Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for New internal sidebar 10.08.2020

3/5

Burger House

Delivery only

Get it delivered on Pickme Food

A one-stop-shop for getting your delivery burger options sorted.



විශ්වි වගේම තමයි අපේ සෙනුරිත්. සමහර දවස්වලට බඩගින්නෙ ඉඳල ඉඳල කන්න යන්න හදනකොට ම, එනව හිතාගන්න බැරි කෑම තොගයකුත් අරගෙන කොහේ හරි ඉඳන්. ඇවිල්ල ඉතින් එක සැණකෙළියයි. අන්තිමට කොල්ලො ඉස්මුරුත්තාව හැදිල, කාපු බීපු තැන්වල එහෙම්මම! ඕව්... මේ ගිය සතියෙත් එහෙම වැඩක් කළා. ඔන්න මම දවසෙම වැඩ ටික අහවර කරල කොහොම හරි කන්න යන්න නැගිට්ට විතරයි...

“බර්ගර් තියෙනවා, සබ්මැරීන් තියෙනවා... යං කන්න!” කෙළින්ම මේසෙ ඉස්සරහ ම.

ආයෙ ඉතින් බෑ කියන්නද. ඊටත්, මමත් කොහොමත් කන්න යන එකනෙ.

‘හා හා... යං. මමත් මේ දැනුයි කන්නෙ’ කියල, ඕන්න ගැලපුනා හෙමිහෙමිහිට ලන්ච්රූම් එකට.

ගැළපිලා...

මම නම් ඉස්සෙල්ලම දිගඇරියෙ බත් එක. මොකද ඒක නොකා, මොනව කෑවත් වැඩක් තියෙයි. ඊට පස්සෙ හෙමි හෙමිහිට බැස්සෙ බර්ගර් ටිකට, ඒක වෙන කතාවක්.

ඒත්... කටයි දෙකයි කෑවෙ... ෂැහ්! බලන්න එපැයි රස. මුලින්ම අතට ගත්ත ඒ උම්බලකඩ බන් එකේ පැහැදිලි වෙනසක් තියෙනව යාළු, අපි වෙනදට කන උම්බලකඩ බන් එකට වඩා. ටිකක් දිගයි, රසත් වැඩියි... ඇත්තම කියනව නම් හදිස්සි වෙලාවකට නරකමත් නැති ගානයි. ඒත් අර මයොනීස් අම්බානක දාපු එක නම් හරි වැරදියි. ඒකෙන්, බන් එකේ තියෙන්න තිබ්බ සුපිරි ගතියෙ පොඩි අඩුවක් වෙලා. හරියට නිකම් ‘වැඩි ආදරේට වගේ’. මගෙ හිතේ බටර් මොනවහරිත් ගාලා තමයි මයොනිස් තට්ටුව දාලා තියෙන්නෙ. ඊට උඩින් තඩි උම්බලකඩ කෑලි හොඳ හැටි මික්ස් වෙච්ච, රස, සැර පදමට හදාපු ලූනු තෙල්දැමුමක්...

ම්... ඊට පස්සෙ ආව ෆිෂ් බන් කියල එකක්. වැඩේ කියන්නෙ ඒකත් එලෙසමයිනෙ. එකම වෙනස උම්බලකඩ වෙනුවට ටිකක් ලොකුවට කපපු බැදපු මාළු කෑලි තිබ්බ එක තමයි.

අන්න... ඒ මැදින් බැහැපු චිකන් බර්ගර් එක නම් සෑහෙන්න හොඳයි ඈ. අර මයොනිස් ප්‍රශ්නෙ හැරුණාම අනිත් සියල්ලම හොඳයි. පැටි එක නම් එයාලා හදපු එකක් නෙවෙයි. මොකද පළවෙනි කටෙන් ම කිව්ව හැකි, ඒක අර මීට් කම්පැනි එකකට දීලා හරි, සුපර් මාර්කට් එකකින් අරගෙන හරි ගැඹුරු තෙලේ බැදපු එකක්. ඒත් ඉතින් සෝස් අඩුමකුඩුම ටිකයි, සලාද කොළ, ලූනු අනංමනං ටිකයි එකතු වුනාම නම් හරිම රසයි.

ඔය අතරෙ මට හිතාගන්න බැරි එක දෙයකුත් තිබ්බ. ඒ තමයි ස්පෙෂල් ද මොකක්ද කියල ආපු බර්ගර් එක. ඒකෙ තිබ්බ එකම ස්පෙෂැලිටි එක තමයි, එක පැටි එකක් වෙනුවට දෙකක් දාලා, ඒ මැදින් බුල්සායි එකක් තියල තිබ්බ එක. ඒකෙන් ඉතින් පොඩි ගැම්මක් තිබ්බ තමයි, ඒත්...

කමක් නැහ්! රු. 300නෙ.

ඔයිට වඩා මොන ස්පෙෂල්ද ඒ ගාණට කියල...

මම නම් හිත හදාගත්ත, හ්ම්...

Address

Delivery only

Report Inaccuracy

Price Range

Less than 500

Dish Types

Burgers Sandwiches

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment