Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Brownies.lk

399, 16A Thalawathugoda Road, Sri Jayawardenepura Kotte


A home baker who does some chocolaty brownies at an affordable cost.



කෝට්ටේ පැත්තේ ඉන්න අයට සුපිරි කොලිටියට හදන බ්‍රව්නීස් අඩු මුදලට ගන්න පුළුවන් තැනක් ගැනයි මේ කියන්න යන්නේ. මේකේ නම Brownies.lk.

බ්‍රව්නීස් 

තනි තනි ව වගේ ම, හරි ලස්සනට අහුරලා දෙන බ්‍රව්නී බොක්ස් ඔප්ෂන් ගණනාවක් ම මේ කට්ටිය ළඟ තියෙනවා. ඒ හැම එක ම රු. 1000ට අඩුවෙන් තමයි ප්‍රයිස් කරලා තියෙන්නේ. ඔය අතරින් අපි ගත්තේ රු. 760ට තියෙන Assorted Brownie Box එක. මේකට KitKat, Nutty, Chocolate Chip, Oreo, Sprinkle සහ 1 M & M කියන බ්‍රව්නී වර්ගවලින් එක ගානේ සේරම බ්‍රව්නීස් හයක් එනවා.

ඉතින් මේ හැම බ්‍රව්නී එකේ ම තියෙන්නේ එකම බේස් එක. ටොපින් එක තමයි වෙනස් වෙන්නේ. බේස් එක නම් සුපිරියට ම හදලා තිබුණා. චොකලට් රසින් අනූනයි. කොටින් ම කිව්වොත් චොකලට් කෑලි පිටින් හැපෙනවා සමහර වෙලාවට. අනික පොඩ්ඩක්වත් ඩ්‍රයි ගතියක් නැහැ. බොහොම සුමුදුයි, ඒ වගේ ම ෆජී කොලිටියට තිබුණා. පැණිරසත් හරි ම ගාන. වැඩිත් නෑ, අඩුත් නෑ. 

අවසාන වශයෙන් 

අඩු මුදලට දෙන රසට හදපු බ්‍රව්නීස්; තවත් මොනවා හොයන්නද ඉතින්! අනික ප්‍රී-ඕඩර්ස් දාන්න ඕනෙත් නැහැනේ. වැඩි විස්තර අහගන්න 071 081 7846ට WhatsApp කරන්න.

Address

399, 16A Thalawathugoda Road, Sri Jayawardenepura Kotte

Contacts

Facebook

Report Inaccuracy

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Brownies

Cuisine

Home Baker

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment