Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2

3/5

Burger Wish

Pannipitiya road, Thalawathugoda

  • Closed right now


Burger Wish is a new burger joint in Thalawathugoda that serves up some okay burgers for an affordable price tag.



දවල්ට බඩ පැලෙන්න කාලත් පැය 3, 4ක් යද්දි ආයෙ බඩගිනි වෙනව කියන්නෙ?

ලෙඩක් මගෙ හිතේ. වැඩේ කියන්නෙ ඉතින් එහෙමයි කියල බඩගින්නට පිටුපාන්න පුළුවන්යැ.

කිව්වට විශ්වාස කරන්න යාළු ඊයෙ දවල්ට බත් කාලා, පානුත් කාලා, පෝර්ක් කට්ලට්සුත් කාලා ඒත් හැන්දෑවෙ 7 වෙද්දි බඩගිනියි කියන්නකො. පස්සෙ බැරිම තැන කල්පනා කළා අතේ තියෙන තුට්ටු දෙක වියදම් කරල හරි ආයෙත් බඩ පුරවගන්න. කොහොම හරි ඔය වෙලාවෙ තමයි මට මතක් වුණේ අපේ හංදියෙ අලුතෙන් දාපු බර්ගර් කඩේ. ලොකු බෝර්ඩ් එකක් එහෙමත් ගහල හදපු හරි ලස්සන ප්ලේස් එක. අනික පාර අයිනෙ නිසා යමින් ගමනෙම බඩ පුරවගන්නත් කියාපු.

ඒත් ඉතින් අනම් මනම් වැඩ සූස්තර ටික ඉවර කරල ඔෆිස් එකෙන් එළියට බහිද්දි නම් හැන්දෑවෙ 8ටත් කිට්ටුයි. දඩිබිඩියට වීල් එකක් අල්ල ගත්තු මම බර්ගර් සිහින ලෝකෙක තමයි තලවතුගොඩ යනකම්ම ගියේ.

“අයියෙ ඔතනින් දකුණට ඈ…” හංදියෙන් පන්නිපිටිය පාරට හරවල මීටර් 100ක් විතර ගියා.

“හෝ.. හෝ… හෝ ඔන්න ඔතන වම්පැත්තෙ නවත්තන්න…”

හම්මේ… යන්තං තැනට ආවා.

ෂහ්! එදා දැක්කට වැඩිය ලස්සනටනෙ අද මේක පේන්නෙ. බඩගිනි වැඩිකමටද මන්දා. කොහොම හරි අඩියට දෙකට කඩේට ගොඩවුණ මම අයිනක් අල්ලල වාඩි වුණේ හිතේ හැටියට කන්න කියල හිතාගෙන. වැඩේ කියන්නෙ මේසෙට වාඩි වෙන්න හම්බවුණේ නෑ… මෙන්න බොලේ සේවක මිත්‍රයෙක් මගේ ළඟ.

“සර්, මොනවද ගේන්නෙ?”

“ම්… මට බර්ගර් මෙනියු එකක් ගන්න පුලුවන්ද”

“සර් බර්ගර් මෙනියු කියල නම් නෑ, ඉස්සරහ බෝර්ඩ් එකේ තියෙන ටික තමයි තියෙන්නෙ. පොඩ්ඩක් එතනට ගිහින් බලමුද?” හරිම සුහදශීලියි. එහෙම කිව්වාම ඉතින් නොගිහින් බෑනෙ!

බෝර්ඩ් එක බැලූ බැල්මටම මට ආස හිතුණෙ ටවර් බර්ගර් එකට (රු. 570). ඉතින් සෙනිකව දැම්ම එයින් එකක් ඕඩරේට. ඔය අතරෙ තමයි කඩේ ලොක්ක මගේ ළඟට ආවෙ.

“ඉතින් කොහොමද?” දන්න අඳුනන මනුස්සයෙක්ගෙන් අහනව වගේ.

“බර්ගර් වැඩේ අපි අලුතෙන් පටන් ගත්තෙ සර්. ඉස්සරහට තව තව බර්ගර් ජාති ටිකක් දාන්න ඉන්නෙ. සර් ඉල්ලපු ටවර් බර්ගර් එකට පැටි 3ක් එනව.

කාලා බලමු නේ”

ඇත්තටම මාර කඩයක් ආ... ලොක්ක, පොඩ්ඩ කියල නෑ හැමෝම හරි සතුටින්, යන එන කට්ටියත් එක්කත් කතා බහ කර කර තමයි වැඩ කරන්නෙ.

කොහොම හරි මම ඉල්ලපු බර්ගර් එක මේසෙට එන්නත් ඒ හැටි වෙලාවක් ගියේ නෑ. වැඩේ කියන්නෙ ඒක කන එකනෙ ප්‍රශ්නෙ වුණේ. මුලු කටම ඇරියත් එක පාරට හපන්න බැරි සයිස් එකක් තිබුණෙ. කොහොම හරි අන්තිමට එක පැටි එකක් පොඩ්ඩක් එහෙට මෙහෙට කරල ඔන්න කටක් කෑවා ඈ...

ෂහ්! ටොප් අායෙ. වැඩේ අළුත් වුණාට නියමෙට තියෙනවනෙ. අනිත් බර්ගර් කඩවල වගේ මෙයාලගෙ පැටි එකේ බොරු ක්‍රිස්පි නෑ. හැබැයි තියෙන තුනී ක්‍රස්පි තට්ටුව එකෙන්ම ක්‍රිස්පි. ගොඩක්ම නැගල යන්නෙ ක්‍රිස්පි තට්ටුවට යටින් තියෙන උණුඋණු මස් කුට්ටිය. පොඩ්ඩක් පදම් වෙලා එහෙමත් තිබුණ නම් පංකාදු පහයි. පැටි තුනේ උඩටයි යටටයි හැරුණාම මැද්දටත් චීස් පෙත්තක් දාලා නිසා බර්ගර් එකේ චීස් රසත් හොඳ හැටි තියෙනව. එකම අවුල තියෙන්නෙ යටටම තියෙන තක්කාලි පෙත්ත තමයි. ඇත්තටම ඒ බර්ගර් එකට තක්කාලි ගැලපෙන්නනෙ නෑ. හැබැයි ලූණු ටිකෙනුයි සලාද කොළෙනුයි නම් හොඳ රහක් ගැළපෙනව.

මම ගෙනිහින් කන්න කියල ගත්තු වෙජි බර්ගර් එකත් නරකම නෑ. හැබැයි ඒකෙ රස ටිකක් මදි වගේ. මම හිතන්නෙ පැටි එකේ අවුලක් වෙන්න ඕන. ඒත් ඉතින් රු. 270ට ෆ්‍රෙන්ච් ෆ්‍රයිසුත් එක්කම එන නිසා පාඩුත් නෑ ඉතින්.

ඉස්මුරුත්තාව එන ගානට ඔන්න මෙන්න තියෙන්න කෑවට මොකද කඩෙන් එළියට බහිද්දිත් අයිස් මයිලෝ එකක අඩුව නම් මට හොඳ හැටි දැනිලයි තිබ්බෙ. ඒත් ඒක කඩේ ලොක්කට කියන්න අමතක වුණානෙ. බාග වෙලාවට ඔයාලා කවුරුහරි ගියොත් ඔන්න මතක ඇතුව කියන්න හොඳේ!


TIP

Try Tower Burger

Artwork for Frimi Shoutout banner 2- non merchants only
Similar Places

User Reviews
S
1

1/5

2

Sanjithkasun

ඔන්න 440 බර්ග එකේ size එක. කාලම බලාපල්ලාකෝ. හොද නරක. 🖕🖕🖕

S
1

1/5

2

Sanjithkasun

ඔන්න 440 බර්ග එකේ size එක. කාලම බලාපල්ලාකෝ. හොද නරක. 🖕🖕🖕

See 2 Comments