9/47 6th Lane, Pagoda Rd, Nugegoda
Closed right now
A pub & restaurant by Garton Holidays.
මාස ගාණකට පස්සෙ..
ගියා මදැයි අඩියක් ගහන්න! හම්බෝ.. කරෙන් ආවෙ ගෙදර කරෙන්..
වෙලාවට අපේ අපේවුන් සෙට් එකම හිටියෙ. නැත්නම් තාම එතන, හ්ම්…
ඔව් යාළු. ඔන්න පහුගිය බදාදා හොඳද.
කලින් දවසෙ කට්ටිය කතාවෙච්ච විදියටම අපි ගියා හැන්දෑවෙ 6 අල්ලල, නාවල වැලිපාර්ක් එපිට තියෙන බ්‍රෝ පබ් එකට. ඇත්තටම හරිම ලස්සන තැනක්. අපාර්ට්මන්ට් එකක උඩ තට්ටුවෙ තියෙන්නෙ. කියන්න ඔ්න නෑනෙ ඉතින් එහෙම කිව්වාම. ආයෙ විව් එක තියෙනවා.. පංකාදු පහයි! පල්ලෙහා ගඟ, ඈතින් බැහැගෙන යන ඉර.. හිතන්නකො ඒ විව් එකත් එක්ක සුවපහසු ලී මේස බංකු ටිකකුත් දාලා ගලපපු ඉන්ටීරියර් එක!
අන්න ඒකෙන් ආපු ගැම්මම තමයි අන්තිමට පිටින් දෙපිටින් ගියෙත්. ඊටත් අපි ගිහින් වාඩිවුන අනික් පැත්තට මේසෙ ලඟටම ඇවිල්ල සුහදව කතාබහ කරල හරි හරියට සේවාව ලබාදුන්න සේවක මල්ලි..
මුලින්ම මෙනු ටික දීලා, ඊට පස්සෙ..
“සර් අද අපේ ස්පෙෂල් ඔෆර් එකක් තියෙනව. බියර් වලට ෆ්රයිස් ප්ලේට් එකක් ෆ්‍රී. ඇරැක් වලට චිකන් වින්ග්ස් ප්ලේට් එකක් ෆ්‍රී”
එපමණයි, සදා විශ්වාසයි.. ඒක ඇහුනා විතරයි කට්ටිය හැරෙන තැපෑලෙන්.. අරක්කු බෝතලයයි, බියර් බෝතල් තොගයයි.
“ම්.. අපිට ගේන්න තව නාසි එකකුයි (රු. 1200), කට්ල්ෆිෂ් ඩෙවිල් එකකයි (රු. 1200), ජැමෙයිකන් ජර්ක් චිකන් එකකුයි (රු. 1200)” විශ්වි වැඩේ ඉවරයක්ම කලා.
කරල ඉතින්.. හෙමින් සැරේ ඔන්න චියර්ස්..
මුලින්ම බයිට් එක වුනේ ෆ්‍රී හම්බවුන චිකන් වින්ග්ස්..
කිව්වට විශ්වාස කරන්න.. කාලෙකට පස්සෙ කාපු නිසාද මන්දා පුදුම රසක්. යාළු සෝස් එහෙම ගාණටම දාලා, පදමට ෆ්‍රයි කරපු ලොකු කෑලි. ඒ හැටි සැර ගතියක් නම් තිබ්බෙ නෑ. ඒ වෙනුවට ලා පැණි රසක් තමයි. ම්.. මං හිතන්නෙ අරක්කු වලට නම් ලෙසටම ගැලපෙනව.
ඊට පස්සේ.. මේසෙට ආවා උණු උණු නාසි එක. ආයෙ ඉතින් ගත් අතටම.. ඒක දෙන්නෙක්ට නම් ඩයට් එකටත් එක්කම ඇති ගාණයි. ඒ මදිවට හොඳ හැටි පෑන් ෆ්‍රයිඩ් චිකන් මදිපාඩු ටිකත් දාලා, හීනියට ලියපු කැරට්, ලීක්ස්.. උඩින්ම බුල්සායි එකක් එහෙමත්..
බතත් හරිම රසයි. හැබැයි නාසි රස නම් නොසෑහෙන්නම මදි. මං හිතන්නෙ සෝස් වලින් එන්න ඔ්න පදම හරියට ගැලපිලා නෑ. ඇත්තටම ඒ අවුල නැත්නම් පංකාදු නාසි එක.
අන්න ඒකට..
ජැමෙයිකන් ජර්ක්..!
ෂැහ්.. හැබැයි පොඩි අවුලක් තිබ්බ ඒකෙ. ගෙනාවට පස්සෙ කියන්නකො අපිත් දන්නෙ, ඒක සබ්මැරීන් එකක්. ම්.. මං කියන්නෙ අඩුම තරමෙ මෙනුවෙ හරි මෙන්ෂන් කරන්න තිබ්බ නේ. නැත්නම්, කවුරුත් සාමාන්‍යයෙන් අරක්කුත් එක්ක බනිස් කන්නෙ නෑනෙ.
කොහොමවුනත් ඒකෙ චිකන් එක නම්.. මල් හතයි! නොම්මර එකට ලුණු ගම්මිරිස් අඩු පාඩු ටික ගලපල, තුනපහ රසට තකට තක සෙට් වෙන්න සෝස් එක්ක පදම් කරල, ග්‍රිල් කරල.. ඒ විතරක් නෙවෙයි බනිස් එක මැදට එද්දි ඒකට ලූණු, සලාද කොළ, ක්‍රීම් චීස් හරි මයොනිස් හරි එහෙමත් නූලටම තියල…
ඔය අතරට පොඩ්ඩක් අමුතු වුනේ කට්ල්ෆිෂ් ඩෙවිල් එක මේසෙ ආවට පස්සෙ තමයි.
හරියටම කිව්වොත් ඒක කට්ල්ෆිෂ් ඩෙවිල් එකක් නෙවෙයි. ස්පයිසි හොට්බටර් කට්ල්ෆිෂ් එකක් වගේ. මොකද ඒ කට්ල්ෆිෂ් ඔක්කොම බැටර්ඩ් කරල තිබ්බෙ. ඊට පස්සෙ ලූණු, සෝස්, මිරිස් අඩුම කුඩුම ටිකක් ලාවට දාලා ඩෙවිල් වගේ කරල.
හැබැයි ඉතින්.. රස අතින් නම් කිසිම වැරැද්දක් නෑ. බයිට් එකකට ටොප් එකටම තිබ්බ.
ආහ්.. කියන්න බැරිවුනානෙ. ඔය ඔක්කොටම කලින්.. විශ්වි ගත්තනෙ කාලෙකට පස්සෙ රස බලන්න කියල ‘සයිඩ් කාර්’ කොක්ටේල් එකක් (රු. 850). අනේ.. ඒක නම් මං හිතන්නෙ කාටවත් ඒ හැටි සෙට්වුනේ නෑ. මොකද ඒකට දාලා තිබ්බ ජූස් එක තනිකරම ආටිෆිෂල්. ලයිම් රසයි, බ්‍රැන්ඩි රසයි තරමක් උඩ ආපු හින්ද බිව්ව මිසක්..?
කොහොම කොහොමින් හරි ඔය සියල්ල අතරෙ මායි චන්දනයි..
අරක්කු බෝතලයක් අහවර කරල හරිම අමාරු වෙලා හිටියෙ. හැරත්..
කතාව හරි කියන්න තිබ්බ යාළු,
මෙලෝ දෙයක් මතක නැති එකනෙ අවුල, හ්ම්..!
Closed right now
Cuisine
Asian Western Chinese Pub Food Sri Lankan Chinese
Price Range
Dish Types
Noodles Eggs Meats Seafood Beverages Kottu Fried Rice Beef Pork Chicken Fish Cuttlefish Sandwiches Submarines Alcoholic Beer Cocktails Bites
Ratings Breakdown
Delete Comment