Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

3/5

Brew 1867 By Dilmah (World Trade Center)

Level 3, West Block, WTC, Bank of Ceylon Mawatha, Colombo


Brew 1867 By Dilmah, is a popular grab-and-go restaurant in Colombo.



ගිය අවුරුද්දේ අපි කොළඹ 7 මල් පාරේ තියන Brew 1867 By Dilmah එක රිවීව් කළා ඕගොල්ලන්ට මතක ඇති. මෙදා පාර අපි ගියේ කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ තියන Brew 1867 By Dilmah එකට. මේ තැන් දෙකට අමතරව මෙයාලගෙ තවත් කැෆේ එකක් නවම් මාවතෙත් තියනවා. 

තැන

පිට්ටු බම්බු දෙක කියල කවුරුත් දන්න කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ තුන්වෙනි මහලේ, බැරිස්ටා එකට එහා පැත්තේ තමයි Brew 1867 By Dilmah කැෆේ එක තියෙන්නේ. මල් පාරේ කැෆේ එකට වඩා හුඟක් පටු ඉඩකඩක් වුණත්, ලස්සන පාට පාට පුටු මේස මෙතන පිළිවෙළින් ඇරේන්ජ් කරලා තියෙන්නේ තදබදයක් ඇති නොවෙන විදිහට. කොනේ ම තියන ලොකු වීදුරු බිත්තියෙන් ඇතුළට එන ආලෝකය නිසා හරි ම සුවපහසුවෙන් කන්න බොන්න, කයියක් ගහන්න, නැත්තන් ඔෆිස් වැඩක් කරන්න වුණත් පුළුවන් ප්‍රසන්න වාතාවරණයක් තියනවා.

අපි ගියේ උදේ වරුවක නිසා වැඩිය සෙනඟ හිටියේ නෑ. ලන්ච් වෙලාවට නං මෙතන සෙනඟ පිරෙන බවයි ආරංචි. කොහොමටත් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ ඔෆිස් එහෙමත් ගොඩක් තියනව නේ.

කෑම 

මෙයාලගෙ බ්‍රෙක්ෆස්ට් මෙනු එකෙන් අපි ඕඩර් කළා ක්ලබ් සැන්ඩ්විච් එකයි (රු. 550), චිකන් ශවර්මා එකයි (රු. 420). ක්ලබ් සැන්ඩ්විච් එක ටිකක් වියළි ගතියට බර වුණත් චීස්, හැම්, බිත්තර, චිකන් පිළිවෙළින් ලේයර්ස්වලට අඩුක් කරලා හොඳ පෙනුමට තිබුණා. යට ම ලේයර් එකේ තිබුණේ සලාද කොළයක්, තක්කාලි සහ ලූනු පෙති. රස ගැන ලොකු විශේෂයක් කියන්න බැරි වුණත් බඩ පුරවගන්න නම් මේක හොඳ ඔප්ෂන් එකක්. පාන් පෙති තව ටිකක් ෆ්‍රෙෂ් පිට, මොයිස්ට් ගතියට තිබුණ නම් අපි කැමතියි.

චිකන් ශවර්මා එක ගැන කියනවා නං, රැප් එක හරි ම සොෆ්ට්. හපන්න පොඩ්ඩක්වත් අමාරු නෑ. චිකන් එක්ක ලූනු, අමුමිරිස්, කැරට් මිශ්‍ර කරලයි මික්ස්චර් එක හදල තිබුණේ. මේකත් අර සැන්ඩ්විච් එක වගේ ම ඩ්‍රයි. තව චීස් හරි මෙයොනීස් හරි දාල රස කරන්න තිබුණා. නැත්තං ගම්මිරිස් පොඩ්ඩක් ඉහලා ස්පයිසි කළා නම් ඒත් රස වෙන්න තිබුණා.

බීම

මෙතන Dilmah එකට අයිති තැනක් නිසා තේවලට තමයි ඩ්‍රින්ක්ස් මෙනු එකේ වැඩි ඉඩක් තියෙන්නෙ. අපි ගත්තේ ඉටැලියන් ආමන්ඩ් අයිස්ඩ් ටී එකයි (රු. 300), පර්පල් ටී ස්මූති එකයි (රු. 260). ඉටැලියන් ආමන්ඩ් අයිස්ඩ් ටී එකෙන් තේ රස අතරින් පතරට හොඳ ආමන්ඩ් රසක් ආවා. උඩට වැනිලා අයිස්ක්‍රීම් සහ චොක්ලට් සෝස් දාල පෙනුමත් සරු කරලා තිබුණා. හොඳ ෆ්‍රෙෂ් ඩ්‍රින්ක් එකක්.

පර්පල් ටී ස්මූති එක ආවෙ හුරුබුහුටි බෝතලේක. හොඳට කූල් කරලා. අයිස්ක්‍රීම්, යෝගට්, කිරි, දෙළුම්, බ්ලූබෙරි සහ තේ එකතු කරලා හදපු ස්මූති එකක් මේක. මේකෙන් හොඳහැටි බ්ලූබෙරි රස ආවා. චොප් වුණ බෙරි කෑලිත් හැපෙනවා. තේ රස යට කරගෙන කිරි රස එන්නේ අයිස්ක්‍රීම් සහ යෝගට් කම්බිනේෂන් එක නිසා වෙන්න ඕන. කොහොම වුණත් මේක මරු බීමක්. ඉතින් අවංකව කිව්වොත් කෑමට වඩා මෙතන බීමට තමයි අපේ හිත ගියේ.

සර්විස් එක

කතා දෙකක් නෑ සර්විස් එක නං සුපිරි. ස්ටාෆ් එක හරි ම මිත්‍රශීලියි. කෑමබීම තෝරගන්න අපිට එයාලගෙන් උදව්වකුත් ලැබුණා. ඒ වගේ ම විනාඩි 5-10 ඇතුළත ඔක්කොම ජාති මේසෙට සර්ව් කළා.

අවසන් වශයෙන් 

වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ වැඩ කරනවා නම් හරි, කොටුව පැත්තේ යන එන වෙලාවක හරි, උදේ කෑම, දවල් කෑම, නැත්තන් අතරමැද ස්නැක් එකක්, එහෙමත් නැත්තන් හවස පොඩි බඩගින්නක් එහෙම ආවොත්, මෙතෙන්ට ගොඩ වෙලා බැලුවට පාඩු නෑ. හදිස්සියට මොනාහරි ටේක් අවේ දාගෙන යන්න වගේ ම නිදහසේ වාඩි වෙලා රාජකාරි වැඩක් කරගන්නත් පුළුවනි.


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment