Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

5/5

Café 1959

746, Galle Road off, Adamaly Place, Colombo 04


A hidden gem of a coffee house serving excellent coffee and desserts by Fig & Owl.



ගැස්රයිටීස් උත්සන්න වෙලා තියෙද්දි…

ගිහිල්ල ඔෆිස් එකෙන් වාඩිවුණා විතරයි. මෙන්න විශ්වි කියයි, “එහ්, අද දවල්ට කොෆි ප්ලේස් එකක් තියෙනව රිවිව් කරන්න. යමු ඈ... මාත් එක්ක”

මට නේද... බඩ නිකම් කොරවෙලා, සීතල වෙලා වගේ ගියේ. ඊටත්, එතකොටත් වෙලාව දහයට විතර ඇති උදේට කාලත් නෑ.

මොනව කරන්නද ඉතින්. පුළුවන් හනිහනික කෑම ටිකකුත් කාලා, වැඩ ටිකත් හැකි අයුරින් බැලන්ස් කරලා... නැග්ග වීල් එකේ... අර කිව්වත් වගේ, 12.30ට ම හොඳේ. නැගල හිටං... කෙලී...න්ම බම්බ හන්දියට. ගිහිල්ල ගොඩවුණේ ඔය, ‘රෝක්ස් කන්සෙප්ට් ස්ටෝර්’ කියල සුපිරි ඉන්ටීරියර් ඩියසිනින් ප්ලේස් එකකට. වැඩේ කියන්නෙ මම හිතුවෙ ඒක කැෆේ එක කියල. බැලින්නම් ඒකෙ නෙවෙයි, ඒක පිටිපස්සෙ තියන එකනෙ!

කොහොම හරි, අපි ඔන්න ස්ටෝර් එක මැදින් ගිහිල්ල ගත්ත පිවිසුමක් කැෆේ එකට.

ගත්තත්... ආයෙ, හදනල පිනා ගියේ ඈ... ඇයි අප්පේ... ඒකෙ ලස්සන. ඇතුලෙ තියෙන ඉන්ටීරියර්වලට දෙවනි නැති... සෝෆා, පුටු මේස, රාක්ක, ලයිට් අඩුමකුඩුම තොගයකින් හැඩවෙලා. අනික කිචන් එකත්, එසේ මෙසේ නෙවේ, කෙළින්ම තරු පන්තියෙන්.

ඒවා ඉතින් එච්චර කොලිටියට තියෙද්දි, කෑම ගැන මොන කතාද. 100%ක් විශ්වාස තියාගෙනමයි අපි ඕඩර් කලේ, ඇෆගාටෝ එකයි (රු. 650), කෝල්ඩ් ඩ්‍රිප් එකයි (රු. 485), කැපුචිනෝ එකයි (රු. 450). ඒකයි... ඩෙසට් එකට චොක්ලට් ටාර්ට් එකයි (රු. 500), බටර්ස්කොච් ක්‍රෙම් එකයි (රු. 650), චොක්ලට් මූස් කේක් එකයි (රු. 660).

ඕඩර් කරල ගිහින් හෙමින් සැරේ වාඩිවුණානෙ පොඩි සෝෆා එකකින්, ලස්සන පුංචි වීදුරු වේවැල් මේසයක් එහෙම මැද්දෙන් තියෙන. වාඩි වෙලා ඉතින්... කතාවකට මුල පිරුව විතරයි, මෙන්න එක පේළියට... කොෆි ටිකයි, ඩෙසට් ටිකයි, පුංචි පුංචි ප්ලේට් ටිකයි, හැඳි ගෑරුප්පු සියල්ලමයි මේසෙට...

ඉතින්... ඊට පස්සෙත් අපි අපේ කතාව දිගට ඇදගෙන යන්න?

හ්ම් සද්ද නෑ යාළු. මම ගත්ත ඇෆගාටෝ එක, විශ්වි කෝල්ඩ් ඩ්‍රිප් එක, දිනේශ් කැපුචිනෝ.

බලන්න එපැයි... තලු මර මර!

“ෂෑ..හ්” කියවුණේ...

ඇත්තටම කිව්වොත් මට. මොකද මම බීපු ඇෆගාටෝ එකේ රසට. කොටින්ම කියතොත් යාළු මතක්වෙද්දිත් කටට කෙල උනනව. ‘ම්.. නිකමට හිතන්නකො උණු උණු එස්ප්‍රෙසෝ ෂොට් එකකට වැනිලා, කිරි රස අනූන අයිස්ක්‍රීම් හැන්දක් දැම්මාම?’ වැඩිය ඕන නෑ. උගුරක් බිව්වාම ඇති, දවසම කට වටේ රස පවතී.

ඊටත් විශ්වි කිව්වෙ කැපුචිනෝ එකත් ඒ වගේමයි කියල. අර... කෝපි රස යට නොයන ගානට කිරි දාලා, සීනි අපිට දාගන්න දීලා... ෂැහ්, බලන්න එපැයි. අනික ඒක හදල තියෙන්නෙත් එයාලගෙ ම, හොඳම කෝපි එකකින් ‘දලයි ලාමා බ්ලෙන්ඩ්’ කියල.

ම්... දිනේෂ්ගෙ කෝල්ඩ් ඩ්‍රිප් එකත් හොඳටම හොඳයි ඈ. වැඩේ කියන්නෙ හැබැයි ඒක මුල දි ම වගේ බොන්න ඕන. මොකද නැත්නම් අන්තිම හරිය වෙද්දි අයිස්වල වතුර එකතු වෙලා රස පොඩ්ඩක් අඩු වෙනව. කොහොම වුණත් ඒක පැය 13කට කිට්ටුව පදම් කරලලු හදන්නෙ, හ්ම්...

ආහ්, ඒ අතරට විශේෂ දෙයක් කියන්න ඕන. මෙයාලා දෙන හැම කෝපි එකකටම විස්තර කාඩ් එකකුත් දෙනවනෙ. කෝපි හැදෙන්නෙ කොහෙද, එහේ කාලගුණය කොහොමද, පදම් කෙරෙන්නෙ කොහොමද..? විස්තර තොගයයි ඉතින්.

ම්.. කෝපිවලින් පස්සෙ අපි බැස්සෙ ඩෙසට්වලට. ඒකෙත් ඉස්ඉස්සෙල්ලාම මම මූස් කේක් එකට!

ආයෙ ඉතින් බැස්ස බැස්සත් හරි. කටයි දෙකයි කෑවේ.. ‘මට සිහින මැවුණෙ’.

ඒ චොකලට්.. රස! මෘදු ගතිය. පැණිරස, ක්‍රීම් ගතියෙ අඩුවක් පාඩුවක් නැතිබව. ඒ මදිවට ළාවට එන කෝපි රසකුත්.

හිතන්නකෝ.. එහෙම රස වෙලා, සැරට පදමට තියෙන්න ‘කොග්නැක්’ ෂොට් එකකුත් එකතු වෙලා කිව්වාම?

කටක් දෙකක් නෙවෙයි.. ඒකෙන් දෙකක් තුනක් වුණත්.. ගේමක් නෑ..!

හැබැයි... චොක්ලට් ටාර්ට් එක නම් මට එච්චර සෙට්වුණේ නෑ. විශ්විටයි, දිනෙෂ්ටයි නම් හොඳයි කිව්ව. මට වුණේ ඒකෙ තිබ්බ මොකක්දෝ ළා පළතුරු වගේ රසක්. බ්ලැක්බෙරිවත්ද මන්දා. අන්න ඒක හරි ගියේ නෑ. ඒත්... වැඩේ කියන්නෙ, පස්සෙ බලද්දි ටාර්ට් එකේ එහෙම මුකුත් නෑ කියන්නකො. අනේ මන්දා මටත් පිස්සු වගේ ඒක දැනගත්තාම.

ම්.. අවංකවම කිව්වොත් ඉතින් බටර්ස්කොච් එකෙන් නම් මම එක කටයි කෑවෙ. ඒකත් රස බලන්න.

හොඳයි... ඇත්තටම. බටර් ස්කොෂ් රස වගේම ක්‍රීම් ගතියත් හොඳ හැටියටම තියෙනව. ඒත්... බටර්ස්කොච්, කැරමල් ආස කෙනෙක්ට ම තමයි දෙන්න ඕන, ඕ…

ඒ හැරුණාම ඉතින්...

ආයෙ මොනවත් කන්න බෑනෙ. කොෆි, ඩෙසට්වලටම බඩ පිරිලනෙ. ඉතින් අපි ආවා.. හරීම සතුටින්.

කොටින්ම කිව්වොත් සන්තෝසෙ කියන්නෙ, විශ්විට පාරට ආවට පස්සෙ තමයි මතක් වුණේ.. ‘බොලේ වාහනයක් දැම්මෙ නෑනෙ’ කියල..!


Similar Places

User Reviews
S
1

5/5

0

SG

Excellent coffee. The butterscotch pudding was truly lovely and tasted of butterscotch!! Very good service and lovely place to relax.

S
1

5/5

0

SG

Excellent coffee. The butterscotch pudding was truly lovely and tasted of butterscotch!! Very good service and lovely place to relax.

See 4 Comments