Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

4/5

Fazly's Halal Refreshment

1, Vellons Passage, Colombo 2


Fazly's Halal Refreshment is one of Colombo's most popular streetside haunts, known for their delicious, mayo dripping, affordable fare.



මේ සිද්ධිය වුණේ දැන් සුමාන දෙකකට වගේ උඩදී. කාලෙකට පස්සේ අපේ ඉස්කෝලේ ගැන්සියේ දෙතුන් දෙනෙක් සෙට්වුණා. හවස් වරුවේ RE.PUB.LK එකට ගිහින් ඩ්‍රින්ක් එකක් දාලා, වරුවක් විතර ගියාට පස්සේ තමයි අපට තද බඩගින්නක් ආවේ. අතේ ලොකු ගාණක් තිබුණෙත් නෑ. ඒ වුණාට අහස උසට බඩගින්න. ඔන්න ඔය වෙලාවේ මට මතක් වුණා නියම පොට් එකක්. ඒ මැලේ ස්ට්‍රීට් එකේ බර්ගර්ස් කිංග් එක.

තැන

ඔය 101 බස් පාරේ එන කෙනෙක්ට නම් බර්ගර්ස් කිංග් එක මඟ ඇරෙනවා බොරු. මොකද මැලේ ස්ට්‍රීට් එකට හැරෙනවත් එක්කමනේ තියෙන්නේ. කොටින් ම කිව්වොත් කොම්පඤ්ඤවීදියේ ඉස්ටේෂම ට පේන මානේ. ඉස්සර හැරෙන්නවත් ඉඩ නැති තරමට පොඩියට තිබුණට මොකද, දැන් තට්ටු දෙකක් ගහලා ජැන්ඩි පහයි. උඩ තට්ටුවේ තමයි වාඩිවෙන්න ඉඩ හදලා තියෙන්නේ. ඒසී දාලා නිසා ගිනි රස්නේ වුණත් ගාණක් නෑ. ඒ නැත්තන් ඒසී නැතුව බැල්කනියේ වාඩිවෙලත් කෑම කන්න පුළුවන්.

කෑම බීම

අපි කට්ටියත් එක්ක ගිහින් වාඩිවෙලා විනාඩියක් යන්න ඇති. මෙනුවකුත් ගත්ත සේවක මිත්‍රයෙක් අපේ ළඟ. බීෆ්, චිකන්වලින් වැඩ දාපු බර්ගර් පෝලිමක් මේ මෙනුවේ තිබුණා. ඒ විතරක්යැ, සබ්මැරීන්, බාබෙකියු, කෙබාබ් අනං මනං තොගයක් ම.

චිකන් කොර්ඩන් බ්ලූ බර්ගර් (රු.420) එකකුයි, බීෆ් බර්ගර් (රු.500) එකකුයි, තන්දූරි චිකන් කෙබාබ් (රු.460) එකකුයි ඕඩර් කරපු අපි ඊළඟට හෙව්වේ බොන්න තියෙන්නේ මොනවද කියලා.

“ස්ප්‍රයිට්, කෝක් දෙකම තියෙනවා සර්, මෙගා බෝතලයක් ම ගේන්නද?”

සේවක මිත්‍රයත් අපට ෆුල් සපෝර්ට්. බර්ගර් කද්දී ඉතින් කොකාකෝලා තරම් වෙන දෙයක් හරි යන්නේ නෑනේ. ඒ නිසා අපි එයින් එකකුත් ගත්තා.

තවත් විනාඩි දහයක් යන්න ඇති. රතට රතේ දිලිසි දිලිසි මේසෙට ආව චිකන් කෙබාබ් පිඟාන දැක්ක ම මගේ කටට කෙළ ඉනුවේ ඉබේටම.

ෂහ්! මේක නම් මරු ඈ! ඕනේ කියන කුළුබඩු සේරම දාලා හදපු තන්දූරි චිකන් රස මේ කෙබාබ් එකේ නියමෙට ම තිබුණා. මගේ පෙරේතකම කොච්චරද කිව්වොත්, පළමුවෙනි චිකන් කෑල්ලෙන් ම කට පුච්චගත්තා. ඒ තරමට රස්නෙන් මේක මේසෙට ආවේ. වෙන එකක් තියා ඉරට්ටේ ගහලා තිබුණු චිකන් කෑලිවලින් බලාගෙන ඉද්දී දුම් යන්නේ. මොනවා වුණත් මේක පට්ට. අහ්! තව පොඩ්ඩෙන් අමතක වෙනවා. ඔය පැත්තෙන් තියෙන දෙහි බාගෙත් මිරිකලා දාගෙන ම කන්න හොඳේ. ඒකෙන් රස ඩබල් වෙනවා.

චිකන් කොර්ඩන් බ්ලූ බර්ගර් එක සුපිරි. මේකේ තිබුණනේ තඩි පැටී එකක්. ළා ක්‍රිස්පි ගතියට හැපෙන මේ චිකන් පැටී එක ගොඩක් රසයි. බටර් එහෙම ගාලා ටෝස්ට් කරපු බර්ගර් බනිසත් එක්ක එකතු වෙලා ආවම තවත් ගති.

බීෆ් බර්ගර් එක ගැනත් කියන්න තියෙන්නේ එළකිරි කියලා තමයි. චීස් පෙත්තයි, පත බීෆ් පැටී එකයි, සෝස් තට්ටුවයි එකතුවෙලා එද්දී දිව්‍යලෝක රස!

සර්විස් එක

තරු පහේ හෝටල්වලවත් සමහර වෙලාවට හොයාගන්න ලැබෙන්නේ නැති ජාතියේ හොඳ සර්විස් එකක් අපට බර්ගර්ස් කිංග් එකේදී ලැබුණා. කාම ඕඩර් ගත්ත සේවක මිත්‍රයෝ ටික උඩට පහළට දුවන්නේ කඩියෝ වගේ.  අනික එයාල හරි ම සුහදශීලීයි.

අවසාන වශයෙන්

පොකට් එකට නොවැදී බඩ පුරවගන්න කියාපු තැන මේක. අනික රෑ එක වෙනකම් ඇරලනේ. ඔය නයිට් අවුට් වෙලාවට වුණත් යන්න පුළුවන්. ඒ විතරක්ද, ගෙදරට වෙලා මේ කෑම ගැන හිත හිත දුක් වෙන්න ඕනෙත් නැහැ. ඩිලිවරි තියෙන නිසා ගෙදරට ම මේ බර්ගර් ගෙන්නගන්නත් ඇහැකි.  


TIP

Get either the Charley or Cordon Bleu burger. Take-away recommended.

Address

1, Vellons Passage, Colombo 2

Directions

You'll find it right at the junction of Malay Street and Church Street, very near the Slave Island railway station.

Contacts

Website E-Mail

Report Inaccuracy

Open 5.00PM to 1.00AM

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Beef Chicken Burgers Submarines Shawarma

Cuisine

Fast Food

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3
Similar Places

See 41 Comments