Artwork for Coke with food - top banner 1
Artwork for Trippy Foods Top Banner 2
Artwork for Isso temp sidebar Artwork for Yamu Promo Slider

4/5

Bubbluscious

Arcade Independence Square, Colombo 07


The bubbly dessert place at Ja-Ela has opened their newest outlet to Colombo 07.



ලංකාවේ තේ කිව්වම ජාති ගොඩක් තියෙනවනේ. කිරි තේ, කහට තේ, මසාලා තේ; ඔය ඒවයින් කීපයක්. හැබැයි ඔය සෙට් එකට ම එකතුවෙන, තවත් තේ ජාතියක් දැන් කාලෙක ඉඳන් කොළඹ හිට් වෙලා තියෙනවා. ඒ තමයි බුබුළු තේ. දන්න සිංහලෙන් කියනවනම් බබල් ටී. කොටින් ම කිව්වොත්, බබල් ටී තියෙන රෙස්ටෝරන්ට් කොළඹ හැදෙන්න ගත්තේ හතු පිපෙනවට වඩා වේගෙන්. ඕකට සෙට් වෙච්ච අලුත් ම ප්ලේස් එක තමයි Bubblusious.

Bubblusious එක මුලින් ම බබල් ටී පිළිගැන්නුවේ ජාඇල උදවියට. හැබැයි වැඩේ නියමෙට ම අල්ලලා ගිය නිසාදෝ කොහේදෝ ඔන්න එයාලා අපේ ළඟ පාතටත් ඇවිල්ලා. වෙන කොහෙවත් නෙවෙයි, ආකේඩ් එකට. මට මේ තැන මුණගැහුණේ පහුගිය ඉරිදා ආතක්පාතක් නැතුව යාලුවොත් එක්ක ආකේඩ් එකේ රස්තියාදු ගහගහ ඉඳපු වෙලාවේ.

අහ්! අමතක වෙන්න කලින් මේ කතාවත් කියලා ඉන්නම්කො. Bubblusious ඔය අනිත් බබල් ටී කඩවල් වගේ නෙවෙයි. තේ විතරක් දීලා පැත්තකට වෙලා ඉන්නේ නැතුව, එයාලා බබල් ඩෙසර්ට්නුත් දෙනවා. කොහොමද වැඩේ?

තැන

මේක තියෙන්නේ ආකේඩ් එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ. ඔය Lemongrass, ඊළඟට Sensaal වගේ කඩවල් පේළියක් එක දිගට තියෙන ඒරියා එක මතකයි නේද? අන්න එතැන. අමුතුවෙන් කියන්න ඕනේ නැහැනෙ, මෙතැන එකඑක රෙස්ටෝරන්ට්වලට වෙන් කරලා වාඩිවෙන්න ඉඩ හදලා නැහැ. එක්කෝ කඩවල් ටික ඉස්සරහ තියෙන බංකු ටිකේ වාඩිවෙන්න පුළුවන්. ඒ නැත්තන් එළියේ තියෙන මේස පුටුවල ඉඳගන්න ඇහැකි.

බබල් ටී සහ බබල් ඩෙසර්ට්

Bubblusious එකේ ප්‍රධාන වශයෙන් බබල් ටී ජාති පහයි. ඔරිජිනල්ස්, බබල් කොෆී, බබල් ටී ප්‍රිමියම්, ෆෘට් ෆියෙස්ටා, සහ ස්මූතීස්. ඔය කාණ්ඩවල තියෙන බබල් ටී අතරින් අපි අත්හදා බැලුව ඒවයේ රස ගැන දැන් කියන්නම්කො.

“හේසල්නට් බබල් කොෆී” (රු.330) එක අයිති වෙන්නේ බබල් කොෆී කාණ්ඩෙට. සාමාන්‍ය තරමට සීනි එක්ක කොෆී ජෙලි දාලා තමයි අපි මේක ගත්තේ. කෝපි රස ගාණට තිබුණත්, පොඩ්ඩක් කිරි ගතිය නම් මදි. හේසල්නට් රසත් ලොකුවට දැනෙන්නේ නැහැ. හැබැයි මේක ශේප්. ටිකක් උකු වුණානම් මීට වඩා රස වෙන්න තිබුණා.

“නියුටෙලා ටී” (රු.360) එක Bubblusious එකේ ප්‍රිමියම් වර්ගේ බබල් ටී එකක්. ෂහ්! මේක සුපිරි. නියුටෙලා රස හොඳට ම දැනුනා. අනික උඩින් විප්ඩ් ක්‍රීම් එහෙමත් දාලා එන නිසා තවත් රසයි. මේකත් රේගියුලර් තරමට සීනි දාලා ගන්න. අපි මේක ටැපියෝකා පර්ල්ස් එක්ක දාලා තමයි ඉල්ලුවේ. ඒත් කොෆී ජෙලි එක්කත් මේක හුඟක් රසට ඇති කියලා අපට හිතුණා.

ඊළඟට අපි රස බැලුවේ “ග්‍රීන් ඇපල්, ලයිචී ඇන්ඩ් පීච් ෆෘට් ෆියෙස්ටා” (රු.300) බබල් ටී එක. ෆෘට් ෆියෙස්ටා කාණ්ඩෙන් තමයි අපි ඒක තෝරගත්තේ. හප්පටසිරි! මේකනේ භාණ්ඩේ! දැක්ක ගමන් බොන්න හිතෙනවා. වෙන මුකුත් නෙවෙයි මේකේ තියෙන පාටවල් දැක්ක ම. උඩ හරිය කොළ පාටට, යට හරිය ලා තැඹිලි පාට. උඩින් බිව්වම ඇපල් රසයි. අඩියෙන් බොනකොට ලයිචී රසයි. එතකොට කෝ පීච්? අහ්! මේ තියෙන්නේ! පීච් රස එන්නේ මේකට දාන පීච් බබල්ස්වලින්. සේරම එකට මික්ස් කරලා බොද්දී කියන්න වචන නෑ මහත්තයෝ! පලතුරු රසට බබල් ටී බොන උදවියට මේක තමයි පංකාදු බීම එක.

අපි තව ගත්තා “පොමර්ග්‍රැනේට් ෆෘට් ෆියෙස්ටා" (රු.280) එකකුත්. ස්වාභාවික දෙළුම් රස හොඳට ම මේකෙන් ආවා. ස්ට්‍රෝබෙරි බබල් දාලා ගත්ත එකත් හොඳට ගියා. මේක මෙයාලගේ ස්මූතීස් කාණ්ඩෙ තියෙන එකක්.

කොහෙද ඉතින්, පුල පුලා බලාගෙන හිටියට බබල් ඩෙසර්ට්වල රස බලන්න අපට බැරි වුණා කියන්නකෝ. දුකේ බැහැ. අපි ආවා උදේ වැඩියි කිව්වේ. ටිකක් දවල්වෙලා ආවනම් ඒවත් ගන්න තිබුණා කියලයි අපට දැනගන්න ලැබුණේ.

සර්විස් එක

මෙතැන තියෙන්නේ සෙල්ෆ් සර්විස් වුණත්, Bubblusious එකේ වැඩට ඉන්න අය කස්ටමර්ලට හරි සපෝර්ට්. තේ ටික හදලා දුන්නේ පටපට ගාලා. තේවලට හරියන බබල් ජාති, සීනිවල ප්‍රමාණය වුණත් තෝරගන්න ලැබෙන්නේ අපටමයි. ඒ ගැන මේ ලෝකේ හසරක් නොදන්නවා වුණත් අවුලක් නැහැ. මේ කට්ටිය ඒවා ලස්සනට ගලපලා දෙනවා.

අවසාන වශයෙන්

Bubblusious එකේ තේවල රස හොඳයි වගේ ම, ගණනුත් ගොඩක් ශේප්. ඒ නිසා කාට කොහොම වුණත් අපේ බබල් ටී කෑදරයින්ට මේක සෑහෙන්න සුබ ආරංචියක් වෙන්න ඇති කියලා අපි හිතනවා. නිකමට හරි මේ පැත්තට ගියොත්, බබල් ඩෙසර්ට් එකකත් රස බලලා අපට කියන්න අමතක කරන්නෙපා හොඳද. මොකද අපේ අයිෂා කියපු විදියට, මෙයාලගේ ඩෙසර්ට්නුත් නියමයිලු.

Address

Arcade Independence Square, Colombo 07

Contacts

Instagram Facebook

Report Inaccuracy

Have you visited this place?

Write your own review!
Leave a comment