Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

4/5

Fazly's Halal Refreshment

1, Vellons Passage, Colombo 2


Fazly's Halal Refreshment is one of Colombo's most popular streetside haunts, known for their delicious, mayo dripping, affordable fare.



සැඟවුණු සූපශාස්ත්‍ර මාණික්‍යවලට විශේෂයෙන්ම මේ කොළඹ පුරවරයේ සැඟවී සිටීම පහසු නැහැ. ඒවා ගැන කටකතා නගරයේ බෙල්ල කැඩෙන වේගයෙන් දුවන බස්වලටත් වඩා වේගයෙන් පැතිරෙනවා.

ෂුගර්, පිලාවුස්, සැන්විච් ෆැක්ටරි  ආදී ලොකු ආයතන ගැන වගේම බිත්තියේ සිදුරු වගේ පුංචි තැන් ගැනත් ඉක්මණින් ආරංචි පැතිරෙනවා. හැබැයි, ජනප්‍රියවීමත් සමගම ඒ තැන්වල තත්වය ගැනත් යම්, යම් ගැටලු ඇතිවෙනවා.

දිවයිනේ හොඳම බර්ගර් විකිණූ පුංචි කරත්තයකින් ආරමභවූ බර්ගර්ස් කිං දැන් ලොකු ආයතනයක්. ස්ථිර තැනක්, මුද්‍රිත මෙනුපතක් වගේම වෙබ්අඩවියකුත් එය සතුයි. විශේෂයෙන්ම රාත්‍රියේදී එය පාරිභෝගිකයන්ගෙන් පිරෙනවා.

Burger's King කියන ‍මෙහි නම ඇතැම්විට අනුකරණාත්මක අත්වැරැද්දක් හෝ හාස්‍යොත්පාදක එකක් වන්න පුළුවන්. වේගයෙන් දියුණුවන මේ ස්ථානයේ වර්ග 15ක පමණ බර්ගර් අලෙවියට තිබෙනවා. ඒවායේ ෂුගර්හි, සැන්විච් ෆැක්ටරිහි  වගේ සුවිශේෂ මතුපිට ඇතිරුම් නැහැ. ඒත්, හැම බර්ගර් එකකම හොඳ රසක් තිබෙනවා. ඒවා රසින් වගේම යුෂගතියෙනුත් පිරිලා. ඔවුන්ගේ හොඳම බර්ගර් හතරක් ගිලදැමීමෙන් පසුව අප තීරණය කළා ඒවා ඉතාම හොඳ බව. චාලි බර්ගර් (රු. 250) සහ කෝඩන් බ්ලූ (රු. 250) විශේෂයි. ඒවා මගහරින්න එපා. ඒවායේ මයොනීස් තැවරූ රසට හැපෙන චිකන් බ්‍රෙස්ට් කැබලි තිබෙනවා. මෘදු බනිස් ගෙඩිය තුළ බීෆ් බර්ගර්එකනම් හොඳ නැහැ.

කොම්පඤ්ඤවීදියේ නගර මධ්‍යයේ පිහිටි බර්ගර්ස් කිං එතරම් මනරම් ලෙස පිහිටා නැහැ. ඒ වගේම එය දිගුවේලාවක් රැඳි සිටිමින් ගන්නා භෝජනයකට සුදුසුත් නැහැ. යන එන අතරේ ගොඩවෙන්න‍ට හෝ කාරයට ගෙනැවිත් කන්නට එතැන හොඳයි.

බර්ගර් සඳහා ජනප්‍රිය ෂුගර් හා සැන්විච් ෆැක්ටරි වගේ තැන් ඒවායේ මුල් කාලේ අදට වඩා හොඳයි. ඒත්, බර්ගර්ස් කිං එහෙම නොවෙයි. එදා වගේම අදත් හොඳයි.

TIP

Get either the Charley or Cordon Bleu burger. Take-away recommended.

Address

1, Vellons Passage, Colombo 2

Directions

You'll find it right at the junction of Malay Street and Church Street, very near the Slave Island railway station.

Contacts

Website E-Mail

Report Inaccuracy

Open 5.00PM to 1.00AM

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Beef Chicken Burgers Submarines Shawarma

Cuisine

Fast Food

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3
Similar Places

See 41 Comments