Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

3/5

Hotel De Buhari

15, Panchikawatte Road, Colombo 10


Local biryani doesn’t seem to get the attention it deserves. If you think about it though those plates of saffron tinged rice are a central part of life for millions of Sri Lankans.



ඊද්, දිවාලි, මංගලෝත්සව, උපන්දින, අවමංගල්‍ය ආදී කොයි අවස්ථාවකදීත් බුරියානි කියන්නේ සම්භාෂණයක්.

ස්ටොක් දියෙන් පිසින ලද ඒ රන්වන් බත, රසවත් තැම්බූ බිත්තර, කුළුබඩු යොදා පිසින ලද මෘදු මස් කැබලි, අච්චාරු, කොළපාට පොල් සම්බල් ආදිය සමග රසගන්වනලද පුරියානිය රස සාගරයක්.

ලංකාව කියන්නේ ඇත්තෙන්ම බත් හා ව්‍යංජන දේශයක්. කර කරගා හැපෙන ආප්ප, රැල් රැල් ඉඳියාප්ප, පුංචි පිටි කැටින් සැදුණු පිට්ටු හා සුවඳ හමන ලම්ප්රයිස්වලටද ආදරය පිරිනැමෙනවා. ඒත්, දේශීය බුරියානියට හිමිවියයුතු නියම ගෞරවය ලැබෙන්නේ නැහැ. ඒවුණාට එය මිලියන් ගණනක් ශ්‍රීලාංකිකයන්ගේ ආහාරයේ වැදගත් කොටසක්. විශේෂයෙන්ම මුස්ලිම්වරුත්, දෙමළ ජාතිකයනුත් ඔවුන්ගේ විශේෂ උත්සව සඳහා බුරියානි පිසිනවා. රටේ හැමකෙනෙක්මත් හොඳ බුරියානියකට කැමතියි.

ඒත්, කොළඹදී විශේෂ බුරියානි පිඟානක් සොයාගැනීම පහසු නැහැ. ඉතා රසවත් බත්, බිත්තර හා මස් සහිත සවන් නමින් හැඳින්වෙන නියම බුරියානි පළංගාන පිරිනමන මුස්ලිම් ආන්ටිලා කොළඹ ඉන්නවා. ඒත් ඔබේ දිවාආහාර බුරියානියනම් සාමාන්‍යයෙන්ම බලාපොරොත්තු සුන්කරන එකක්. බොහෝවිට සිදුවන්නේ වෙනසක් සඳහා ඇණවුම්කළ බුරියානිය සෝයාමීට් හොද්දක් සමග ෆ්‍රයිඩ්රයිස් බවට පත්වෙනඑකයි. වීදි කඩවල බුරියානිය උත්සව බුරියානියෙන් එතරම් වෙනස්. ඒ නිසා මමනම් දැන් ඒවා කන්නේම නැහැ.

ඒත්, අද බුරියානියක් කන්න දැඩි ආසාවක් ඇති වෙලා, සවන් පළංගානක් ඇණවුම් කරන්න තරම් නිමිත්තකුත් නොතිබුණ නිසා මම ගියා බුහාරි හෝටලයට. ලම්ප්රයිස්වලට DBU වගේ, බැදපු චිකන්වලට රහීමාස් වගේ, බුරියානිවලටනම් ඉතින් බුහාරි තමයි. පරම්පරා ගණනාවක් තිස්සේ ඒක එහෙම තමයි.

දැන් එය පිහිටා තිබෙන මරදාන ඉස්සරතරම් මධ්‍යස්ථානයක් නොවුණත්, එතැන හොයාගන්න හරිම ලේසියි. එහි පැරණි ආකර්ශනයක වියැකී ගිය පැහැය තවමත් තිබෙනවා. දශක ගණනාවක් තිස්සේ එතැන වෙනස්වී නැතිමුත්, රුචියෙන් කෑමවේලක් ගන්න හැකි ලෙස එතැන තවමත් පිරිසිදු හා ප්‍රසන්නභාවයෙන් යුතුයි. බුහාරි හෝටලය වෙන්න ඇති මරදාන හන්දියේ තිබෙන සන්සුන්ම, සුවදායකම තැන.

මෙහි සේවාවන් කාර්යක්ෂමයි. ඔවුන්ගේ බිංගෙයක් වැනි කුස්සියේ නිරතුරුවම බුබුළු නගමින් ස්ටොක් වතුරේ පැහෙන බත් තිබෙනවා. ඔබේ බුරියානිය මිනිත්තු කීපයකින් දුම් දමමින් මේසයට.

කුළුබඩුවලින් රසගන්වන ලද කුකුළු මස් හා හොදිත් සම්බලත් සමග බත් රසවත්. ඒත්, එයත් අර ඔබ සොයන බුරියානි සවන් පළඟානෙන් ‍බොහෝ දුරස්තරයි. කෝ අර සරු මස් රස? කෝ අර කරදමුංගු හා කහ සුවඳ? සාමාන්‍ය කහබතින් බුරියානිය වෙනස් කරන අච්චාරුවේ පැණිරස, මෝරුවල සිසිල, ඉස්සන් තලපය එහෙම කෝ?

ඒවා බුහාරි බුරියානියේ නැහැ. ඒ වෙනුවට ඔබට ලැබෙන්නේ විශ්වසනීය රසගන්වනලද කහබත් දීසියක්, මාසාලා චිකන් කුට්ටියක්, රසවත් හොදි, කදිම කොළපාට මිරිස් පොල් සම්බලක් හා රුචිය වඩන තැම්බූ බිත්තරයක්. රු. 400කට වටිනා ඒ කෑම වේල සැබෑ වෙනසක්. එහෙත්, ඒ මිළටම ලන්දේසි බර්ගර් සංගමයෙන් හෝ Dutch Grocer වෙතින් ගතහැකි ලම්ප්රයිස් එකක් වඩා සුවිශේෂයි.

සැබෑ බුරියානියක් කියන්නේ මීට වඩා ලොකු වෙනසක්.

TIP

Strictly no liquor.
All Reviews

Though Hotel de Buhari may not be as good as your grandparents recall, they still serve platefuls of their saffron-gold splendour.

Local biryani doesn’t seem to get the attention it deserves. If you think about it though those plates of saffron tinged rice are a central part of life for millions of Sri Lankans.

සිංහල අවුරුදු ගාණක් ගිහින් වුණත්, එදා වගේ ම රසට අපේ තාලේ බුරියානි හදන බුහාරි හෝටලය ඇත්තට ම ජීවිතේ එක සැරයක් හරි ගිහින් කාලා එන්න වටින තැනක්.

සිංහල දේශීය බුරියානියට හිමිවියයුතු නියම ගෞරවය ලැබෙන්නේ නැහැ. ඒවුණාට එය මිලියන් ගණනක් ශ්‍රීලාංකිකයන්ගේ ආහාරයේ වැදගත් කොටසක්. විශේෂයෙන්ම මුස්ලිම්වරුත්, දෙමළ ජාතිකයනුත් ඔවුන්ගේ විශේෂ උත්සව සඳහා බුරියානි පිසිනවා. රටේ හැමකෙනෙක්මත් හොඳ බුරියානියකට කැමතියි.

Address

15, Panchikawatte Road, Colombo 10

Directions

This is just opposite the Maradana Railway Station off the Maradana Junction. If you're lost, ask a Tuk driver. The place is an institution.

Contacts

Report Inaccuracy

Open until 10:00 PM

Cuisine

North Indian Sri Lankan

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Biriyani Rice And Curry

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
2
Ambience Rating
2
Similar Places

User Reviews
J
1

2/5

0

Joshua Ebenezer

I have been couple of months ago, now the biriyani not taste at all.

Avatar for Tony Montana
1

5/5

0

Tony Montana

Buhari’s the Best biriyani in srilanka

J
1

2/5

0

Joshua Ebenezer

I have been couple of months ago, now the biriyani not taste at all.

Avatar for Tony Montana
1

5/5

0

Tony Montana

Buhari’s the Best biriyani in srilanka

Avatar for Vishvi
1

3/5

Vishvi YAMU STAFF

Rated 3/5

See 9 Comments