Artwork for PMF BF Top banner 1
Artwork for PMF BF Top banner 2

4/5

Burgers Hut

Allen Avenue, Dehiwala (Opposite Nawalanka Food City)


Burger's Hut in Dehiwala was the first of the Burger's King clones, but a good one at that. We dropped in again after a while and we're happy to see that their burgers are still tasty and cheap. Unlike Burger's King though, BH is open from 1 pm.



බර්ගර්ස් හට් දෙහිවල ගල්වල හංදිය අසල අලුතින් විවෘත කරන ලද ‍බර්ගර් අලෙවිහලකි. එය පවත්වාගෙන යන්නේ බර්ගර්ස් කිංහි සේවය කර ඉවත් වූ කණ්ඩායමක් විසිනි. එහි නිෂ්පාදන බර්ගර්ස් කිංහි නිෂ්පාදන වගේමය. වෙනස තැන පමණි.

බර්ගර් රාජධානියේ කැරැල්ල ඔබ බොහෝ දෙනෙක් Burger's King වෙතින් කෑම කාලා හෝ එතැන දැකලා හෝ ඇති. එය තමයි කොම්පඤ්ඤවීදියේ රජ බොජුන්හල. පුංචි කරත්තයකින් ආරම්භ වූ මේ ව්‍යාපාරය ඉක්මණින්ම ලංකාවේ ඇත්තම බර්ගර් රජු බවට පත් වුණා. අද එය කොළඹ නගරයේ තිබෙන රෑ බෝ වනතුරු විවෘතව තිබෙන බොජුන්හල් අතරින් ප්‍රධාන එකක්. සවස පහෙන් පසු ඕනෑ වෙලාවක බර්ගර්ස් හට් පිහිටි  මුල්ල වාහන හා පාරිභෝගිකයන්ගෙන් පිරිලා. ඒ නිසාම ටිකක් හැඩිත් වෙලා. ඕනෑම රාජධානියක ගැටුම් ඇති වෙනවානේ. ඉතින් බර්ගර්ස් කිංගේ රාජධානි‍යේත් වුණේ ඒකමයි. පැටිස්, බනිස්, පේස්ට්‍රි අතරින් බුබුළු නඟපු එදිරිවාදිකම්වල ප්‍රතිඵලය ලෙස අවසානයේදී රාජධානිය දෙකඩ වී අලුතින් බර්ගර්ස් හට් බිහි වුණා. හැබැයි, ඔවුන් සිය වෙළඳපල කරගෙන තිබෙන්නේ කොළඹින් දකුණු පැත්ත නිසා‍ දෙගොල්ලන් අතර තරගයක් නැහැ. කිං සොයාගෙන උතුරට පදින්න අකැමැති දෙහිවල, වැල්ලවත්ත, නුගේගොඩ, නාවල පැත්තේ රස්‍වතුන් වෙනුවෙන් බර්ගර්ස් හට් සේවයට කැපවෙලා.

බර්ගර්ස් හට්හි බර්ගර්, බර්ගර්ස් කිංහි බර්ගර්වලට වඩා ලොකුයි, යුෂ ගතියෙන් වැඩියි. කෝඩන් බ්ලූ බර්ගර්ස්, බර්ගර්ස් හට්හි රු. 260යි. බර්ගර්ස් කිංහි එය රු. 250යි. බර්ගර්ස් හට්හි මිළ රු. 10ක් වැඩියි. ඒ වගේම, පොඩ්ඩක් ලොකුයි. ලොකු චිකන් පපු කැබැල්ලක් හා බේකන් පෙත්තක් උකු මායෝ දවටලා එහි මැද රඳවලා. රු. 280ක් වන ක්‍රිස්පි ච්කන්ද ඉතා රසවත්. ඒවා සුපිරි බර්ගර්. ඇත්තම කියනවානම් මට මේ දෙපොළේ වෙනසක් සොයන්න බැහැ. මෙනූපතත් හරිම සමානයි. හැබැයි, බර්ගර්ස් හට්හි චාලි බර්ගර් නැහැ. ඔවුහු කාරය‍ටම ගෙනැවිත් පිරිනැමීමේ ‍විශිෂ්ට සේවාවක් පවත්වාගෙන යනවා. ම‍ට නම් හොඳම දේ තමයි, බර්ගර්ස් හ‍ට් අපේ ගෙදරට කිට්‍ටු තැනක පිහිටා තිබීම.

TIP

If you're stopping by in a car, they'll actually bring the food to your window - regardless of whether you're 'dining in' or taking away.

Address

Allen Avenue, Dehiwala (Opposite Nawalanka Food City)

Directions

From Galle Road you can turn up from the William Grinding Mill Junction, then take your first major right. It's about 300m up the road, across from a grocery store. You can also come from the Karagampitiya side, it's about 1km after the Zoo.

Contacts

Website

Report Inaccuracy

Closed right now

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Beef Chicken Burgers Submarines Shawarma

Cuisine

Fast Food

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3
User Reviews
Avatar for sachiiin
1

5/5

0

sachiiin

A Great Place To Go With Your Family.

A
1

5/5

0

AnilaRamzy

Reasonable price,tasty,simple,fast…but little bit salty (as my tongue indonesian)

See 29 Comments