Pallebadda
Closed right now
Superb breakfast buffet for travelers
හෑස්… ගාලා ඈනුමක් ගියේ, දැන් නම් කන වෙලාව හරියි කියන්න වගේ. ඇයි අප්පේ පාන්දර 4 ඉඳන්නෙ එන්නෙ.
“අයියෙ!”
“ආ.. උඹ නැගිට්ටද? මෙච්චර ගමනක් තියෙද්දි බෝ බිව්වනෙ ඊයෙ කණමදය වගේ.
අනේ මංද ඉතින්.
කියාන්කො දැන් මොකද?”
මේ.. කොහේ හරි තැනක් අල්ලල නවත්තමුකො. බඩගින්නයි, තිබහයි තව එක එක ඒවා ගොඩයි අප්ප”
“එහෙමද? එළ එළ. මාත් මේ හිටියෙ උඹ නැගිටිනකම් තමයි.
මොකද කියන්නෙ. අර කලින් පාර කාපු බුෆේ පොට් එකට ම අල්ලමුද?
“සිරා..
අන්න තැන. අල්ලමු අල්ලමු එතනට”
කියල කට ගන්න හම්බවුනේ නෑ වංගු නැවෙන්න ගත්තෙ 60, 70ට. හරියටම ‘පල්ලෙබැද්ද’ බෝඩ් එක පැන්න විතරයි.. වම් පැත්තෙ කණ්ඩිය උඩට වෙන්න! මසා වාහනේ නැවැත්තුවෙ කෙළින්ම පාකින් එකට දාලා.
‘හප්පේ, දෙයියො දැක්ක වගේ.’ මම අඩියට දෙකට වොෂ් රෑම් එකේ. හෙමින් සැරේ වැඩේ කරගෙන ම තමයි ඔන්න බුෆේ එක පැත්තට ආවෙ. ඒ එද්දි, ලොක්ක ඉඳි ආප්ප, චිකන්, පරිප්පු දාගෙන දෙසනව මරේ කියල. ආයෙ ඉතින් මොකට බලන්ද කියල මාත් ගත්ත පිඟානක් අතට. අරගෙන…
මුලින්ම ඉඳි ආප්ප, පාන්, ඊට පස්සෙ පරිප්පු, කිරි හොදි, මිරිස් මාළු, බැදපු මාළු, කරවල තෙල් දාපුව, පොල් සම්බෝල.. ඇතියි කියල හිතල නැවැත්තුව නෙවෙයි. ඇත්තටම පිඟානෙ ඉඩ තිබ්බෙ නෑ. නැත්නම් චිකනුත් දා ගන්නව, ඕං!
කොහොමහරි බරට බරේ පිඟානත් උස්සගෙන මම ගියේ මසා හිටපු මේසෙටමයි.
“යකෝ රු. 300යි කියල තිබ්බ පලියට බෝ ඔක්කොම දාගත්තද. බලපංකො, ඔහොම කෑවම කොහොමද රෙද්දක් ඇඳං ආයෙ මෙතනට එන්නෙ කියල.”
“හරි හරි ඉතින්. බඩගින්නටනෙ. අනික එහෙම එපා නං කඩෙන් ගහන්න එපැයි බෝඩ් එකක්, අච්චරයි මෙච්චරයි බෙදාගන්න පුලුවන් කියල.
අනේ මෙහ්!” මම පටන් ගත්ත මගේ ගේම.
ඉස්ඉස්සෙල්ලාම ඉතින් දන්නැද්ද මාළු හොදියි, පරිප්පුයි එක්ක ඉඳි ආප්පයක්.
සප්පේ… කටට සැරට, තුනපහ රසත් එක්ක දිව පිනා ගියේ. අවංකයෙන්ම සුප්ප මිරිස් මාළු එක ඈ. විශේෂත්වය කියන්නෙ කෙළින්ම ගමේ තුනපහවලින්නෙ හැදිල තියෙන්නෙ. අනික තෙල් දාලත් නෑ. හොද්ද ඝන වෙන්න කියල කෝන් ෆ්ලා දාලත් නෑ. සැර එහෙමත් තියෙනව දිව පැලෙන්නෙ.
වැඩේ කියන්නෙ ඒකටම කියාපු පරිප්පු හොද්දත්. හොඳ හැටි කිරි දාලා රම්පෙ, කරපිංච එක්ක අමු මිරිසුත් පදමට දාලා ටොපේ ටොප්. මගෙ හිතේ කිරි හොද්දත්, ඒකත් එක්ක කලවම් වෙච්ච නිසාද කොහෙද කිරි රස ටිකක් වැඩිපුර දැනෙන ගතියකුත් තිබ්බ. හැබැයි ඒ ගැලපිල්ල ඉඳි ආප්පවලට නම් පංකාදුයි හොඳේ!
ආයෙ ඉතින්, පාන් එක්ක නැගල ගියේ පොල් සම්බෝලෙ. ඒක නම්… එච්චරටම කොලිටි නෑ. මොකද දෙහි දාලා තියෙනව ටිකක් මදි. ඒ වගේම තමයි උම්බලකඩ එහෙමත් පොඩ්ඩයි දාලා තියෙන්නෙ. සැර නම් ඔන්න ගාණට වගේ තිබ්බ. ඒත්…
ඒත් මොකද කියල හිතෙන්නෙ කරවල තෙල් දැමුමත් එක්ක පාන් කෑල්ලක් කෑවාම. ඒකට කොච්චිත් දාලා නිකම් කඳුළු පනින්න තියෙනව. අනික ලූණු එහෙමත් ළාවට කරවෙන්න ඇරලනෙ පදම හදල තියෙන්නෙ. ඉතින් පාන්වලට විතරක් නෙවෙයි, ඉඳි ආප්ප එක්කත් යමරෙට ආයෙ…
ම්ම්… ඇත්තටම බැදපු මාළු කූරිය ගැන නම් මගේ ලොකු අයිඩියා එකක් නෑ. මොකද ඌ සෑහෙන්න පොඩියිනෙ. අනික බදින්න කලින්, ගම්මිරිස්, කහ පදමෙ සීසන් කරලත් නැති ගතියක් තිබ්බෙ.
ඔක්කොමත් හරි කාලා ඉවර වෙලා ගහපු ස්ට්‍රෝන්ග් ටී එකනෙ. ෂැහ්! අර කටේ තිබ්බ සැර ගතියත් එක්ක…
අවංකයෙන්ම, බොනව නම් අන්න ටී ඈ…!
Closed right now
Cuisine
Price Range
Dish Types
Noodles Eggs Seafood Vegetarian Rice And Curry Fried Rice Chicken Fish Cuttlefish Bready Roti
Ratings Breakdown
A popular rice and curry buffet spot in Ratnapura, that does…
Great place to have a delicious Sri Lankan buffet…
Delete Comment