Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

3/5

Hotel De Buhari

15, Panchikawatte Road, Colombo 10


Local biryani doesn’t seem to get the attention it deserves. If you think about it though those plates of saffron tinged rice are a central part of life for millions of Sri Lankans.



මරදානේ බුහාරි හෝටලය, මට සෑහෙන්න නොස්ටැලොජික් මතකයන් තියෙන තැනක්. මොකද ඉස්කෝලෙ ඇරිලා එන ගමන්, යාළුවොත් එක්ක බුහාරියෙන් බුරියානි කන එක අපේ අයියගේ පුරුද්දක්. ඉන් පස්සේ ගෙදර ඇවිදින් ඒ ගැන රස කරකර කියන හැටිත්, ගෙදර උයපු කෑම නාස්තිවෙන එක ගැන අම්මගෙන් බැණුම් අහන හැටිත් මට හොඳට මතකයි. ඒ විතරක් නෙවෙයි, ගෙදරින් පිට තැනක, මුලට ම මම බුරියානි එකක් කෑවෙත් මේ බුහාරි හෝටලයෙන්.

ඇත්තම කිව්වොත්, දැනට අවුරුදු දහදොළහකට කලින් කොළඹ හරියේ හොඳ බුරියානි තියෙන්නේ කොහේද කියලා ඇහුවොත්, කෙනෙක් සැකයක් නැතුව ම කියයි ඒ “මරදානේ බුහාරි හෝටලය” කියලා. පහුගිය දවසක යාළුවෙකුත් එක්ක වාහනේ වැඩ වගයකට පංචිකාවත්තට ගිය මම, බුහාරි හෝටලයට ගොඩවුණේ ඔය පරණ මතකයන් සේරම ආයෙත් සිහිකරන ගමනුයි.

වාතාවරණය  

බුහාරි හෝටලය තියෙන්නේ පංචිකාවත්ත පාරේ. හරියට ම කිව්වොත් එලිෆින්ස්ටන් රඟහලට යාබද ව. මේකේ තට්ටු දෙකයි. දෙකේ ම හොඳට ඉඩකඩ තියෙනවා. සාමාන්‍යයෙන් මරදාන කිව්ව ම මතක් වෙන්නේ දූවිලි ඇවිස්සිලා තියෙන බිල්ඩින්වලින් වැහුණු කොන්ක්‍රීට් වනන්තරයක්නේ. හැබැයි පිටත තියන රස්නේ බුහාරි එක ඇතුළේ දි දැනෙන්නේවත් නැහැ. මොකද හොඳට ඒ/සී කරලනේ තියෙන්නෙ.

බුහාරි හෝටලේ එකේ තියෙන එකේ විශේෂත්වයන් දෙකක් තියෙනවා. එකක් තමයි ඕනේ ම වෙලාවක සෙනඟ පිරිලා ඉන්න එක. අනිත් දේ තමයි කොච්චර දිග අතීතයක් තියෙන හෝටලයක් වුණත්, එදා ඉඳන් අද වෙනකම් ම පිළිගන්වන්නේ බුරියානි විතරක් වීම.

කෑම බීම

මෙතැන මෙනුවක් එහෙම දකින්න නැහැ. සේවක මිත්‍රයෙක්ගෙන් තියෙන බුරියානි වර්ග ටික, ඒවායේ ගණන් හිලව් එක්ක ම අහගන්න පුළුවන්. අපි ගත්තේ මට්න් බුරියානි (රු.500) එකකුයි, රෝස්ට් චිකන් (රු.460)  බුරියානි එකකුයි. තිබහ යන්නත් එක්ක ෆලූඩා (රු.90) එකකුත් ඕඩර් කළා.

මේ බුරියානි බත හරි ම රසයි. කුළුබඩු දාලා, හොඳට තෙම්පරාදු කරපු ගතියක් ඒකෙ තිබුණා. ලොකු තෙල් ගතියකුත් නැහැ. කොටින් ම කිව්වොත් හොද්දක්, මසක් නැතුව ම වුණත් කාගෙන යන්න පුළුවන්.

තද රතු පාටට දිලිසි දිලිසි තිබුණු තඩි චිකන් කෑල්ල, නියම පදමට රෝස්ට් කරලා තිබුණා. ළා කරස් සද්දෙත් එක්ක හැපිලා, බතට එකතු වෙද්දී පට්ට රසක් තමයි දැනුණේ. අමුමිරිස් සම්බෝලෙත් මරු. කටට සැරට කන්න පුළුවන්. අපට ලැබුණු රටළූණු සම්බෝලෙනුත්, උණු චිකන් හොද්දෙනුත් මේ බුරියානි එක තවත් රසවත් වුණා.

මගේ යාළුවට මට්න් කරිය කොච්චර අල්ලලා ගියාද කිව්වොත්, මිනිහා ඒක දීසිය පිටින් ම හලාගත්තා කියන්නකෝ පිඟානට. මාත් වදෙන් පොරෙන් මේකේ ටිකක් කාලා බැලුවා. හොඳට ලුණු පහේ දාපු රස මේ කරියේ තිබුණා. යාළුවට නම් ගොඩක් ම අල්ලලා ගිහින් තිබුණේ මේකේ හොද්දයි. මොකද ඒක නියම ගානට ස්පයිසි. මිනිහට පුළුවන්කමක් තිබුණා නම්, පාන් බාගෙකුත් ගෙනල්ලා ඔය හොද්දත් එක්ක කනවා ෂුවර්.

ෆලූඩා එක ගැන නම් අපේ ඒ හැටි කැමැත්තක් නැහැ. හොඳට කිරි, කසකසා ඇට දාලා, අයිස්ක්‍රීම් හැන්දකුත් බෙදලා තිබුණත්, මේකේ අඩියේ තිබුණු සිරප් එක හෙන අවුල්. සාමාන්‍ය ෆලූඩා එකක රස ගෑවිලාවත් නැහැ. ඒ වෙනුවට මොකද්දෝ අමුතු ස්ප්‍රීතු රහක් ආවේ. තිබහ නිසා බිව්වට මොකද, ආයේ නම් ඕනේ නැහැ කියලයි අපි හිතාගත්තේ.

ෆලූඩා එකෙන් කැඩිච්ච හිත හදාගන්නත් එක්ක මම වටලප්පම්ක් (රු.70) ඕඩර් කළා. මහත්තයෝ ඔන්න කනවනම් වටලප්පන්. රුපියල් 70ට කෝප්පේ පිරෙන්න වටලප්පන් හම්බවුණා. මේකේ තිබුණේ නියම ක්ලැසික් වටලප්පමේ රස. බොරුවට පැණිරස එහෙම නෙවෙයි. ලෝබ නැතුව  බිත්තර, කිතුල් හකුරු දාලා ගෙදර හදන වටලප්පන් රස මේකේ අඩුවක් නැතුව ම තිබුණා.

සර්විස් එක

බුහාරි කියන්නේ කාටත් එක හැන්දෙන් බෙදන සර්විස් එකක් තියෙන තැනක්. කාටවත් විශේෂයක් නැහැ. හැමදාම මෙතැනට යන එන අයට වගේ ම, ඉඳලාහිටලා යන හැමෝටමත් එක වගේ අපූරුවට සලකනවා. අනික එයාලා කඩියෝ වගේ වැඩ. කොච්චර සෙනඟ හිටියත්, අපේ ඕඩරේ මේසෙට එන්න ගියේ විනාඩි දහයක වගේ කාලයක්.

අවසාන වශයෙන්

අවුරුදු ගාණක් ගිහින් වුණත්, එදා වගේ ම රසට අපේ තාලේ බුරියානි හදන බුහාරි හෝටලය ඇත්තට ම ජීවිතේ එක සැරයක් හරි ගිහින් කාලා එන්න වටින තැනක්. නිකමට හරි මේ පැත්තට ගියොත්, බුරියානි විතරක් නෙවෙයි, අර රස ම රස වටලප්පමත් කාලා එන්න අමතක කරන්න එපා හොඳද.


TIP

Strictly no liquor.
All Reviews

Though Hotel de Buhari may not be as good as your grandparents recall, they still serve platefuls of their saffron-gold splendour.

Local biryani doesn’t seem to get the attention it deserves. If you think about it though those plates of saffron tinged rice are a central part of life for millions of Sri Lankans.

සිංහල අවුරුදු ගාණක් ගිහින් වුණත්, එදා වගේ ම රසට අපේ තාලේ බුරියානි හදන බුහාරි හෝටලය ඇත්තට ම ජීවිතේ එක සැරයක් හරි ගිහින් කාලා එන්න වටින තැනක්.

සිංහල දේශීය බුරියානියට හිමිවියයුතු නියම ගෞරවය ලැබෙන්නේ නැහැ. ඒවුණාට එය මිලියන් ගණනක් ශ්‍රීලාංකිකයන්ගේ ආහාරයේ වැදගත් කොටසක්. විශේෂයෙන්ම මුස්ලිම්වරුත්, දෙමළ ජාතිකයනුත් ඔවුන්ගේ විශේෂ උත්සව සඳහා බුරියානි පිසිනවා. රටේ හැමකෙනෙක්මත් හොඳ බුරියානියකට කැමතියි.

Address

15, Panchikawatte Road, Colombo 10

Directions

This is just opposite the Maradana Railway Station off the Maradana Junction. If you're lost, ask a Tuk driver. The place is an institution.

Contacts

Report Inaccuracy

Open until 10:00 PM

Cuisine

North Indian Sri Lankan

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Biriyani Rice And Curry

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
2
Ambience Rating
2

Similar Places

User Reviews
J
1

2/5

0

Joshua Ebenezer

I have been couple of months ago, now the biriyani not taste at all.

Avatar for Tony Montana
1

5/5

0

Tony Montana

Buhari’s the Best biriyani in srilanka

J
1

2/5

0

Joshua Ebenezer

I have been couple of months ago, now the biriyani not taste at all.

Avatar for Tony Montana
1

5/5

0

Tony Montana

Buhari’s the Best biriyani in srilanka

Avatar for Vishvi
1

3/5

Vishvi YAMU STAFF

Rated 3/5

See 9 Comments