Artwork for Sampath Top - June

3/5

Burger Q

Lily Avenue, Colombo 06


Yet another fast food joint that dishes out some ok-ish burgers and submarines for an affordable price tag.



මීට අවුරුදු දහදොළහකට උඩදී, බර්ගර් එකක් කන්න හොඳ තැනක් ගැන කතා කළොත්, අපේ මතකෙට අනිවාර්යෙන් ම එන්නේ මැක්ඩොනල්ඩ්ස් එක. එහෙමත් නැත්තන් KFC හෝ ඩයින්මෝර් එක. මොකද දැන් වගේ ෆාස්ට් ෆුඩ් ගන්න පුළුවන් විදියේ, විශේෂයෙන් ම බර්ගර් සබ්මැරීන් ගන්න ඇහැකි තැන් තිබුණේ තරමක් අඩුවෙන්. කොහෙන් කොහොමහරි තැනක් හොයාගත්තත්, ඕවයේ ගණන් හිලව් ටිකක් වැඩියි වගේ කියලත් හිතෙන්න පුළුවන්.

හැබැයි මෑතක ඉඳලා ඔය තත්ත්වය වෙනස් වෙලා. ෆාස්ට් ෆුඩ් රෙස්ටෝරන්ට් අස්සේ රිංගන්නේ නැතුව, බර්ගර්, සම්බැරීන් වගේ ජාති අඩු ගාණට ගන්න පුළුවන් තැන් බොහොමයක් දැන් වැහි වැහැලා. Fazly's, Burger Hut, Burgers Hut, KGN Burgers on Wheels කියන්නේ අන්න ඒ වගේ තැන් අතරින් කීපයක්. අපි මේ කියන්න යන්නෙත් ඔය ගොන්නට ම එක්කාසු වෙන තවත් බර්ගර් කඩයක් ගැන. මේකේ නම Burger Q.

තැන

අපි මේ කියන Burger Q එක තියෙන්නේ වැල්ලවත්තේ ලිලී අවෙනියු එකේ. අර අපි පහුගිය දවසක ගිය චෝල රෙස්ටෝරන්ට් එක මතකනේ? අන්න ඒ පාරේ ම තමයි, හැබැයි ගාලු පාර පැත්තට කිට්ටු කරලා.

වැඩි ඉඩකඩක් නැතත්, ඒසී කරලා තියෙන නිසා වැඩි අමාරුවක් නැතුව මෙතැන ඉන්න පුළුවන්. වැඩි ම වුණොත් එක සැරේ දහදෙනෙක්ට ඉඳගන්න ඇහැකි තරමට ඉඩ ඇති. ඊට වඩා නම් නැහැ.

කෑම බීම

කිව්වත් වගේ මේකේ ප්‍රධාන වශයෙන් ම තියෙන්නේ බර්ගර් සහ සබ්මැරීන් තමයි. ඒ හැරුණා ම ෆ්‍රයිඩ් රයිස්, රයිස් ඇන්ඩ් කරි, පැස්ටා, නූඩ්ල්ස් එහෙමත් තියෙනවලු. ඒ වුණාට අපි යද්දී ඒ සේරම ජාති ඉවර වෙලා. හතරෙන් පස්සේ ගියොත් නම් රොටි සහ කොත්තුත් ගන්න ඇහැකි කියලයි ආරංචිය. එතකොට බීම විදියට ෆෘට් ජූස්, මිල්ක්ෂේක් වගේ දේවල් තියෙනවා.

චිකන් හැරුණා ම වෙනත් කිසිම මස් වර්ගයක් මේ කට්ටිය ළඟ නැහැ. ඒ නිසාමයි අපි “හොට් ඇන්ඩ් ස්පයිසි චිකන් සබ්” (රු.430) එකකුයි, “BQ ස්පෙෂල් තන්දූරි බර්ගර්” (රු.420) එකකුයි ඕඩර් කළේ. බීමට ගත්තේ “චොක් චිප් මිල්ක්ෂේක්” (රු.250) එකක්.

අපි ගත්ත සබ්මැරීන් එක නම් මාර ම රසයි. ස්පයිසි රසත් අඩුවක් පාඩුවක් නොදැනෙන, නියමෙට කුළුබඩුවලින් මැරිනෙට් කරපු චිකන් තොගයක් මේකට පුරවලා තිබුණා. සලාද කොළ, රවුමට කපපු රටලූණු, තක්කාලි පෙතිවල තිබුණු ෆ්‍රෙෂ් ගතිය නිසා මේක තවත් රසවත්. සබ්මැරීන් එකේ බන් එකත් ශේප් එකේ අවුලක් නැහැ. හැබැයි පොඩ්ඩක් මීට වඩා සොෆ්ට් වුණා නම් තමයි හොඳ.

තන්දූරි බර්ගර් එක ගැන සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන හිටියත්, අවාසනාවකට වගේ මේකේ ලුණු වැඩියි. නැත්තන් යසට හදපු තන්දූරි චිකන් පැටී එකක් මේ බර්ගර් එකේ තිබුණා. අනික චීස් පෙත්තක් එහෙම දාලා, අලුත් සලාද කොළ, රටලූණු පෙති, තක්කාලි පෙතිත් එකතු කරලනේ. අනික හොඳ ම වැඩේ තමයි ඔය සමහර තැන්වල වගේ බොරුවට සෝස්වල, මයෝනිස්වල පොඟවපු බර්ගර් නෙමෙයි මේ. පැටී එකෙන් එන්න ඕනේ රස හොඳට ම දැනෙන විදියට බැලන්ස් කරලා. ලුණු වැඩි වෙච්ච එක තමයි පරහ.

චොක් චිප් මිල්ක්ෂේක් එකේ පැණි රස වැඩියි හොඳට ම. චොකලට් රසක් ආවත්, එකත් පැණි රස වැඩි චොකලට් එකක්. කිරි රසයි, චොකලට් රසයි හරියට බැලන්ස් වෙලත් නැහැ. ඒ නිසා සෑහෙන්න අවුල්.

සර්විස් එක

ලොකු හිනා කතා නැතත්, Burger Q එකේ සර්විස් එක මාර ෆාස්ට්. පොඩි කොල්ලෝ කට්ටියක් තමයි මේකේ වැඩ ටික කරගෙන යන්නේ. අපේ කෑම බීම ටික මේසෙට එන්න ගියේ විනාඩි 10ක වගේ කාලයක්.

අවසාන වශයෙන්

අපට දැනගන්න ලැබුණු විදියට මේ අවට තැන්වලට මේ කට්ටිය කෑම ඩිලිවරිත් කරනවා. අනික ෆාස්ට් ෆුඩ්වලට විතරක් සීමා නොවී බත් පැකට් එහෙමත් හදන නිසා, විවිධත්වයත් හොඳයි. සුපිරියි කියන්න බැරි වුණත්, අපි ගත්ත කෑම ටික නම් ගෙවපු ගාණේ හැටියට ශේප්. වෙලාවක ඔය කට්ටියත් ට්‍රයි කරලා බලලා අපටත් කියන්නකෝ.

Artwork for Sampath Content Sep generic
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment