙන් කෙළින් ම මගේ ට්‍රේ එකට චිකන් පාමේසන් එකක් ගත්ත මම, මේසෙට වාඩිවුණේ ඉහ වහා ගිය සතුටින්.

බ්‍රෙඩ්ටෝක් එකේ මම ආසම කෑම ජාතිය නිසා මුලින් ම කියන්නම් චිකන් පාමේසන් (රු.190) එක ගැන. මේක රොටි දවටනයක් මැද්දට චිකන් සොසේජස්, චිකන් සහ පාමේසන් චීස් පුරවපු කෑමක්. හනේ! දිව්‍යලෝක රස ඈ! එවෙලේ ම හදල දුන්නු නිසා රොටියේ තියෙන තෙල් ගතිය අතට දැනෙන සයිස්. පට්ට ම රසයි.

ආමන්ඩ් ඩෝනට් එකත් මරු. නියම චොකලට් එකක්නේ මේකේ තවරලා තිබුණේ. ඒක උඩින් යහමින් ආමන්ඩ් දාලා. ඩෝනට් බනිසත් නියමයි. ගානට බේක් වෙලා. හොඳ මෘදු ගතියක් තිබුණා.

පික්නික් හැම් එක ගැන නම් අපේ ඒ හැටි සතුටක් නැහැ. මේක ටිකක් වේලිලා වගේ. සෝස් ටිකක් දාගත්තම ෂේප්. ඒත් ආයේ ආයේ කන්න හිතෙන තරම් රසක් නැහැ. ලොකු හැම් කෑල්ලක් ඔබලා තිබුණු මේ පික්නික් හැම් එක පේස්ට්‍රියක් විදියට තමයි හදලා තිබුණේ.

පික්නික් හැම් එකෙන් හිත අවුල් කරගත්තට කාරී නෑ, ෆෘටි ඩැනිෂ් එකෙන් අපේ හිත ඕනෙවටත් වඩා හැදුණා. මේකේ අඩියේ තියෙන්නේ කරස් සද්දෙන් හැපෙන පේස්ට්‍රි එකක්. ඊට උඩින් කස්ටඩ් තට්ටුවක් අතුරලා. මතුපිටින් තියෙන්නේ පීච්, ස්ට්‍රෝබෙරි, බ්ලුබෙරි සහ අඹ කෑලි හතරක්. හප්පච්චියේ! මේ ටික එකට එකතුවෙලා එද්දී එන රස! වචනෙන් කියලා නිම කරන්න බැහැ. මේකේ කස්ටඩ් එකට තමයි වැඩියත් ම අපේ හිත ගියේ.

සේරමත් හරි. මුකුත් බොන්න බැරි වුණානේ. තද අවුවේ වරුවක් ඇවිදපු මහන්සිය යන්නත් එක්ක මං “අයිස්ඩ් මයිලෝ” (රු.250) එකක් ගත්තා. මේකත් පට්ට රසයි. මොකද නිකන් ම කූල් කරපු මයිලෝ නෙවෙයි මේ. උඩින් චොකලට් සිරප් එකකුත් වත් කරලයි දුන්නේ. ඒ නිසා චොකලට් රස තවත් හොඳට දැනුණා. සීනිත් ගානට. මේක නම් අපි දෙන්නා බිව්වේ තරගෙට වගේ.

සර්විස් එක

වෙන බ්‍රෙඩ්ටෝක්වල වගේ ම තමයි මේකේ තියෙන්නෙත් සෙල්ෆ් සර්විස්. හැබැයි පට ගාලා බිල දාලා දෙන, ෂෝ කේස්වල දාලා නැති කෑම ගැන බොහොම සුහදශීලී විදියට විස්තර කියලා දෙන සේවක මිත්‍රයෝ සෙට් එකක් මේකේ ඉන්නවා.

අවසාන වශයෙන්

සිංගප්පූරුවේ ඉඳන් මෙහෙට ආව බ්‍රෙඩ්ටෝක්  ලංකාවේ සාමාන්‍ය බේකරි රැල්ලෙන් මිදුණු පාරක යන කාණ්ඩයක්. අපේ ඕනේ ම බේකරියක හැමදාම දකින්න ලැබෙන රෝල්, පැටිස්වලින් මිදිලා අලුත් විදියට කෑම හදන්න මේ කට්ටිය උපන් හපන්නු. පෙනුම විතරක් නෙවෙයි, මේවයේ රසත් සෑහෙන්න හොඳයි.අනික ගෙවන මිලට ඉස්තරම්ම වටිනකාමක් ඇති කෑම බීම මෙතනින් ලැබෙනවනේ.


TIP

Try their Almond Doughnut.

Artwork for Frimi Shoutout banner
Similar Places

User Reviews
Avatar for Vishvi
1

4/5

Vishvi YAMU STAFF

Rated 4/5

B
6

4/5

0

BaileyDar

@Vishvi nice review :D I like the branch in Mount . If I pass this place on a weekend I always stop by and buy something to go home and eat. yummy short eats!

Avatar for Vishvi
1

4/5

Vishvi YAMU STAFF

Rated 4/5

B
6

4/5

0

BaileyDar

@Vishvi nice review :D I like the branch in Mount . If I pass this place on a weekend I always stop by and buy something to go home and eat. yummy short eats!

See 2 Comments