Artwork for New PickMe Flash banner 15 June 2021
Artwork for PickMe marketplace sidebar banner -temp Artwork for Coffee post sidebar 1-Aga coffee

4/5

Brew 1867 by Dilmah (Colombo 07)

57/1 Sir Ernest de Silva Mawatha, Colombo 007


Dilmah's newest venture into restauranting is in Flower Road.



කොළඹ ෆ්ලවර් රෝඩ් එක හෙවත් මල් පාර, අවන්හල්වලට නම ගිය පාරක්. Brew 1867 by Dilmah කියන්නෙ ෆ්ලවර් රෝඩ් එකේ අලුතෙන් දාපු රෙස්ටොරන්ට් එකක්. පහුගිය දාක බඩගිනි උත්සන්න වුණ වෙලාවක අපි එහෙ ගියා. මේ තියෙන්නෙ ඒ පැත්තෙ වතගොත…

තැන

මල් පාරෙ ගොඩනැඟිල්ලක දාල තියන මේක, Brew 1867 by Dilmah වර්ගයේ තුන්වෙනි අවන්හල. ඇතුළු වුණ ගමන් හිතෙන්නෙ ටේක් අවේ විතරක් කරන තැනක් කියල. මොකද පහළ තට්ටුවෙ කවුන්ටර් එක ඇරුණම තියෙන්නෙ පොඩි මේස දෙකක් විතර. හැබැයි උඩ තට්ටුවකුත් තියනව කියල දැකල අපි උඩට ගිහින් බැලුවමයි දැක්කෙ, උඩ තට්ටුවෙ පෙරළි පෙරළි කෑම කන්න තරං ඉඩ!

වීදුරු බිත්තිවලින් එන එළියෙන් මෙතන හොඳට ආලෝකමත්. ඒ නිසා, මිතුරු සාමීචියකට ගැළපෙන විදිහට, හොඳට ඉඩ ඇතුව ඇරේන්ජ් කරල තියන පාට පාට පුටු මේස එහෙම දිලිසි දිලිසි තිබුණා. 

කෑම

මේකේ තියන කෑම කලින් හදල කාඩ්බෝඩ් පැක්ස්වල දාල රාක්කවල අතුරලයි තියෙන්නෙ. අපි කැමති දේ තෝරල කවුන්ටර් එකට දුන්නම එයාල ඒක නැවත හීට් කරල අපිට සර්ව් කරනවා. රයිස් ඇන්ඩ් කරි, සැන්ඩ්විච්, පැස්ටා, සොසේජස්, බිත්තර වගේ විවිධ දේවල් මේ කෑම පැකට්වල අඩංගුයි.

අපි ගත්තා ග්‍රිල්ඩ් චිකන් විත් වෙජිටබල්ස් පැක් එකක්. (රු. 600) ප්ලේන් එකේදි හම්බෙන කෑම පැක් එකක් වගේ පෙනුණ නිසා ගාණ ටිකක් වැඩි ද කියල හිතුණා. කොහොම වුණත් මෂ්රූම් සෝස්වල පොඟවල තිබුණ ලොකු ග්‍රිල්ඩ් චිකන් කෑල්ලයි, තම්බලා ලුණු, ගම්මිරිස්, බටර්වල දවටපු ෆ්‍රෙෂ් එළවළු ටිකයි ගැන කියන්න තරං වැරැද්දක් නං නෑ.

අපේ ඊළඟ පැක් එක වුණේ ග්‍රිල්ඩ් සේල්ෆිෂ් (රු. 590). හොඳහැටි සීසන් කරලා, ක්‍රීමි ගතියට තියන වයිට් සෝස් ගොඩක දවටපු තලපත් මාළු. මාළු කෑල්ල හුඟක් ලොකු නිසා බඩ පිරෙන්න ඒක විතරක් වුණත් ඇති.

ස්පයිසි ටූනා ඇන්ඩ් චෙඩර් පනිනි (රු. 380) කියන මේ සැන්ඩ්විච් එකට දාල තිබුණ ෆිලිං එක නං නියමයි. සැන්ඩ්විච් එකත් ගාණට සොෆ්ට් නිසා, ඒකයි ෆිලිං එකයි එක්ක චීස් කෑල්ල හැපෙද්දි රහ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ…

කෑමවලින් අපේ හිතට හරි ගියේ නැත්තෙ අපි ඕඩර් කරපු ඩෙසට් එක තමයි. මේ රාස්ප්බෙරි චීස්කේක් එකෙන් (රු. 320) අපි දන්න චීස්කේක් රහ වෙනුවට ආවෙ යෝගට්, ක්‍රීම් මිශ්‍ර වුණ අමුතු රසක්. කියන්න දුකයි, එක කටකට වඩා කන්න අමාරු වුණා.

බීම

අපි තේරුව බීම වර්ග තුනම සෑහෙන සතුටුදායක තත්ත්වෙක තිබුණා. වම් පැත්තෙ තියන ටැමරින්ඩ් ෆිස් (රු. 350) එක තමයි නැගලම ගියේ. මේක සියඹලා පාවිච්චි කරල හදපු, සීයට සීයක් රිෆ්‍රෙෂිං බීමක්. වැඩිය හුරුපුරුදු රහක් නෙමෙයි නිසා අලුත් අත්දැකීමක්.

මැද තියන උස වීදුරුවෙ ආවෙ අයිස්ඩ් චොක්ලට් ෆ්‍රැප් එක (රු. 350). අතරින් පතර යන්තමින් කෝපි රහ දැනෙන නියම චොක්ලට් බීමක්. අන්තිම එක කොලාඩා පන්ච් (රු. 390). ඒක ෆ්‍රෙෂ් අන්නාසි රසෙන් වගේම ක්‍රීමි ගතියෙන් අනූනයි.

සර්විස් එක

කලින් හදල තියපු කෑම වුණත් මේසෙට එන්න ටිකක් වෙලා ගියේ අපි යද්දි සෑහෙන ලොකු සෙනඟක් කවුන්ටර් එකේ හිටිය නිසා වෙන්න ඕන. ඒ ඇරුණම එයාලගෙ සර්විස් එක ප්‍රියමනාපයි.

අවසාන වශයෙන්

Brew 1867 by Dilmah එක, තනියම ගිහින් වැඩක් කරන ගමන් මොනාහරි කන්න වගේම, යාළුවො කට්ටියක් එක්ක ගිහින් කෑම කන ගමන් කයියක් ගහන්නත් නිදහස් තැනක්.


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment