Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2

3/5

Broadway Bakers

3 Station Road, Dehiwala


One of a best place for cakes & bakes in Dehiwala. Cheap & delicious.



කලින් දවසෙ බනානා ලීෆ් එකෙන් කාලා පහුවෙනිදා කතා කරනව එයා දන්න කේක් කඩයක් තියෙවලු, එතනින් ඩෙසට් කන්න යන්න. මාර කෙල්ලො තමයි ඒ!

අවුලක් නෑ ඉතින් කේක්නෙ කියල ඔන්න මාත් දුන්නා ඕකේ එක.

දීලා තමයි බැලුවෙ වෙලාව.

මළා! එයා පානදුරටත් ඇවිත්. මම තාම ගෙදර කියන්නකො. දඩිබිඩියට ෂෝටයි බාටයි දාගත්තු මම නැග්ගා පික්මියකට. නිවාඩු දවසෙ ට්‍රැෆික්ද දන්නෙත් නෑ අප්පා.

“අයියෙ, පමුණුව පාරෙන් දාලා යමු” අරහෙන් මෙහෙන් කොහොම හරි අදාළ ප්ලේස් එකට යන එකයි මගේ ටාගට් එක වුණේ…

“ඒ… මං දෙහිවලින් බහින්න යන්නෙ. ඔයා කොහෙද?”

“ආ! මම මේ.., මට විනාඩි 2ක් දෙන්නකො. විනාඩි 5න් එන්නම්”

“මොකක්ද මනුස්සයො ඒ කුණුහරුපෙ. ඉක්මනට එනවා, බොරු කියකිය ඉන්නෙ නැතුව” කෙල්ලගෙන් දැන් හෙන බොරේ.

වෙලාවට බොරලැස්ගමුව පැන්න තැන ඉඳන් ඒ හැටි ට්‍රැෆික් තිබ්බෙ නැත්තෙ. කිව්වට විශ්වාස කරන්න යාළු විනාඩි 8, 10ට මම දෙහිවල පාලම ළඟ.

“හෙලෝ, මම ඇවිල්ල ඉන්නෙ.”

“ආ, ආවද. එහෙනම් ස්ටේෂන් පාරෙ පාලම යට තියෙන බ්‍රෝඩ් වේ එකට එන්න. මම එතන”

“හා…!”

යාන්තම් ඔන්න මම අදාළ තැනටත් ගියා.

යද්දි මෙන්න ඉන්නව, හයියෝ! පොඩි එකෙක් වගේ. කට වටේ ම චොකලට් ගාගෙන…

“මොකක්ද ඒ මේ කරන්නෙ. කේක් කෑලි තොගයක් වටකරගෙන?”

“ඔයා එනකම් කියල ගත්තෙ අයියෙ. ඒත් කාගන්න බැරි වුනානෙ!”

“කළොත් මොකක් හරි ගොන් වැඩක් අප්පා. කෝ ගන්නව, කාලා දාන්න”

විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ කියන්න යාළු, මම එනකම් කියල ගත්තු කේක් ටික හිතන්නකො?

චොකලට් ගැටෝ කෑල්ලයි (රු. 150), ඩාර්ක් චොකලට් ගැටෝ කෑල්ලයි (රු. 150), පයිනැපල් ගැටෝ කෑල්ලයි (රු. 150), මාෂ්මෙලෝස් බ්ලූබෙරි කේක් කෑල්ලයි (රු. 150), ඉක්ලෙයාර්ස් 2යි (1ක් රු. 100), චොකලට් මූස් එකයි (රු. 150).

තනියම කියා හත් අට දෙනෙක්ටවත් කන්න පුළුවන්ද කියන්නකො. අනික ඒවයෙ සයිස් එකත්, අල්ලකට එහා.

කරන්න ම දෙයක් නැති ම තැන මම මුලින් ම ගත්ත අතට චොකලට් ගැටෝ කෑල්ල.

සැහ්! එච්චර තොගයක් කන්න බැරිමත් නෑ වගේ…

අවංකයෙන්ම ගැටෝ කෑල්ල ඒ තරටම රසයි යාළු. පාවිච්චි කරල තියෙන චොකලට් එකත් සෑහෙන්න හොඳ එකක්. සීනි පදමත් ගාණට. ඊටත් ඒකෙ කේක් තට්ටු දෙකත් හොඳටම සොෆ්ටේනෙ. ඒ නිසා ම කටවල් 2ට ගැටෝ කෑල්ල ඉවර වුනා.

ඊට පස්සෙ අතට ගත්තෙ ඩාර්ක් චොක්ලට් කෑල්ල.

අනේ! ඒක නම් හරි නෑ අප්පා. කේක් තට්ටුත් හරි හයියයි. ඊටත් ඒකෙ ඩාර්ක් තියා මිල්ක් චොක්ලට් ගතියක්වත් හරියට නෑනෙ.

ගත් කටට ම ඒක පැත්තකින් තියපු මම ඊළඟට අත ගැහුවෙ පයිනැපල් ගටෝ එකට.

ෂා…! අන්න ගැටෝ. ඒකෙත් කේක් තට්ටු 2 පට්ට සොෆ්ට්. පයිනැපල් එසන්ස් ටිකත් ගාණට වැටිලා. සුවඳ වගේ ම රසත් නියමෙට තියෙනව. අනික ගැටෝ එකේ අයිසින් උඩින් පයිනැපල් කෑලි 2, 3කුත් තියෙනව. ඒ නිසාමද මන්දා, අරයා ඒකෙනුත් බාගෙකට වගේ වැඩේ දීලා තිබ්බෙ.

කෙහොමහරි මාෂ්මෙලෝස් බ්ලූබෙරි කෑල්ල නම් මම අහලකටවත් ගත්තෙ නෑ. මොකද මට ඔය බෙරි ජාති පේන්න බෑනෙ. හැබැයි අරයා නම් කිව්වෙ ඒකත් පංකාදු පහට තිබ්බ කියල. සමහර විට වෙන්නත් ඇති. මොකද ඒකෙ පෙනුමත් ලෙසටම තිබ්බනෙ.

අනේ අවාසනාවන් කියන්න මෙයාලගෙ ඉක්ලෙයාර්ස් එක නම් සවුත්තුයි. උඩින් තියෙන චොක්ලට් ලේයර් එක රස වුණාට මැද්දට දාලා තියෙන ක්‍රීම් ෆිල් එක ගන්න දෙයක් නෑ. ඒකෙ තිබ්බෙ නිකම් බටර්වලට සීනි දාලා, බීට් කරපු ක්‍රීම් එකක් විතරයි.

හ්ම්ම්… චොක්ලට් මූස් එකත් අවුලක්ම නෑ. හැබැයි ඒකට පාවිච්චි කරපු චොක්ලට් එක තව හොඳ වුණානම් තමයි හොඳ!

ඒ හැරුණාම ඉතින්…

ඒ හැරුණාම ඉතින් වෙන මොනවද. ඉස්මුරුත්තාවට එනකම් කේක් කාලා. සත්තයි සීනි තියෙන කෙනෙක් වුණානම් නම් එළහකටත් මැරිලා. කමක් නෑ, කෝකටත් මේ ප්ලේස් එක මතක තියාගන්නකො. ආසාවට, අතේ තියෙන ගාණට, කේක්ම කන්න. නැත්නම් ඕඩර් දාලා හොඳ කේක් එකක් ගන්න වුනත් කියාපු ප්ලේස් එක, ඕං!


TIP

Try chocolate gatto

Artwork for Frimi Shoutout banner 2- non merchants only
Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment