Artwork for Coffe top banner 1
Artwork for Coffe top banner 2

4/5

Burgers Hut

Allen Avenue, Dehiwala (Opposite Nawalanka Food City)


Burger's Hut in Dehiwala was the first of the Burger's King clones, but a good one at that. We dropped in again after a while and we're happy to see that their burgers are still tasty and cheap. Unlike Burger's King though, BH is open from 1 pm.



ලොකු මස් පෙත්තක් මැදි කරගත්ත, ඒ අතරට චීස් තට්ටුවකුත් ඔබලා හැදුණු බනිසක්; මේ වගේ බර්ගර් එකක් මතක් වෙද්දීත් බඩගිනි වෙනවනේ? දැන් ඉස්සර වගේ බර්ගර් එකක් කන්න ඕනේ වුණා ම KFC, Mcdonalds, Burger King යන්න ම ඕනේ නැහැනේ. ඊට වඩා සෑහෙන්න අඩු ගාණට, ඒත් ඒ තරම්ම රසට (සමහරවිට ඊටත් වඩා රසට) බර්ගර් ගන්න පුළුවන් තැන් ඕනේ තරම් කොළඹ අවට තියෙනවා. වැඩි විස්තර ඕනේ නම්, පොඩ්ඩක් අපේ බුද්ධික මහත්තගේ ලිස්ට් එක කියවලා බලන්නකෝ.

කොහොමින් කොහොමහරි පහුගිය දවසක හවස් වරුවේ ඔෆිස් එකේ කරන්න වැඩක් නැතිකමට ම මේ ලැයිස්තුව කියව කියව ඉඳපු මටත් “බර්ගර් බඩගින්නක්” ආවා. ගෙදර යනින් ගමන ම බර්ගර් එකක් බඩට දාගෙන යන්න තමයි මගේ ප්ලෑන් එක තිබුණේ. බුද්ධිකගේ ලිස්ට් එකේ හැටියට ඒකට නියමෙට ම හරි යන්නේ දෙහිවල “බර්ගර්ස් හට්” එක. ඉතින් දෙතුන් ගමනක් හිතන්න දෙයක් තිබුණේ නැහැ. මං ඔෆිස් එකෙන් එළියට බැස්සේ බර්ගර්ස් හට් එකට එන්න කියලා යාළුවෙක් ට කෝල් එකක් දෙන ගමන්මයි.

තැන සහ වාතාවරණය

දෙහිවල සූ එක පාර දන්නවනේ? ඔය 176 බස් එහෙම යන්නේ. සූ එකට පොඩ්ඩක් මෙහායින් තියෙනවා නවලංකා සුපර් සිටි කියල තඩි සුපර් මාර්කට් එකක්. බර්ගර්ස් හට් එක තියෙන්නේ හරියට ම ඒකට විරුද්ධ පැත්තේ. රතු පාට බෝඩ් එකක් එහෙම ගහලා තියෙන නිසා ලේසියකට මඟ හැරෙන්නේ නැහැ.   

අනේ මන්දා ගිය දවසේ අවුලක්ද කියලා. කෑම බීම ගැන කොච්චර ඉහළින් වර්ණනා කරන්න පුළුවන්කම තිබුණත්, එදා මේකේ තිබුණු වාතාවරණය ගැන නම් සෑහෙන්න කලකිරෙනවා. සරලව ම කිව්වොත් මැස්සෝ විමානයක්. එකෙක් දෙන්නෙක් නම් කමක් නෑ කියමුකෝ. මේක එහෙම නෙවෙයි. මේස පුරා මැස්සෝ වහලා. දෙන කෑමක් බීමක් කන්න වෙන්නෙත් අතපය හතර ගස ගස. ෆෑන් දෙකකුත් දාලා තියෙද්දී මෙච්චර මැස්සෝ කොහෙන් එනවද කියලා නම් අපට නිච්චියක් නැහැ. කොහොම වුණත් හොඳ ම වැඩේ කන දෙයක් ගෙදර අරගෙන ගිහින් කන එක.  

කෑම බීම

බර්ගර්ස් හට් එකේ තියෙන්නේ බර්ගර් විතරක් නෙවෙයි. සබ්මැරීන්, බාබෙකියු චිකන්, ශවර්මා වගේ ජාතිත් තියෙනවා. බීම විදියට තියෙන්නේ පෙප්සි සහ අයිස් මයිලෝ.

යාළුවා “චිකන් සබ්මැරීන්” (රු.400) එකක් ගත්ත අතරේ, මං ඕඩර් කළේ “හොට් ඇන්ඩ් ස්පයිසි චිකන් බර්ගර්” මීල් (රු.420) එකක්. ඉන්න ගමන් රස බලන්න “ග්‍රිල්ඩ් චිකන් වින්ග්ස්” (රු.140) පිඟානකුත් ගත්තා.

විනාඩි 5ක් යන්න ඇති. මෙන්න සේරම කෑම ටික අපේ මූණ ඉස්සරහ!

ෂහ්! හොට් ඇන්ඩ් ස්පයිසි චිකන් බර්ගර් එක නම් පට්ට රසයි ඈ! තනි කටකට ගන්න බැරි තරමට ලොකුයි. රතු පාටට දිලිසෙන තඩි චිකන් පැටී එකක් මේකේ තිබුණා. කියන්න තරම් ස්පයිසි ගතියක් නැහැ. ඒත් හොඳ රසයි. බන් එකත් සෑහෙන්න මෘදුයි. හොඳ අලුත් ගතියට තිබුණා. මයෝනීස්, සලාද කොළ එහෙම දාලා නිසා මේක නම් පංකාදු පහයි.

හප්පේ! යාළුවා ගත්ත චිකන් සම්බැරීන් එකේ තිබුණු චිකන් තොගේ! චීස්, සෝස්, මයෝනිස් එක්ක බන් එක දෙපැත්තෙන් වැක්කෙරෙන ගානට චිකන් පුරවලා. ඒ විතරක්යැ බන් එකත් මරුනේ!

බර්ගර්ස් හට් එකේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ගැනත් මේ වෙලාවේ අමතක කරන්න බැහැ. නියම ක්‍රිස්පී ගතියට තිබුණා. චිලී සෝස් ටිකකුයි, මයෝනීස් ටිකකුයි ගෑවිලා එද්දී ඉතින් දිව්‍යලෝක රස!

අවාසනාවකට වගේ අපේ ග්‍රිල්ඩ් චිකන් වින්ග්ස් පිඟානේ තිබුණේ චිකන් වින්ග්ස් දෙකක් විතරයි. හැබැයි විශ්වාස කරන්න මහත්තයෝ, අපේ රස නහර පිනාලා ගියා ඒකෙන්. ළා කරස් සද්දෙන් හැපෙන මේ චිකන් වින්ග්ස්වල දවටනෙන් එන සුදුලූණු රස තමයි අපට හොඳට ම අල්ලලා ගියේ. චිලී සෝස් ටිකක් තැවරිලා එද්දී තවත් රසයි. මේවා නම් පිඟන් හත අටකට වග කියන්න පුළුවන් තරමට මරු. ඒ එක්ක ම බියර් වීදුරුවකුත් තිබුණා නම්,...

සර්විස් එක

ඕඩරේ ගන්න එක, කෑම ටික මේසෙට එන එක නම් සට පට ගාලා වෙනවා. හැබැයි කිව්වත් වගේ අර මැස්සන්ගේ ප්‍රශ්නේ තමයි අවුල. අපි සේවක මිත්‍රයෙක්ට කතා කරලා ඒ ගැන කිව්වත්, පිළියමක් යොදන්න එයාලගේ ඒ හැටි උවමනාවක් තිබුණේ නැහැ.

අවසාන වශයෙන්

දෙහිවල පැත්තෙන් අඩු ගාණට, නියම රසට බර්ගර් කන්න පුළුවන් තැනක් විදියට බර්ගර්ස් හට් එක හඳුන්වන්න පුළුවන්. ඒත් වාතාවරණය අවුල් වගේ නම් ගෙදර අරගෙන ගිහින් කන්න. නැත්තන් මොන බඩේ අමාරුව හැදේවිද දන්නේ නැහැ.


TIP

If you're stopping by in a car, they'll actually bring the food to your window - regardless of whether you're 'dining in' or taking away.

Address

Allen Avenue, Dehiwala (Opposite Nawalanka Food City)

Directions

From Galle Road you can turn up from the William Grinding Mill Junction, then take your first major right. It's about 300m up the road, across from a grocery store. You can also come from the Karagampitiya side, it's about 1km after the Zoo.

Contacts

Website

Report Inaccuracy

Open until 11:00 PM

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Beef Chicken Burgers Submarines Shawarma

Cuisine

Fast Food

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3
Similar Places

User Reviews
Avatar for sachiiin
1

5/5

0

sachiiin

A Great Place To Go With Your Family.

A
1

5/5

0

AnilaRamzy

Reasonable price,tasty,simple,fast…but little bit salty (as my tongue indonesian)

See 29 Comments